IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගල්ලෙනක ජීවත් ​ෙවන දරු පවුලක්

 

ගල්ලෙන් තුළ ජීවත් වූ අතීත මානවයන් පිළිබඳව ඉතා වැදගත් සාක්ෂි සමූහයක්ම සැපයූවේ බළංගොඩ ආශ්‍රිත කලාපයෙනි. අතීත මානවයන්ගේ ජීවන රටාවන් ගෙවී ගියේ එකී ගල් ලෙන් තුළමයි. ක්‍රමයෙන් ගොවියන් බවට පරිවර්තනය වූ අතීත දඩයක්කාරයා ගල්ලෙන් අතහැර පහත් බිම්වල සිය වාස තනන්නට පටන් ගත්තේ ඒ අතීතය පොළෝ තලයට යටකර දමමිනි. වර්තමානය වන විට ලොව ජීවත් වීමට සුදුසුම නගර දහයෙන් එකක් සේ සලකන බළංගොඩ පුරවරයේ මේ දරු පවුල වසර ගණනාවක සිට ගල්ලෙනක ජීවත් වන්නේ සම්ප්‍රදාය රැකීමටවත් ජීවත්වීමට සුදුසු නිසාවත් නොවේ. වෙන කළ යුතු යමක් නොවූ නිසාවෙනි.   


බළංගොඩ වලේබොඩ ග්‍රාමයේ එගොඩවලේබොඩ වසමේ පහළහේන ප්‍රදේශයේ නිවාස කීපයක්ම තිබෙනුයේ නාය යාමේ අර්ධ අවදානම් ප්‍රදේශ තුළයි. ගොවිතැන සහ කුලී වැඩ සිය ජීවන වෘත්තිය කරගත් පී.කේ. විජිත නන්දසිරි සිය දරු පවුල සමගින් කටුමැටි ගෙපැලක ජීවත් වූයේ අනාගතය පිළිබඳව දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙනයි. එහෙත් 2015 වසරේදී නිවස මතට ගසක් කඩා වැටීම නිසා සිය දරු පවුලට යන එන මගක් නැති විය.


‘‘ගහක් කඩා වැටිලා ගේ විනාශ වුණා. මටයි ම​ෙග් දරු පවුලටයි යන්න එන්න තැනක් නැති වුණා. අලුතින් කටුමැටි පැලක් වත් හදා ගන්න අපිට ආදායමක් තිබුණේ නැහැ. මේ ගැන ඉන්න සෑම බලධාරියකුටම දැනුම් දුන්නත් කිසිම සෙතක් වුණේ නැහැ. අපි හිටිය තැනත් අර්ධ අවදානම් කලාපයක් කියලා නම් කරපු තැනක්. එතන ගෙපැලක් හදන්න බයයි. වටේම කඳු. කොයි වෙලාවේ පස් කන්දක් කඩා වැටෙයි ද කියලා බයයි. මටයි මගේ බිරිඳටයි දරුවන් දෙන්නටයි යන එන මඟක් නැති නිසා අපිට තිබුණ මේ හවුල් කුඹුර අයිනේ ගල් ගේ සුද්ද කරගෙන මෙතන පදිංචියට ඇවිත් දැන් අවුරුදු දෙකක් වෙනවා.’’ අතීත මානවයාගෙන් පසුව නූතන මානවයාගේ ලෙන් ජීවිතයේ පුනරාගමනය විජිත නන්දසිරි පැවැසුවේ එලෙසිනි.   

 

පාසල් යන වියේ පසුවන දරුවන් දෙදෙනෙකු සමග මේ පවුල ගෙවන ජීවිතයේ කිසිදු ආරක්ෂාවක් නොපෙනේ. පාසල් යන දරුවන්ට පොතක් පතක් තබා ගැනීමට, නිදා ගැනීමට පවා කිසිදු පහසුකමක් මේ ගල් ගුහාව තුළ නොපෙණේ.   


​ෙම් සා දුෂ්කරතා මැද වුවද එළඹුණ නව වසරේදී කටට රසට කෑම වේලක් උයා පිහා ගැනීමට වුවද මේ පවුලේ අයට නිසි ආදායම් මඟක් නොමැත. ඔවුන්ට කර කියා ගැනීමට කිසිදු දෙයක් නොමැති නිසාම මෙම ගල්ලෙනෙහි දිවි ගෙවනවා හැර වෙනත් කිසිදු කැමැත්තකින් නොවේ.   


විජිත නන්දසිරිගේ බිරිඳ පුෂ්පා දමයන්ති ද සිය දරුවන් සමග ගෙවන ජීවිතය පිළිබඳව මෙසේ පැවසුවාය.   


‘‘අපි කලින් පදිංචි වෙලා හිටිය තැන ගෙය කඩා වැටුණා. ඒ පැත්ත අර්ධ නාය යාමේ ප්‍රදේශයක් කියලා අපිට ලියුම් එවලා තියෙනවා. අපේ දරුවෝ දෙන්නම පාසල් යනවා. මේ ඉන්න තැන කිසිම ආරක්ෂාවක් නැහැ. ඉටිරෙදි වලින් වටකරගෙන හිටියත් වැස්ස වෙලාවට තෙමෙනවා. ගුහාව ඇතළටම වතුර ගල දිගේ බේරිලා එනවා. අව්වටත් කරවෙනවා. ලාම්පු පත්තු කළත් හුළඟට නිවිලා යනවා. මහ රෑ නිදාගන්නෙත් බයේ. සත්තු සර්පයෝ පවා ඇතුළට එනවා. මහත්තය ලැබෙන කුලී වැඩකින් කීයක් හරි ගන්නවා.

තේ පැළ ටිකකුත් ති​ෙයනවා. ඒ පුංචි ආදායම අපිට ගෙපැලක් හදා ගන්න තියා දරුවෝ දෙන්නට පොත් පත් අරන් දෙන්නවත් මදි. මේ දරුවන් දෙන්නත් හැම වෙලාවෙම අඬමින් අහනවා අපි ගෙදරකට යන්නේ කවද්ද කියලා.   


අපේ දරුවෝ ටික ටික ලොකු වෙනවා. එයාලටත් පාසල් ගියාම ඒ සමාජයත් එක්ක ගැටෙනකොට ඒ දරුවො ගෙවල් දොරවල් ගැන කතා කරන කොට අපේ දරුවෝ හුඟාක් අසරණ වෙනවා. අපිට අවදානම් නැති තැනක ඉඩම් කෑල්ලක් ලබා දීලා නිවසක් ලබා දෙන්න කියලා සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා.’’  

 

විජිත නන්දසිරිගේ පවුලේ ගැටලුව පිළිබඳව බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එච්. බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි.   


‘‘මේ ගල්ලෙනෙහි පදිංචි අයගේ නිවස කඩාවැටුණට පස්සේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් රුපියල් අසූ පන් දහසක මුදලක් නිර්දේශ කළත් ජාතික රක්ෂණ බාර අරමුදලෙන් ලැබුණේ රුපියල් පනස් දාහසක මුදලක්. මේ ප්‍රදේශ දැනට මධ්‍ය අවදානම් කලාප ලෙස තමයි හඳුනා ගෙන තියෙන්නේ. ඒ ප්‍රදේශවල අයට ඉඩම් හෝ නිවාස ලබා දීමට හැකියාවක් නැහැ. අධික වර්ෂාව පවතින අවස්ථාවලදී නිවෙස් වලින් ඉවත් වී වෙනත් ආරක්ෂාකාරී නි​ෙවස්වලට යන්න කියලා උපදෙස් දීලා තියනවා.

ඔය කියන පවුල සඳහා කූඩාරමක් ලබා දීමට අප කටයුතු කළා. නමුත් ඒක ගන්නවත් ඔහු කාර්යාලයට ආවේ නැහැ. කොහොම වුණත් අපේ නිලධාරීන් මේ ප්‍ර​ෙද්ශය පිළිබඳව අවධානයෙන් ඉන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව ලැබුණ විගස මේ අයට රජය මගින් කරන්න හැකි උපරිම සහ​යෝගය ලබා දීමට පියවර ගන්නවා.’’   

 

 

සීමා නිර්ණයන් සේම අදාළ චක්‍රලේඛනයන්ට අනුකූලව රජය පැත්තෙන් ගන්නා පියවරයන් ගැනීමට එකී පාර්ශවයන්ට ඉඩ හසර තබා සීමා නිර්ණයක් නොමැති ලාංකීය සංවේදී ජනතාවට මේ අසරණ පවුල වෙනුවෙන් කළ කිය හැකි දේ බොහෝය. ඒ පිළිබඳව සංවේදී ඔබගේ අවධානය මේ අවුරුදු සමයේ ඔවුන් වෙනුවෙත් යොමු කර මේ ලෙන් දොර බිඳ මේ දරු පවුල ඉදිරියට ගැනීමට බාර කරමු.   


0775053731 යන දුරකථන අංකයට මේ පවුලේ අය ඇමැතීමෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පිහිටවීමෙන් හෝ මේ අයට නිවසක් සාදා දීමට හෝ ශක්තියක් වීමට පිළිවන.   

 

 

 

 

 


ඡායාරූප හා සටහන
වැලිගෙපල චාමින්ද දිසානායක බළංගොඩ විශේෂ සරත් වීරවංශ රාස්සගල සම්පත් ප්‍රියනන්දන



අදහස් (0)

ගල්ලෙනක ජීවත් ​ෙවන දරු පවුලක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3751 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site