IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දීය විදේශ ඇමැති සිංගප්පූරු සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා, සිංගප්පූරු අගමැති ලී සියැන්ග් ලූන්ග් මහතා හමුවී දෙරටට බලාපන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුවේදී නායකයෝ දෙදෙනා “නිව් ඉන්දියා” ව්‍යාපෘතිය මගින් ලබාදෙන අවස්ථා මෙන්ම දෙරටේ අතර සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගත්හ. ඊට අමතරව වත්මන් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් ද දෙදෙනා අදහස් හුවමාරු කරගත්හ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ තවත් දූත පිරිසක් ද සිංගප්පූරු සංචාරයට එක්ව සිටිති.

සිංගප්පූරු සංචාරයේ යෙදී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට නියෝජ්‍ය අගමැති හෙන්ග් ස්වී කීට්, ආරක්ෂක අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.

මෙම සංචාරය අතරවාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් ද මුණ ගැසුණි. එහිදි 6 වැනි ඒකාබද්ධ අමාත්‍ය කොමිසමේ සම සභාපතීත්වය ද හෙඹවිය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය චන් දුන් සින්ග් ද මුණ ගැසී වෙළෙඳාම හා ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

සිංගප්පූරුවේ පැවැති ඉන්දීය-සිංගප්පූරු ව්‍යාපාරික සහ නවෝත්පාදන සමුළුවට ද විදේශ අමාත්‍ය ජයිෂංකර් විය.

ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රධානත්වයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුමක් යෝජනා වී තිබෙන අතර කලාපීය සහයෝගීතා ආර්ථික සහභාගීත්ව ගිවිසුම (ආර්.සි.ඊ.පී) යනුවෙන් එය නම් කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයේදී යෝජිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.

රටවල් 16ක් අතර මෙම ගිවිසුම සාකච්ඡා වෙමින් තිබෙන අතර ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය මෙම ගිවිසුමේ වෙළෙඳ පාර්ශවකරුවන් බවට පත්ව සිටිති. බෲනේ, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය එහි අනෙකුත් පාර්ශවකාර රටවල්ය. 

ද හින්දු ඇසුරිනි 

055

 



අදහස් (0)

ඉන්දීය විදේශ ඇමැති සිංගප්පූරු සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site