IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින් වැටිලා

ඉන්දියාවේ ගුර්ගාඔන් ප‍්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ කිලෝ 12ක් පමණ බරැති නිල් පැහැති අයිස් බෝලයක් අහසින් පතිත විය. මහා හඬක් නඟමින් පොළොවට පතිත වූ එම අයිස් බෝලය දුටු ඇතැම් ගම්වැසියන් සිතුවේ එය පිට සක්වළ ජීවීන්ගේ සුවිශේෂී වස්තුවක් ලෙසිනි. තවත් පිරිසකගේ මතය වූයේ එය දෙවියන්ගේ ශුද්ධ වස්තුවක් බවටය. එම ස්ථානයට රොක් වූ ගැමියෝ අයිස් බෝලයෙන් කැබලි කඩාගෙන තම නිවෙස්වලට රැගෙන ගියහ. තමන්ට ලැබුණු ශුද්ධ වස්තුවේ කැබලි ඇඳුම් අල්මාරිවල හෝ නැතිනම් වෙනත් ස්ථානයක හෝ ආරක්ෂිතව තබා ගන්නට ඔවුහු පියවර ගත්හ.   


කෙසේ නමුදු අහසින් වැටුණු වස්තුවේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා යොමු කෙරිණි. ඉන්දියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනිවාර්යයෙන්ම එය ආකාශ වස්තුවක් නොවන බවටය. අවසානයේ අයිස් කුට්ටිය කුමක්දැයි හඳුනා ගැනිණි. එය ගුවන් යානයකින් ඇද වැටුණු මිනිස් අසූචි ගුළියක් බවට අනාවරණ විය. ගුවන් යානයෙන් පිටතට ඇද වැටීමේදී ඒවා ඉහළ අහසේදී අයිස් කුට්ටියක් බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් ගුවන් යානාවල මිනිස් අසූචි තැන්පත් වනුයේ විශේෂ ටැංකියකය. ඇතැම් අවස්ථාවන්හි ඒවා කාන්දුවීමට ඉඩ තිබේ. ෆසිල්පූර් බද්ලි ගම්මානයට පතිත වී ඇත්තේ එ​ෙලස කාන්දු වූ මිනිස් අසූචිය. 2016 වසරේද මෙවැනි සිදුවීමකින් 60 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් තුවාල ලැබුවාය.   


ගුවන් යානා සමාගම් යානාවලින් කාන්දුවන මිනිස් අසූචි හඳුන්වනුයේ ‘නිල් අයිස්’ නමිනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ සහ ඉන්දියානු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර තිබේ.   


2015 වසරේ මෙවැනි සිදුවීමක් නිසා තම නිවෙසේ වහලයට අලාභහානි සිදු වූ බවට බ්‍රිතාන්‍ය යුවලක් චෝදනා කර තිබේ. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ වසරකට ගුවන් යානා මිලියන 2.5ක් පමණ සංඛ්‍යාවක් ගමන් ගන්නා බවත් ඒවායින් වසරකට නිල් අයිස් කැට 25ක් පමණ (කාන්දු වන මිනිස් අසූචි කුට්ටි) පතිත වන බවත් වාර්තා වේ.

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින් වැටිලා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3750 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site