(සමන්තිකා මාධවී)
සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ප්‍රථම වරට පිටරටින් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
කොළඹ නගරය ආශ්‍රිත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අවශ්‍ය වැලි කියුබ් මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් මෙලෙස ආනයනයට සැලසුම්කොට ඇති බව එම කාර්යාංශයේ කැණීම් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා සඳහන් කරයි.
කඩිනම් සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය වැලි, ගංගාවලින් ලබා ගැනීමෙන් ඇතිවෙන පරිසර හානිය සහ ඒ ඔස්සේ සිදුවිය හැකි වැලි කැණීම් අක්‍රමිකතා මඟහරවා ගැනීමට අදාළ පියවර යොදන බවට ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු කොළඹ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිසා අවශ්‍ය වැලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවැතීමත් කොළඹ ආශ්‍රිත අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑමත් යනාදිය මෙලෙස ඉල්ලුම වැඩිවීමට බලපා තිබේ. වැලි ආනයනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් අවශ්‍ය වැලි කඩිනමින් සපයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැලි කියුබ් ලක්ෂ 30ක් රටින් ගෙනෙයි