තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීමට බලපාන ලද සාධක අතර බලවත්ම සාධකය ලෙස සලකනු ලබන්නේ න්‍යෂ්ටික බලතුලනයයි. ඇමෙරිකාව ප්‍රධාන ධනවාදී කඳවුරත්. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාව ප්‍රධාන කරගත් සමාජවාදී කඳවුරත් තරගකාරී ලෙස න්‍යෂ්ඨික අවි නිෂ්පාදනයට පොළොව අභ්‍යන්තරයේ මෙන්ම ගැඹුරු මුහුදේද පර්​ෙ‌ය්ෂණ සිදු කරන ලදී. මෙම දෙපාර්ශ්වය විසින් නවීන ආයුද භාවිත කොට යුද්ධයකට ප්‍රවේශ වුවහොත් එයින් විනාශ වෙන්නේ මිහිපිට ජීවත්වන මනුෂ්‍ය වර්ගයා ප්‍රමුඛ කරගත් සත්ව කොට්ඨාසය​න්ය. එබැවින් දෙපාර්ශ්වයම යුද්ධයට ප්‍රවේශවීමෙන් වැළකී සිටිති.   


එහෙත් මේ පසුබිම අභ්‍යන්තරයේ වෙළෙඳපොළෙන් සතුරු රාජ්‍ය ඉවත් කිරීම සඳහාත්, ජාත්‍යන්තරව වෙළෙඳපොළ කොල්ලකා ගැනීම සඳහාත් විවිධාකාර වෙළෙඳ ගිවිසුම් නැතහොත් වෙළෙඳ උපක්‍රම භාවිත කරනු ලැබේ. මෙහිදී වෙළෙඳ දැන්වීම් උපයෝගී කරගෙන මාධ්‍ය මගින් සිදු කරන තරගය වෙළෙඳපොළ කොල්ලකෑම සඳහා ඇති කරන ප්‍රබල යුද්ධයක් බවට පත් වී තිබේ.   


පසුගිය දස වසර තුළ ආර්ථික වශයෙන් සිදු කරන නිෂ්පාදන ශක්තියේ වර්ධනයත්. තාක්ෂණ දියුණුව සමඟ ඇති වුණ නව නිපැයුම්වල වේගයත් නිසා ආහාර හා පරිභෝජන භාණ්ඩවල සංවර්ධනයක් පෙන්වා දෙන ලදී. මෙහි ප්‍රයෝජනයට ගත් ජනතාවගේ කැපවීම සහ වේගවත්ව වැඩ කිරීමත්, රාජ්‍ය නායකයින්ගේ කැපවීම සහ සැලසුම් සාර්ථක කර ගැනීමට නොකඩවා දරණ උත්සාහයත් නිසා චීනයේ සංවර්ධන වේගය ඉහළ අංකයක් ගත්තේය. බොහෝ ආසියානු හා අප්‍රිකානු රටවල් චීන භාණ්ඩ පරිභෝජනයට යොමුවිය. වසා දමා තිබූ ජනෙල් පියන්පත් විවෘත විය. පෙරදිගින් ආ සුළඟ චීනයට ඇතුළු වූ අතර චීනයේ නිපදවන නියපොතු කපන කතුරේ සිට මහා දොඹකරය දක්වා සියලුම භාණ්ඩ සඳහා ඇති වූ ඉල්ලුම පියවීම සඳහා චීන ජනතාව සමඟ රාජ්‍ය නායකයන් කොමියුනිස්ට් පක්ෂයේ විනය සමඟ ඉදිරියට ගියේ අහස උසට නැගුණු ගොඩනැගිලි සමඟ ඔවුන්ගේ පාරම්පරික වූද ඓතිහාසික වූද අභිමානය සමඟ දේශීය සංස්කෘතිය ආරක්ෂාකර ගනිමින්ය. 

 
ආයුධ බලයෙන් රටවල් යටත් කරගෙන යටත් විජිත කොල්ලකෑ යුරෝපයේ ධනවත් රටවල් ආසියාවේ සියලුම රටවල් යටත් කරගත්හ.   


මහා පවුර විසින් චීනයේ ගිණිකොණ හා උතුරු මායිම ආරක්ෂා කරන ලදී. බටහිර වෙරළින් හා දකුණුදිග වෙරළ ප්‍රදේශවලින් චීනයට ඇතුළු වූ ප්‍රංශය චීනය පරාජයට පත් කිරීම සඳහා ඉතා අමානුෂික උපක්‍රම උපයෝගී කරගත්හ.   


චීන ජනතාව ශාරීරික වශයෙන්ද බුද්ධිමය වශයෙන්ද, විනාශ කිරීම සඳහා යුරෝපය භාවිත කළ උපක්‍රමය නම් අබිං පානය කිරීම සඳහා චීන ජනතාව පෙලඹවීමය. මානසික ශක්තියෙන් මෙන්ම කායික වශයෙන්ද අබිං පානය කළ චීන ජනතාව දුර්වල විය. දීර්ඝ කාලයක් අබිං පානය කළ ස්ත්‍රීහු මෙන්ම පුරුෂ පක්ෂයද අඩු ආයුෂ භුක්ති විඳ මරණයට පත්වූහ. හොර රහසේ සඟවාගත් අබිං හෙප්පුවද තුවක්කුවද අතින්ගත් චීන ජනතාව ප්‍රංශ හමුද‌ාවට විරුද්ධව සටන් වැදුණහ. අබිං පානය නිසා සිදුවන විනාශය තේරුම් ගත් චීන පාලන පක්ෂය අබිං වෙළෙඳාමත්, අබිං පානය කිරීමත් තහනම් කරන ලදී. චීන ජනතාවට විමුක්තිය ලබා දුන් විප්ලවීය නායකයා වූ ‘මා ඕ සේතුං’ අබිං පානය කරන්නන්ට මරණ දඬුවම නියම කළේය.   


දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූයේ යුරෝපයේ වුවද එහි බලපෑම ආසියාවට ප්‍රබල ලෙස දැනුණේ ජපානය මැදිහත් වීමෙන් පසුවය. ජපන් හමුද‌ාව චීනය යටත් කර ගැනීමට උත්සාහ කළේය. ඒ සමඟම නැගෙනහිර වෙරළින්ද ගුවනින්ද චීනයට ඇතුළු වූ ජපන් හමුද‌ා කාණ්ඩ චීන ජනතාව බිය ගන්වමින්, දේපළ විනාශ කරමින් ඇතැම් චීන ජන කොටස් පරාජය කරමින් නැගෙනහිර චීනයේ විශාල භූමි ප්‍රදේශයක් යටත් කර ගෙන සිටියේය. මෙම කාලයේදී ජපාන හමුද‌ාව විසින් සිදු කරන ලද යුද අපරාධ රැසක් වාර්තා විය. තුවක්කු සහ බෝම්බ උපයෝගී කර ගෙන මිනිසුන් මරා දමන ලදී. ජපන් හමුද‌ාව ඉතා කෲර ලෙස කඩුවලින් කපා මිනිසුන් මරා දමන ලද්දේ යටත් වූ ජනතාවය.   


තෝරාගත් ස්ථානවලට ගුවන්යානා මගින් පහර දීමට ජපන් හමුද‌ාවට විශේෂ පුහුණුවක් ලබා තිබිණ.   
දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය විසින් සිදු කරන ලද ගිනි තැබීම්, ස්ත්‍රී දූෂණ, මිනිස් ඝාතන, කොල්ල කෑම් හා විශේෂයෙන් යුද අපරාධ පිළිබඳව නඩු විභාගයක් පවත්වන ලදී. මෙම නඩු විභාගය ආරම්භ වූයේ 1949 දෙසැම්බර් මස 25 වැනි දින දීය. මෙම නඩු විභාගය ආරම්භ කළේ ‘‘කාබරොවුස්කි’’ නගරයේදීය. මෙම ‘‘කාබරොවුස්කි’’ නඩු විභාගයේදී යුද අපරාධ රැසක් අනාවරණය විය. මෙහිදී සාකලි විසින් තහවුරු කරන ලද අපරාධ කීපයක් පමණක් මාධ්‍යවලට මුද‌ාහරින ලදී. එහෙත් ඇතැම් සිද්ධීන් ප්‍රකාශයට පත් නොකොට රහසිගතව තබා ගත්තේය.   


ගිනි අවි වෙනුවට ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීමට ජීව විද්‍යාත්මක ආයුධ නිෂ්පාදනයට විද්‍යාගාර හා අනෙකුත් මුල්‍ය පහසුකම් ජපන් රජය විසින් නොපසුබටව සපයන ලදී. ඒ නිසා චීන භූමියේ අල්ලාගෙන යටත් කරගත් ප්‍රදේශ වල ඇති ජපන් යුද කඳවුරු තුළ හා චීන ජනතාවගේ නිවාස තුළ බලහත්කාරයෙන් රසායනාගාර ඇතිකොට මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමට ජීව විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ සිදු කරන ලදී. මෙම පර්​ෙ‌ය්ෂණ මගින් සොයාගනු ලබන වෛරස් වර්ග හෝ විෂබීජ වලින් මනුෂ්‍යයන් සමූහ වශයෙන් මරා දැමිය හැකිය. මෙය භයානක යුද අපරාධයකි.   


ස්වභාව ධර්මය, අපිරිසිදුකම හා සමාජ විරෝධී හැසිරීම මගින් වෛරස් වර්ග ඇති වී මිනිසා මරණයට පත්විය හැකිය. එහෙත් මිනිස් ඝාතනය සඳහා වෛරසයක් නිෂ්පාදනය කරනවා නම් එය මහා අපරාධයකි.   
යුද්ධයේදී තම ජීවිතය හා දරුවන් හා භාර්යාව බේරා ගැනීම සඳහාත් තම මව්භූමියේ ජයග්‍රහණය උදෙසාත් කළ හැකි හැම දෙයක්ම සිදු කිරීම යුද සෙබළාගේ යුතුකමයි. කාර්ය භාරයයි. රට වෙනුවෙන් අැති වගකීමයි. එහෙත් මෙහිදී අමානුෂික වූද ම්ලේච්ඡ වූද තිරිසන් සතකුටත් අන්ත ලෙස තවත් මිනිස් කොට්ඨාසයක් ඝාතනය කොට විනාශ කිරීම සඳහා වෛරසයක් හෝ විෂබීජයක් යොද‌ා ගැනීම කළ හැක්කේ සමූහ වශයෙන් මිනිසුන් මිය යන අන්දම බලා සිටිය හැකි රාක්ෂයකුට පමණි. 

 
1949 දී ‘කාබරොවුස්කි’ නඩු විභාගයේදී සාක්ෂි මගින් සනාථ වූ වැදගත්ම කරුණ නම් ජපන් හමුද‌ාවේ එවකට සිටි ‘‘731’’ කණ්ඩායම නමින් හැඳින් වූ හමුදා ඛණ්ඩය චීන භූමිය තුළ සිටිමින් සිය කඳවුරේ සිටම චීනයට විරුද්ධව චීන ජනතාව සමූලඝාතනය කිරීම සඳහා බැක්ටීරියා හා වෛරස් නිපද වූ බවයි.   


මෙම අමානුෂික ක්‍රියාව සිදුකළ සුව කළ නොහැකි ඉක්මනින් මිය යන වෛරස් පතුරුවා හැර සමූහ මිනිස් ඝාතන සිදු කළ චීනයට අයත් භූමියේ කඳවුරු බැඳ සිටි මෙම ජපන් හමුද‌ාව හැඳින්වීමට විශේෂ නාමයක් දී තිබුණේය. එනම් ‘‘ක්වාංකුං’’ යන විශේෂ නාමයයි.   


‘‘ක්වාංකුං’’ කණ්ඩායම කඳවුරු බැඳ ගත්තේ චීනයේ ‘‘සුන්සු’’ ප්‍රදේශයේය. එය ඉතා රහසිගතව පිහිටුවන ලද කඳවුරකි. ආහාර, ආයුධ සහ වෙනත් රසායන ද්‍රව්‍ය සපයන ලද්දේ ගස්වල කොළ සහ අතුවලින් වසා දමන ලද වාහනවල රාත්‍රී කාලයේ දී ඉතා රහසිගතවය. මෙම කඳවුර භාරව කටයුතු කළේද, ප්‍රධාන අණ දෙන නිලධාරියා වූයේද, ආයුධ භාරව සිටියේද ‘‘ෂිරෝ ඉෂි’’ නම් වූ ඉතා ප්‍රසිද්ධ මෙන්ම ජපන් හමුද‌ාවේ සිටි දක්ෂතම හමුද‌ා නිලධාරියකු වූ ජෙනරාල්වරයෙකි. ෂිරෝ ඉෂි මෙම බැක්ටීරියා කම්හල ආරම්භ කිරීමත්, පවත්වාගෙන යාමත් ඉතා රහසිගතව සිදු කළ අතර මෙහි නිපදවනු ලබන්නේ කුමක්ද යන්න හමුද‌ා කඳවුරේ සිටි ජපන් සෙබළුන්ටද දැනගැනීමට ඉඩ ලැබුණේ නැත. මෙහි නිපදවන ලද්දේ ‘‘ස්පෙෂල් සීක්‍රට්’’ යනුවෙන් හඳුන්වන ලද විශේෂ රහස් භාණ්ඩ විවෘත කිරීම, පරීක්ෂා කිරීම, අනවසරව රැගෙන යාම මරණීය දණ්ඩනයෙන් වන්දි ගෙවිය යුතු වරදක් විය.   


බොහෝ ආයුධද, බෝම්බද ශක්තිමත් වානේ වලින් නිපදවිය යුතුය. එහෙත් ක්වාංකුංවරු නිපදවන ලද බෝම්බ ‘‘සුංසු’’ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මැටි වලින් සකස් කරන ලදී. පිට වැස්ම සම්පූර්ණයෙන්ම පිඟන් මැටි වලින් සාද‌ා නිමකරන ලදී. මෙම ජීව විද්‍යාත්මක බෝම්බය පිපිරී යන විට එහි තුළ සිටින ක්ෂද්‍ර ජීවීන් විනාශ නොවී පරිසරයට එකතුවේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් බෝම්බය පුපුරා ගිය ප්‍රදේශයේ අවට සිටින ජනතාව ගොදුරු කර ගනියි. මින් මරණයට පත්වූයේ චීන ජනතාවය. බෝම්බ (විෂබීජ ඇතුළුකළ) පුපුරා ගියේ චීන ජනතාව වාසය කළ ප්‍රදේශවලදීය. නැතහොත් චීන හමුද‌ා කඳවුරු අසලය. ඉතා ඉක්මනින් චීන සෙබළු මිය යාම පටන් ගත්තේය.   


මෙලෙස ජපන් හමුදාවේ ‘‘ක්වාංකුං’’ හමුද‌ා කණ්ඩය විසින් සිය සතුරන් විනාශ කිරීමට යොදාගත් විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් උපයෝගී කරගෙන චීන, රුසියා හා මොංගෝලියානු හමුද‌ා භටයින් තුන් දහසක් (3000) පමණ මරා දමන ලදී. මේ අතර කොරියානු යුද සෙබළුන්ද වූහ. ඔවුහු දින දෙක තුනක් තුළ උණ සෑදී ස්වසන ආබාධ හේතු කොටගෙන මිය ගියහ.   


වෛරස් යුද්ධය ලෙස හැඳින්වූ රෝග බෝ කිරීමත්, එයින් මිය යන තෙක් ප්‍රතිකාර නොකිරීමත්, ඇතැම් රෝග වලට ප්‍රතිකාර නොතිබීමත් නිසා මිය ගිය ශරීරවල දුර්ගන්ධය ‘‘සුන්සු’‘ ප්‍රදේශයේ සාමාන්‍ය දෙයක් විය.   
කෝෂය ලෙස හඳුන්වන ලද මස්පිඩු කුණුවීමේ රෝගය මෙලෙස ව්‍යාප්ත කරන ලද රෝගයකි. ඇන්ත්‍රැක්ස් නමින් හඳුන්වන්නේද එවැනිම බෝ කරන ලද රෝගයකි. කොළරාව, මහාමාරිය සහ උණ සන්නිපාතයද මිනිසුන් අතර බෝකොට මිනිස් ජීවිත හානි කිරීම සඳහා උපයෝගී කරගත්හ.   


යුද ජයග්‍රහණය මෙන්ම රටක ආර්ථිකය බිඳ දැමීම සඳහා ද වෛරස් හා ඇතැම් බැක්ටීරියා වර්ග උපයෝගී කරගත හැකිය.   


පසු කාලිනව ජපානය විසින් චීන ජනතාව පරාජය කිරීම සඳහා වෛරස් වර්ග ආහාර පාන සඳහාද උපයෝගී කරගෙන චීන ජනතාව පරාජයට පත් කළේය. එහෙත් නොපසුබට ධෛර්​ෙ‌යන් යුත් චීන ජනතාව ජපානයට පසු පස පන්නමින් පහර දුන්නේය. අවසානයේ ජපානය, නාගසාකි සහ හිරෝෂිමා බෝම්බ පිපිරීමත් සමඟ පරාජය භාර ගත්තේය.   


1992 වර්ෂයේදී රුසියාවද ඊට පසුව ඉරාණයද ජීව ආයුධ භාවිත කිරීමේ චෝදනා එල්ල වූ රටවල් විය. ජාත්‍යන්තර අධිකරණය විසින් ජීව ආයුධ භාවිතා කිරිමේ වරදට සිරියාව වරදකරු කරන ලදී. මෙහිදී වැදගත් කරුණ වූයේ සිරියාව ජීව ආයුධ භාවිතා නොකිරීමේ ජාත්‍යන්තර ගිවිසුමෙන් බැඳී නොසිටීමයි. මෙහිදී ජීව ආයුධ ප්‍රථමයෙන් භාවිතා කිරීමේ වගකීමෙන් මිදීමට නොහැකි බව ප්‍රකාශ විය.   


1925 ජිනීවා සම්මුතිය විසින් ආශ්වාස ප්‍රස්වාස කිරීමට බාධා කරන විස සහිත වායු වර්ගයේ උපකරණ භාවිතය තහනම් කරන ලදී.   


කොරෝනා වෛරසය අද මුළු ලෝකයේම පැතිර යමින් පවතී. චීනය අවුරුදු ගණනක් තිස්සේ ඉතා උනන්දුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ දියුණු කරගත්තේය. කොරෝනා වෛරසය සමඟ චීනය මිනිස් ජීවිත මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමේ මහා ගැටලුවටද මුහුණ දී සිටී. චීන ආර්ථිකය හා බැඳීගිය ආසියානු හා අප්‍රිකානු රටවල් රැසකටම අද ආර්ථික ගැටලු මතුකර ඇත්තේ කොරෝනා වෛරසය පැතිරී යන වේගයට වඩා දස දහස් ගුණයක වේගයකිනි.   


චීනයෙන් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය මත සිදු කළ කර්මාන්ත බිඳ වැටීම නිසාත් වෛරසය පැතිරීම වැළැක්වීමට විශාල වියදමක් සහිත පියවර ගැනීමට සිදු වීමත් නිසා ඇතැම් රටවල් මුල්‍යමය අර්බුදයකට මුහුණ දී සිටී.   
ඉතා වටිනා ජාත්‍යන්තර ප්‍රකාශන ලබාදුන් සෙන්ට් පීටර්ස්බර්ග් සහ හේග් ප්‍රකාශනවල සඳහන් ලෙස එක් රටක ආර්ථිකය හෝ යුද්ධයක් පරාජය කිරීම සඳහා ජීව විද්‍යත්මක උපකරණ යොද‌ා ගැනීම බරපතළ වරදකි. කොරෝනා වෛරසය වෙනත් රටක් විසින් චීනයට දැම්මානම් එහි වරදට වෛරසය නිපදවන ලද රට වගකිව යුතුය.

 

 

​කොග්ගල වෙල්ලාල බන්දුල   
නීතිඥ කාර්යාල සංකීර්ණය කොළඹ 12