අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ පුත්‍රයා මරුමුවට පත්ව ඇතැයි ම සංවිධානය සඳහන් කරයි.සිරියාවේ සිටින ජිහාද්වරුන් වෙනුවෙන් සටන් වදිමින් සිටියදී ඔහු එලෙස මරුමුවට පත්ව ඇත.
අයි.එස් සංවිධානයේ මහ මොළකරු ලෙස සැලකෙන අබු බකර් අල් බැග්ඩෑඞ් දරුවන් පස් දෙනකුගේ පියා ලෙස හැඳින්වෙන අතර මියගොස් ඇත්තේ හුදෆයාහ් අල් බද්රි යනුවෙන් හැඳින්වුණු ඔහුගේ එක් පුතෙකි. සිරියාවේ හෝම්ස් පළාතේ තාප බලාගාරයක් වෙත කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවකදී බද්රි මියගොස් ඇතැයි අයි.එස්.අයි.එස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘නුසේරියාහ්’ සහ රුසියානුවන්ට එරෙහිව කෙරුණු මෙහෙයුමකදී අල් බද්රි මියගිය බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වුණු අතර රයිෆලයක අත තබාගෙන සිටි තරුණයකුගේ ඡායාරූපයක් ද නිවේදනයේ දැක්විණි.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ‘ඇලවයිට්’ ආගමික සුළුතර කොටස හැඳින්වීමට අයි.එස් සංවිධානය භාවිත කරන නම ‘නුසේරියාහ්’ යන්නයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd