IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභයට එරෙහි නඩුව මොකක්ද ?

ලංකාවේ දේශපාලන ලෝකය සීතල වන දවසක් නම් ඇත්තේම නැතුවා වාගේය...  


සීතල යුද්ධ අලුයට ගිනි මෙන් දවසින් දවස අපේ දේශපාලන ලෝකය රත් කරවයි. ඒ ආකාරයට බලද්දී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානම පසුගිය සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කළේය.   


සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කරවූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමට පසුගිය 29 වැනිදා කඩුල්ලක් දැමුවේය. ලබන 06 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ඒ කඩුල්ල දැමුවේ අභියාචනාධිකරණයෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව නඩුකරයක් පවතින බව බැලූ බැල්මට පෙනී යන බවත් පොදු දේපළ පනත යටතේ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම වැරදි බව හැඟී යන බවත් ප‍්‍රකාශ කරමින් අභියාචනාධිකරණය අදාළ කඩුල්ල දැමුවේය.   


ඩී.ඒ. රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ චරිතයකි. ලංකාවේ දේශපාලන කතාවේදී ඔහු ගැන කතා නොකර සිටිය නොහැක. ඔහු ගැන පමණක් නොව ඔහුගේ දරු මුනුපුරන් ගැනද කතා නොකර සිටිය නොහැක. එක් පුතෙක් ලංකාවේ පාලකයා ලෙස කටයුතු කරද්දී අනෙක් පුතා වසර 30ක කාලයක පැවැති යුද්ධය නිමා කිරීමේ කාර්යයේ විශේෂ භූමිකාවක් ඉසිලුවා මෙන්ම ඉන් පසු නගර අලංකරණයට සුවිශේෂි දායකත්වයක් දැක්වීය.   


ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ රාජධානිය වීරකැටිය මැදමුලන වුවත් එහි ඒ මහතාගේ ස්මාරකයක් නොවීය. එම අඩුපාඩුව සම්පූර්ණ කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැදමුලන ප‍්‍රදේශයේදී ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකළේය. ඒ පසුගිය රාජ්‍ය පාලන සමයේදීය. ඒ ආණ්ඩු සමයේදී එය නිවැරදි ලෙස සැලකුවත් වත්මනේදී එය වැරදි සහගත කටයුත්තකි. නීති විරෝධී කටයුත්තකි.   


ඒ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබිණි. ඔවුන් ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පරීක්‍ෂණ සිදු කළේය. ඒ සම්බන්ධයෙන් විවිධ අයගෙන් ප‍්‍රශ්න කෙරිණි. කටඋත්තර ලබා ගැනිණි. ඉන් පසු සිදුවන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම බව ‘ගොනා හැරෙන’ පැත්ත, බලා සිටි අයට වැටහිණි. ‘ගෝඨා අත්අඩංගුවට ගත්තොත් මහජනතාව පාරට බහිනවා’ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් අනතුරු ඇඟවූහ.   


ඒ අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරමින් ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් කෝටි තුනකට අධික ප‍්‍රමාණයක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පණත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලා සිටියේය.   


මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කෙරෙමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.   


ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් තම සේවාදායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ දේශපාලන බලධාරීන්ගේ යටි අරමුණකට අනුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා වැය කළ රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය දඩමීමා කරගෙන ඇති බව අධිකරණයට ඒත්තූ ගැන්වීමට උත්සහ කළේය.   


තම සේවාදායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශ‍්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු බවත් ඔහු පසුගිය රාජ්‍ය පාලන සමයේදී ආරක්‍ෂක ලේකම්ධුරය ඉසිලූ බවද සඳහන් කරන නීතිඥ සනත් විජේවර්ධන මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණය හා නායකත්වය යටතේ සිදුකළ යුද්ධයකදී මේ රටේ තිස්වසරක් පුරා යුද කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ බවද පෙස්සමේ සඳහන් කොට තිබිණි.   


ඒ වන විට ජනාධිපතිධුරය ඉසිලූ මහින්ද රාජපක්‍ෂ මහතා 2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූ බවද ඉන් අනතුරුව තම සේවාදායකයා ඇතුළු හිටපු රජයේ ප‍්‍රබලයන්ට විවිධාකාරයේ හිරිහැරවලට මුහුණ දීමට සිදුවූ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් මහතා රිමාන්ඩ් බාරයට ගත්බවද ගෝඨාභය මහතාටද එම ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇති බවත් සඳහන් කොට ඇත.   


ගෝඨාභය මහතාට එරෙහිව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම, මිග් 27 ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අවභාවිත ඇතුළු චෝදනා රැසක් එල්ල වූ බවද පදනම් විරහිත එම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් වූ බවද දැනුම් දෙන සනත් විජේවර්ධන නීතිවේදියා ඩී.ඒ. රාජපක්‍ෂ පදනම සහ ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් ගිවිසුමක් මත මැදමුලන වීරකැටිය ප‍්‍රදේශයේදී ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ ස්මාරකයක් ලිඛිත ගිවිසුමක් නොමැතිව ඉදිකළ බවද දැනුම් දුන්නේය.   


රජයේ තක්සේරුකරුගේ ඇස්තමේන්තුවට අනුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33ක් වැය වී ඇති බවද ඒ සඳහා වැය වූ සියලු මුදල් පසුගිය ජුලි මස 13 වැනිදා ගෙවා අවසන් කළ බවද අධිකරණයට දැනුම් දුන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ඩී.ඒ. රාජපක්‍ෂ පදනම සහ ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් ගිවිසුමක් මත මෙම කටයුත්ත සිදු කොට ඇති බැවින් එය සිවිල් ගිවිසුමකින් බැඳෙන බවද එහි යම් ගැටලුවක් ඇත්නම් එය සිවිල් අධිකරණයකින් විසඳා ගත හැකි බවත් සඳහන් කොට ඇත.   


මෙය සිවිල් කටයුත්තක් වුවත් ශ්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කරන ලදැයි කියමින් ගෝඨාභය මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවත් ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ ස්මාරකය ඉදිකිරීම සඳහා සාපරාධී ලෙස පරිහරණය කරන ලද රජයේ මුදල රුපියල් 25,000/-කට වඩා වැඩි බව සඳහන් කරමින් මේ වෙන විට පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කොට ඇති බවද අධිකරණයට දැනුම් දුන් නීතිඥ සනත් විජේවර්ධන මහතා මෙම සහතිකය පදනම් කරගනිමින් ගෝඨාභය මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදුවන බවද පෙන්වා දී ඇත.   


පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නීතියට පටහැනි ආකාරයට පොදු දේපළ පනත අවභාවිතයට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ රිමාන්ඩ් බාරයට පත් කිරීමේ සුදානමක් ඇතැයිද ඒ පිළිබඳව මාධ්‍ය මඟින්ද හෙළිදරව් කොට ඇතැයිද සඳහන් කරන නීතිඥ සනත් විජේවර්ධන මහතා පොදු දේපළ පණත යටතේ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද මෙම සිද්ධිය පිළිබඳව පොදු දේපළ පනත යටතේ කටයුතු  කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලීමක් කොට ඇත.   


ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීම සඳහා මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටිමින් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මත්තෙන් මෙහි වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නම් කොට සිටින නීතිපතිවරයාගෙන් විමසීමක් කළ යුතුව තිබූ බව අධිකරණය හමුවේ කියා සිටියාය.   


පෙත්සම්කාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අද දින (29) නියෝගයක් ලබාදෙන බව තමන් මාධ්‍ය මඟින් දැනගත් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවත් මේ සම්බන්ධයෙන් නියෝගයක් ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇති හෙයින් මෙම නියෝගය ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය ප‍්‍රකාශයට පත් කළේය.   


ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ සිදුකිරීම වලකාලමින් ලබන දෙසැම්බර් 06 වැනිදා තෙක් බලපැවැත්වෙන ආකාරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරු අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.   


මුදල් අවභාවිතයක් සිදු වී ඇද්ද? නැත්නම් ගෝඨාභය බන්ධනාගාර ගත කිරීමේ දේශපාලන බලධාරීන්ගේ යටි අරමුණකට අනුව එෆ්.සී.අයි.ඩී. පරීක්‍ෂණ සිදු කරන්නේද?   


හෙට දින මෙයට පිළිතුරු ලැබෙනු ඇත.

සටහන
මනෝප‍්‍රිය ගුණසේකර



අදහස් (0)

ගෝඨාභයට එරෙහි නඩුව මොකක්ද ?

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 8 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 15 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 30 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 11 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site