IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බත් පාර්සලයට මිනි මැරූ යාචකයා

 

බැතිමතකු බාරයක් ඔප්පු කිරීම සඳහා ලබාදුන් බව පැවසෙන බත් පාර්සලයක් බෙදා ගැනීමට නොහැකිව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් යාචකයෙක් තවත් යාචකයකුට පිහියකින් ඇන මරා දමා තිබුණේ මීගමුව මහාවීදියේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානයට නුදුරේදීය.  

 

ඒ පසුගිය 9 වැනි ඉරිදා දහවල් කාලයේය.  
සෑම ඉරිදා දිනකම වෙනදාට වඩා යාචකයන් දුගී දුප්පතුන් දේවස්ථානය ඉදිරිපිටට පැමිණෙන්නේ එදාට යාන වාහනවලින් පැමිණෙන බැතිමතුන් බත් පාර්සල් ගෙනවිත් දෙන නිසාය.

 
සමහරුන් මෙසේ බත් පාර්සල් දානයක් වශයෙන් ලබා දෙන්නේ බාර හාර ඔප්පු කිරීමටය.  
බැතිමතුන් ලබාදෙන බත් පාර්සල් ඉස්තරම්ම ඒවා බව පල්ලිය අසල රැඳී සිටින යාචකයන් හා දුගී දුප්පතුන් හොඳාකාරවම දන්නා කරුණකි.   


පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් මීගමුව මූලස්ථාන පොලිසියට කතාකර කියා ඇත්තේ මීගමුව මහ වීදියේ ශාන්ත මරියා දේවස්ථානයට නුදුරින් කහඉර මත පුද්ගලයකු වැටී සිටින බවය.  


මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.යූ.කේ. වුඩ්ලර් මහතා පණිවිඩය ලැබුණු සැනින් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්කර යවා ඇත.  

 

 
පොලිසිය සැකකර ඇත්​ෙත් කහඉර මතින් ගමන් කරද්දී වාහනයක ගැටී මගියකු මිය යන්නට ඇතැයි කියාය.  
පොලිස් කණ්ඩායම ගොස් සිරුර පරීක්ෂාකර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ මේ පුද්ගලයාට කිසිවකු විසින් පිහියකින් ඇන මරා දමා තිබෙන බවය.

 
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි පිටත්ව ගියේ මෙය මිනීමැරුමක් බවට පෙනී ගිය නිසාය.  


සර්. මේ මනුස්සයාට පල්ලිය ළඟ හිඟාකන මිනිහෙක් පිහියකින් ඇන්නා මම දැක්කා.   
අපරාධය සිදුවූ ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට පුද්ගලයකු කියා සිටි නිසා පොලිස් කණ්ඩායම පල්ලිය ළඟට ගියේ සිද්ධිය සියැසින් දුටු පුද්ගලයාද කැටිවය.

 
පල්ලිය ළඟ යාචක වෘත්තියේ නිරතව සිටි අය දෙස තියුණු බැල්මක් හෙලූ පොලිසිය සමඟ ගොස් සිටි පුද්ගලයා අන්න සර්. අර මිනිහා තමා පිහියෙන් ඇන්නේ යැයි පවසා තිබෙන බව කීය.

 
පොලිස් කණ්ඩායම වහා ක්‍රියාත්මකවී සිද්ධිය සියැසින් දුටු පුද්ගලයා පෙන්වා සිටි යාචකයා අත්අඩංගුවට ගනු ලැබීය.  
පිහියකින් ඇන පුද්ගලයකු මරා දැමූ සැකකාර යාචකයා වගේ වගක් නොමැතිව සුපුරුදු පරිදි අනුන්ට අතපාමින් යාචක වෘත්තියේ නිරතව සිටියේය.

 
මරා දමා ඇත්තේ තවත් යාචකයෙක් බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් පසුව කරුණු අනාවරණය විය.  
මරා දමා තිබූ යාචකයාගේ සිරුර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මීගමුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.   
අත්අඩංගුවට ගත් යාචකයාගෙන් හෙළිකරගත් තොරතුරු මත ඔහුගේ මග පෙන්වීම යටතේ ගොස් ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිසිය සොයාගත්තේ අසල තිබූ කානුවකට විසිකර දමා තිබියදීය. අත්අඩංගුවට ගත් සැකකරු 68 වැනි වියේ පසුවන පානදුර මාකේවිට පදිංචිය සිව්දරු පියෙකි.

 

 

 
තමුන් ඇයි මේ අපරාධය කළේ යැයි කියා පොලිස් නිලධාරීන් විමසා ඇත්තේ යාචකයෙක් තවත් යාචකයෙක් මරා දැමීමට හේතු සොයා දැනගැනීමටය. අත්අඩංගුවට පත් යාචකයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මෙසේ කියා ඇති බව දැනගැනීමට ඇත.  


මම අවුරුදු පහක් තිස්සේ ඉඳලා අනුන්ට අතපා ජීවත් වෙනවා. ඉඳහිටලා මොකක්හරි වැඩක් කරලා දීලා කීයක් හරි සොයා ගන්නා අවස්ථාද තිබෙනවා. රෑට අගුපිලක වැටී නිදාගන්නවා. සෑම ඉරිදාවකම වාහනවලින් නෝනා මහත්වරු පල්ලිය ළඟට ඇවිත් කෑම බෙදනවා. ඒනිසා කොහේ හිටියත් මමත් බත් පාර්සලයක් දෙකක් ගන්න පල්ලිය ළඟට එනවා. එදාට හිඟා කාලා වෙනදාට වඩා හොඳ ගතමනාවක් හොයා ගන්නත් පුළුවනි.  


වාහනයකින් ආපු නෝනලා මහත්වරු කට්ටියක් බත් පාර්සල් බෙදන්න පටන් ගත්තා. කට්ටිය ඒ බත් පාර්සල් අරගන්න පොරකෑමට පටන්ගත්තා. මමත් පොරකමින් බත් පාර්සලයක් අරගන්න උත්සාහ කළා. මං ඉදිරියෙන් හිටියකෙනාට වාහනයේ හිටිය කෙනා බත් පාර්සල් දෙකක් දීලා මාව පෙන්නලා එක බත් පාර්සලයක් මටත් දෙන්න කියා කිව්වා. එතකොට බස් පාර්සල් දෙකක් ගත්ත මනුස්සයා හා කියා කියනවාත් මට හොඳටම ඇහුණා. ඒ මිනිහා බත් පාර්සල් දෙකම අරන් මට නොදී යද්දී මම පස්සෙන් ගිහින් මගේ බත් පාර්සලය දීපං කියා ඉල්ලුවා. උඹට දෙන්න බත් පාර්සල් මගේ ළඟ නැහැ. බත් පාර්සල් දෙකම ඒ නෝනලා මහත්වරු දුන්නේ මටයි. පලයං මෙතැනින් යන්න කියා මට හොඳටම බනින්න පටන් ගත්තා.  


බත් පාර්සලය ඉල්ලා මම ඔහුත් එක්ක රණ්ඩු කළා. ඒත් මට බත් පාර්සලය දුන්නේම නැහැ. උඹ පුළුවන්නම් බත් පාර්සලය ගනින් බලන්න කියා ඒ මනුස්සයා කිව්වා. මම පරෙ අයිනේ වැටිලා තිබුණ බූවල්ලක් අරගෙන පහර කිහිපයක් මුහුණට ගැසුවා. ඒත් මිනිහා බත් පාර්සලය මට දුන්නේ නැහැ. ඊට පස්සේ තමා මම ඉනේ ගසාගෙන හිටිය පිහිය ඇදලා අරගෙන ඒ මිනිහාට ඇන්නේ එක පාරයි. මිනිහා බිම ඇදගෙන වැටුණා. මම පිහිය කානුවකට විසිකරලා ආයෙත් පල්ලිය ළඟට ගිහින් කිසිම දෙයක් නොවෙච්ච විදිහට හිඟමනේ යෙදුණා. එතකොට තමා පොලිසියෙන් ඇවිත් මාව අල්ලාගත්තේ. මම ඒ මිනිහා ළඟ තිබුණ බත් පාර්සලය ගන්නෙත් නැතිවමයි ආවේ යැයිද සැකකරු පොලිසියට පවසා තිබෙන බව දැන ගැනීමට ඇත.  


අත්අඩංගුවට පත් සැකකරු ඔහුගේ පෞද්ගලික තොරතුරුද පොලිස් නිලධාරීන් සමඟ පවසා තිබේ.  
මගේ සහෝදරයෙක් වාස්තු විද්‍යා වැඩ කරනවා. මමත් ඔහුගේ ඒ වැඩවලට උදව් කරලා සල්ලි ​ෙහව්වා. පස්සේ මම පෞද්ගලික බස් රථ රියදුරෙක් විදිහට අවුරුදු 10ක්ම වැඩ කළා. මට පුත්තු දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා. ඒ සේරම දෙනා බැඳලා. බිරිඳ මාව අතහැර ගිහින් ඉන්නේ. මම යාචක වෘත්තියට බැහැලා අවුරුදු පහක් විතර වෙනවා. හිඟාකා සොයා ගන්නා සල්ලිවලින් දිනපතාම අරක්කු ​ෙබා​නවා. හිඟාකා මාසිකව සෑහෙන මුදලක් හොයාගන්නවා. කීයක්හරි ඉතිරි කරගෙන සතියකට දෙකකට වරක් විතර ගෙදර ගිහින් දරුවන්ටත් දෙනවා. හැබැයි ගෙදර ඉන්නේ නැහැ හිඟාකන්න මීගමුවට එනවා.  


ඝාතනය වූ තැනැත්තා පද්මනාදන් නමැත්තෙක් බවත් බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටත් තොරතුරු පොලිසියට ලැබී ඇත. ඔහුත් සමඟ එකට යාචක වෘත්තියේ යෙදෙන අය මේ බව පොලිස් නිලධාරීන් සමඟ පවසා තිබේ.  


 පල්ලිය ළඟට වාහනවලින් පැමිණ පිරිනමන්නේ බුරියානි, ෆ්‍රයිඩ් රයිස් හෝ මස් මාළු අඩංගු ඉස්තරම්ම වර්ගයේ බත් පාර්සල්ය. සමහර යාචකයන් තමන්ට වැඩිපුර ලැබෙන බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් පාර්සල් අඩු මුදලකට විකුණන බව ද පැවසේ.  


අඩු මුදලකට ඉස්තරම්ම වර්ගයේ කෑම වේලක රස බැලීමට ලැබෙන නිසා අැතැමුන් යාචකයන් විකුණන බත් පාර්සල් මිලදී ගැනීමට පුරුදුවී සිටින බවද වැඩිදුරටත් දැන ගැනීමට ඇත.  

 
අත්අඩංගුවට පත් යාචකයා මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.  
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරි අනුර සේනාරත්න ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් පොලිස් සැරයන්වරුන් වන ජිනදාස (49242), වසන්ත (30614), කොස්තාපල්වරුන්වන සරත් (9333), අබේසිංහ (61094), නානායක්කාර (33074) සහ පෙරේරා (82442) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.  

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය - මීගමුව හියුබට් ප්‍රනාන්දු  



අදහස් (2)

බත් පාර්සලයට මිනි මැරූ යාචකයා

Tony yaheya. Saturday, 22 July 2017 07:34 PM

මම නම් පන්සල්, පල්ලි කෝවිල්වල ලග ඉන්න යාචකයන්ට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒ අය හිගන්නෝ නොවේ ව්‍යාපාරිකයෝ.

:       0       2

සංජීව Sunday, 23 July 2017 02:13 AM

හිඟන්නොන්ට සල්ලි දෙන ඒවගෙන් මේ අය හැමදාම අරක්කු බොනව කියන්නෙ. මහ ජරා ජාතියක්නෙ...

:       0       1

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3750 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site