ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජීර්ස් නගරයේ පැවැත්වුනු සංගීත ප්‍රසංගය දී සිදුවූ කලබලයක් හේතුවෙන් පස්දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රසංගය නැරඹීම සඳහා දහස් ගණනක් පිරිස් පැමිණ සිටි බවත් පිවිසීමේ දොරටුවක් අසල ඇතිවූ කලබලයක් හේතුවෙන් අනතුර සිදුවූ බවත් පොලිසිය පවසයි.

සූල්කිංග් ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ රැප් ගායකයා වේදිකාවේ ගීතයක් ගයමින් සිටින අවස්ථාවේ මෙම කලබලය ඇතිවී තිබේ.

මියගිය සියලුදෙනා තරුණ වයසේ පසුවන අය බවත් ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බවත් සඳහන් වේ.

සිද්ධිය පිළිබඳ වැඩි විස්තර මාධ්‍යයට නිකුත් කර නොමැත.

(බීබීසී ඇසුරිණි - 085)