ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ආවරණය වන පරිදි වැඩමුළු දෙකක් පසුගියදා රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය හා ගලෙන්බිඳුණු වැව මිහින්තලා මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවත්වුණු මෙම වැඩමුළුව අදාළ කලාප දෙක නියෝජනය කරමින් සිසුන් 800කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස සහභාගි වූහ. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, අනුරාධපුර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පාලන හා මානව ශාස්ත්‍ර) එම්. කරුණාරත්න යන මහත්වරුද අනුරාධපුර දිස්ත්‍රික් අධ්‍යාපන කලාපවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ පාසල්වල විදුහල්පතිවරු මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.
වැඩමුළුව අවසානයේ සියලුම සිසුන් වෙනුවෙන් සහතික පත්‍රයක් හා පාසල්වල පුස්තකාල වෙනුවෙන් වටිනා ප්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් කටයුතු කරන ලදී.
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද
‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුරාධපුරය දිස්ත්‍රික් පාසල් මාධ්‍ය වැඩමුළුවදා