IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියානු අනාවැකිකරුගේ භූමිකම්පා අනාවැකිය හරියයිද ?

2017 දෙසැම්බර් 31 දිනට පෙර ආසියානු මහද්වීපික වෙරළ කලාපයට දරුණු භූ කම්පාවක් හා සුනාමියක් ඇතිවන බවට එක්තරා පුද්ගලයකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමු කරමින්් අනතුරු අඟවා තිබේ. මෙම අනාවැකිය පළ කර ඇත්තේ බී.කේ. රිසර්ච් ඇසෝසියේෂන් නමැති ආයතනයක ප‍්‍රධානියා වන බාබු කාලයිල් නමැති කේරලයේ පදිංචි පුද්ගලයෙකි. සිය සයවැනි ඉන්ද්‍රිය ඔස්සේ අනාගතය දකින්නෙකැයි පවසන ඔහු තම අනාවැකිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.   


මෙම භූ කම්පාව සීෂ්මා නමැති සුළිකුණාටුවේ බලපෑමෙන් සිදුවිය හැකි බවද, පැයට කිලෝමීටර 120ත් 180ත් අතර වේගයකින් හමා යා හැකි බවද එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවටත් ඔහු අනතුරු අඟවා ඇත. ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, පා කිස්තානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ඇෆ්ගනිස්තානයට ද ගල්ෆ් කලාපයේ ඇතැම් රටවලට ද එහි බලපෑම ඇතිවනු ඇති බැව් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ. 


මෙම අනාවැකිය අනුව එවැනි තත්ත්වයක් ඇති විය හැකිදැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතාගෙන් අපි විමසා සිටියෙමු. 


‘‘භූ විද්‍යාඥයන් වශයෙන් අප දන්නා කරුණු අනුව ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව හැඟීමක් නොමැතිව භූ කම්පාවක් සිදුවිය හැකියි. එය කෙදිනක, කොතැනක, කුමන වේලාවක සිදුවන්නේදැයි පවසන්නට තරම් දියුණු තාක්ෂණයක් තවම නැහැ. ඇතැම් පූර්ව ලක්ෂණ අනුව අනුමාන කර එවැන්නක් සිදුවිය හැකියැයි ප‍්‍රකාශ කළ හැකියි. මෙම ප‍්‍රකාශයත් එවැන්නක් විය හැකියි. මෙම අනාවැකිය සිදුකළ පුද්ගලයා එම අනාවැකිය පළකරන්නට පදනම් කරගත් සාධක මොනවාදැයි අප දන්නේ නැහැ. 2004 දෙසැම්බර් 26 සුනාමිය ඇතිවීමට පෙර එක්තරා පුවත්පතකින් භූ කම්පා ඇතිවන ආකාරය පිළිබඳ මගෙන් විමසා සිටියා. ඒ දිනවල ශ්‍රී ලංකාව අවට ප‍්‍රදේශයේ සුළුසුළු භූ කම්පා ඇතිවුණා. මෙම භූ කම්පන තත්ත්වයන් ක‍්‍රමයෙන් වර්ධනය වූ හෙයින් එය කිසියම් විශාල ක්‍රියාවලියක පෙරනිමිත්තක් විය හැකියැයි මා එදා එම පුවත්පතට පැවසුවා. මගේ අනාවැකිය සනාථ කරමින් සුනාමි තත්ත්වයක් ඇති වුණා. පූර්ව සාධක අනුව අපට කිසියම් අනුමානයක් කළ හැකියි. එහෙත් නිශ්චිතව සිදුවන්නේ යැයි පැවසිය නොහැකියි. 


ඉන්දියානු පුද්ගලයා සඳහන් කර ඇති කරුණු සනාථ කළ හැකි කිසිදු පූර්ව තත්ත්වයක් මේ වන තෙක් අපට වාර්තා වී නැහැ. භූ විද්‍යාඥයන් හැටියට අපට මෙවැන්නක් සිදුවිය හැකි බවට පෙරනිමිති පැවසිය නොහැකියි. එහෙත් ඔහු පවසන දෙය සිදුවීමට ඇතැම් විට හැකියාවක් තිබෙනවා. මෙම පුද්ගලයා කිසියම් අනුමානයක් කර මෙවැන්නක් ප‍්‍රකාශ කර ඇතැයි මා සිතනවා. 


ශ්‍රී ලංකාව ඉන්දියානු භූ තලයට අයත්. තමිල්නාඩුව වැනි කලාපයක භූ කම්පාවක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකාවට බල පෑ හැකියි. එහෙත් හිමාලය වැනි ප‍්‍රදේශයක එවැන්නක් සිදු වුවහොත් අපට බලපෑමක් නැහැ.’’ යනුවෙන් සම්මානිත මහචාර්ය කපිල දහනායක ප‍්‍රකාශ කරයි. 


මෙම අනාවැකිය පළ කළ පුද්ගලයා මින් ඉහතද අනාවැකි කිහිපයක් පළකර ඇතැයි පැවසේ. ආචාර්ය ජී. රේණුකා නමැති කේරල විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක 2005 දී හින්දු පුවත්පතෙහි ලිපියක් පළකරමින් මොහුගේ අනාවැකි කිහිපයක් සත්‍ය වූ බවට සඳහන් කර තිබේ. අඟහරු ග‍්‍රහයා මත ජලය ඇති බවට ඔහු 2001දී අනාවැකියක් පළ කළ ඇති අතර ඉන් මසකට පසු හංගේරියානු විද්‍යාඥයන් පිරිසක් අඟහරු මත ජලය ඇති බවට තහවුරු කළ බවද, පෘථිවියට සමාන තවත් ග‍්‍රහයකු ඇතැයි ඔහු 1998දී ප‍්‍රකාශ කළ අතර 2004දී කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පෘථීවියේ සිට ආලෝක වර්ෂ 50ක් පමණ දුරින් පිහිටි එවැනි ග‍්‍රහයකු සොයාගැනීමට සමත් වූ බවද, සෙනසුරු ග‍්‍රහයාට චන්ද්‍රයන් 10 ඇති බැව් ඔහු 2004 ප‍්‍රකාශ කළ අතර 2005 වසරේ එය තහවුරු වූ බවද ආචාර්ය රේණුකා තම ලිපියේ සඳහන් කර තිබූ බවට වාර්තා වේ. 


බාබු කාලයිල් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කර ඇත්තේ මෙවැනි බිය දනවන ප‍්‍රකාශ මගින් ඇතැම් විට වැරදි තොරතුරු සමාජගත කරන බවය. මෙම පුද්ගලයා තමන්ට අනාගතය දැකිය හැකි යැයි සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නකු බවට ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබේ. 


‘බුම්’ නමැති තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බලන ඉන්දියානු වෙබ් අඩවියක් මගින් මෙම ලිපියේ සඳහන් දුරකථන අංක ඔස්සේ කාලයිල් සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනකදී උත්සාහ කළද කිසිදු අවස්ථාවක එම පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී යැයි එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 


ඉන්දියානු මාධ්‍ය කාලයිල්ගේ ප‍්‍රකාශය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබුවද පාකිස්තානය මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර තිබේ. පාකිස්තාන බුද්ධි අංශ එරට භූ කම්පන පුනරුත්ථාපන සහ ප‍්‍රතිසංස්කරණ අධිකාරියට මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

ඉන්දියානු අනාවැකිකරුගේ භූමිකම්පා අනාවැකිය හරියයිද ?

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 13 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 18 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 33 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 11 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site