ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර හදිසි හමුවීමක් අද (30) සවස පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සෙනසුරාදා (29) සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සියොල් නගරයට ගිය අතර එහිදී මෙම හදිසි තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ජී-20 සමුළුවෙන් පසුව ට්‍රම්ප් දකුණු කොරියාවේ සංචාරය කළේය.
හදිසි හමුව උතුරු දකුණු කොරියා මායිමේ පිහිටි යුද මුක්ත කලාපයේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි ට්‍රම්ප් මහතා පවසයි.
සැලසුම් කර ඇති පරිදි දෙරටේ නායකයින් හමුවුවහොත් එය වසරක් තුළ පැවැත්වුණ තෙවැනි හමුව වනු ඇත. වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වුණු දෙවන සාකච්ඡා වටය එකඟතාවයකින් තොරව අවසන් විය.
කෙසේ වුවද මෙම හමුව සම්බන්ධව උතුරු කොරියාව කිසිම නිවේදනයක් නිකුත් කර නැතැයි ද වාර්තා වේ.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
අහුවෙන්න එපා ගැටවලට... තමන්ගේ අවශ්‍යතාවය ඉස්සෙල්ලාම ඉෂ්ට කරන්න කියන්න. අරයා හදන්නේ එයා විතරක් මේලෝකේ ඉන්න. අනිකාට හෙණ ගැහුවත් මෑන්ස්ට කමක් නැහැ. මෑන්ස් හදන්නේ ලොකු ටෝක් දාලා වීරයා වෙන්න..