(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමේ ගිවිසුම අනිද්දා (21) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගිවිසුම ඉකුත්දා පැවැති රජයේ ආර්ථික කළමනාකරණ කමිටුවට ද ඉදිරිපත් කර ඇති අතර එය අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වූ බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමට කලින් තීරණය කර තිබූ ගිවිසුමේ කොන්දේසි ගණනාවක් සංශෝධනය කරමින් මෙම ගිවිසුම සකස් කර ඇතැයි ද වාර්තා වේ.
වරාය පනතට අනුව ශ්‍රී ලංකාවේ වරායක් ඍජුව පිටරට සමාගමකට පැවරිය නොහැකි බැවින් චයිනා මර්චන්ට් සමාගම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවා එම සමාගමට හම්බන්තොට වරායෙ කොටස්වලින් සියයට 80ක් පැවැරීමට ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.
වරායට යොදවන ආරක්ෂකයින් ශ්‍රී ලාංකිකයින් විය යුතු බවට හා වරාය සමග පැවරෙන හෙක්ටයාර් 500ක ඉඩම් සඳහා රුපියල් මිලියන 12,000ක මිලක් නියම කළ යුතු බවට ද ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
වරායේ කොටස්වලින් සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමට පැවරෙන අතර ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනේ. වරාය ගිවිසුම පිළිබඳව වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණ මේ සති අන්තයේදී ලබාදීමට නියමිත බව වාර්තා වේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හම්බන්තොට වරාය චීනෙට දෙන අලුත් ගිවිසුම අනිද්දා කැබිනට්ටුවට