කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ.
ජර්මනිය වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි.
කෙසේ නමුත් ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස්වීමට නියමිතව තිබේ.
සම අයිතිවාසිකම් ඉල්ලමින් ජර්මනිය තුළ පසුගිය කාලයේදී උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වුණු අතර ඒවායේ වර්ධනයක් ද දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ සිට සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබෙන අලෙවි බදු ඉවත් කිරීමට ජර්මානු පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට සියලුම සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බද්ද සියයට 19කින් (සුඛෝපභෝගී භාණ්ඩ සඳහා) සහ සියයට 7කින් (දෛනික අවශ්‍යතා අනුපාතය මත) බදු අඩු කිරීමට නියමිතය.
“මෙය විශිෂ්ට තීරණයක්, අපි සාර්ථක වුණා. ඒ වගේම කාන්තාවන්ට වෙනස් කර නොසලකන බදු පද්ධතියක් ඇති කරගැනීමේ වැදගත් පියවරක්” යැයි ඡන්ද විමසීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජර්මනියේ ‘ද ග්‍රීන්ස්’ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලිසා පවුස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය
“බොහෝ කාන්තාවන් මේ වෙනුවෙන් සටන් කළා. අපි දැන් එය යථාර්ථයක් කරනවා. මේ වියදම් දරන්නේ කාන්තාවෝ” යැයි පසුගිය මාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජර්මනියේ මුදල් අමාත්‍ය ඔලාෆ් ෂොල්ස් පැවැසීය.
නනා යොසෆින් රොලොෆ් සහ යසිමින් කොට්‍රා යන ක්‍රියාකාරිනියන් දෙදෙනා මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් සටන් වැදුණු අතර මෙම තීරණය ඔවුන් දෙදෙනා ලැබූ විජයග්‍රහණයක් යැයි ද සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දී තිබිණි.
ඔවුන් දෙදෙනා සනීපාරක්ෂක තුවා මත තිබෙන බදු අඩු කරන්නැයි ඉල්ලමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ද ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරුණි. පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්විණි. එම අන්තර්ජාල පෙත්සමට අත්සන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණි.
එම පෙත්සම නීති වෙනස් කිරීමට මඟ පෑදු බව ජර්මනියේ මුදල් අමාත්‍යවරයා මේ වසර මුලදී රොලොෆ්ට පවසා තිබිණි. සිය ජීවිත කාලය තුළ දී කාන්තාවක් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා කොතරම් මුදලක් වියදම් කරනවාද යන්න ගණනය කිරීම දුෂ්කරය. පසුගිය වසරේදී ලන්ඩනයේ දී නිකුත් කෙරුණු වාර්තාවකට අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ජීවත්වන කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී බැහැර කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන (ඔසප්වීමට සම්බන්ධ) මත කරන වියදම ස්ටාර්ලිං පවුම් 2,280ක් (ඇමෙරිකානු ඩොලර් 2,945ක් ආසන්න වශයෙන් රුපියල් 531,600ක්) යැයි ඇස්තමේන්තු කර තිබිණි. යට ඇඳුම් සඳහා කරන වියදම්, වේදනා නාශක සඳහා කරන වියදම්, ඔසප් වීම නිසා පාසලට හෝ රැකියාවට යෑමට නොහැකි වීම නිසා සිදුවන පාඩු යනාදිය එහිදි සැලකිල්ලට ගෙන නොතිබිණි.
“මේ සියල්ලමේ බර, වියදම, වේදනාව ආදී සියල්ලම දරන්නට සිදුව තිබෙන්නේ කාන්තාවන්ට. ඔසප්වීම කාන්තාවන්ට සැප පහසු දෙයක් නෙමෙයි” රොලොෆ් සී.එන්.එන් පුවත් සේවයට කීවාය.
සී.එන්.එන්. ඇසුරිනි
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමක් කියන්න කලින් සංජීවනීගෙන් අහලා ඉඳිමු.
ලිං මැඩියෝ ඔක්කොම ඉන්නේ පොහොට්ටුවේ...
සජිත් මහතාගෙන් ඉගෙන ගත්තා වෙන්න බැරිද? ජර්මනියේ කාන්තාවන්ට ඔවුන්ගේ සනීපාරක්ෂාව වැදගත් වුවත් ලංකාවේ කාන්තාවන්ට සනීපාරක්ෂාව වැදගත්දැයි 16 දිනෙන් පසුව බලමු...
සජිත්ට සෑහෙන ප්‍රසිද්ධියක් ජර්මනියේ තියෙනවද අම්මපා...? දන්නේ නැති හින්දයි අහන්නේ...
අපේ රටේ කාන්තාවෝ මෝඩවත්, පණ්ඩිතවත් නැත. සංජීවනී වගේ අයට අනුකම්පා කරන්න වෙනවා...
ඕක මොකක්ද?
විශිෂ්ට තීන්දුවක්... සජිත් නැවත තැවතත් සංවේදී බව තහවුරු වෙනවා..
මම ඡීවත්වන්නේ ජර්මනියේයි. නමුත මා උපන් රටට තදින්ම ආදරය කරමි. අපේ රට හා ඡීවත්වන මිනිසුන් ගැන අතිශයින්ම කණගාටු වෙමි. ලොකයේම වාසනාවන්ත රට අපේ මව්රට නිසා මෙය ආරක්ෂා කිරීම අපේ යුතුකම යයි විශ්වාස කරමි.
පොහොසත් රටක් වන ජර්මනිය ඕවා නිකන් දෙනවා කියල කිව්වේ නෑ.
සජිත් නිකන්ම මතක් වෙනවා..
මේක කාලෙකට කලින් ජර්මන් වල කතා වූ දෙයක්. මට මතකයි මාස 5 ට කලින් වගේ මේ ගැන ලිපියක් කියෙව්වා. සජිත්ගේ vote developing team එකටත් මේක සෙට් වෙන්න ඇති...