IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විෂාදය

ලෙඩක හැටි

 

මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ.  


ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ.


ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය.  


කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන්  


• දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්,  
• පවුල් ආරවුල්   
• පවුලේ අසමගිය  
• පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන්  
• අධික ලෙස බිය වීම  
• දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම  
• ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම.  
• ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය.  


තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන්  


• ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම  
• ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම.  
• ආදර සම්බන්ධතා බිඳ වැටීම  
• අධ්‍යාපන කටයුතු අඩාළ වීම  
• විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම  
• මව්පිය සෙනෙහස අහිමි වීම.  
• පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම්  
• සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම  
• පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය.  


මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන්  


පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය.  


රෝග ලක්ෂණ  

කුඩා කාලයේදී  


• බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම.  
• මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම.  
• නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම.  
• නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ තෙමිය හැකිය)  
• නින්ද නොයෑම  
• කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම  
• පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම  
• අලස බව  
• වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම.  


තරුණ 
 


• තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි.  
• කෑම ගැනීමට මැළිවීම  
• නින්ද නොයෑම  
• ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි.  
• මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම.  
• දුක්මුසුව සිතයි  
• මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි.  
• අධික ලෙස තරහා යෑම  
• නොසන්සුන් බව  
• කලහකාරී හැසිරීම  
• හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම
• ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම.  


වැඩිහිටියන්ට  


• ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම  
• හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම  
• උදාසීන බව  
• ශාරීරික ශක්තිය හීන වීම  
• නිතර අසුබවාදීව සිතීම
• බාහිර පාර්ශ්ව සැක කිරීම


ප්‍රතිකාර  


විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ.  


• මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම.  
• මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම  
• මනෝචර්යාත්මක ප්‍රතිකාර  
• පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම  
• විශ්ලේෂනාත්මක චින්තනය  
• ස්වයං අවබෝධයට හුරුවීම  
• ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය.  
• විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය.  
• ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම.  
• දරුවන්ට නිතර සවන් දීම  
• මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම  
• දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න  
• චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී.  

 

ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ. ඊට හේතුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය.

 

 

 

 

 

 

 

 

සටහන - 
අසුන්තා එදිරිසූරිය



අදහස් (0)

විෂාදය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3750 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site