(මහින්ද නිශ්ශංක)
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ ගාස්තු ලබන ජුනි 1 වැනිදා සිට සියයට 10ක උපරිමයකට යටත්ව වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් කිත්සිරි විජයානන්ද අමරසිංහ මහතා පවසයි.
ඩීසල් මිල රුපියල් 14කින් වැඩි කිරීම, ප්‍රධාන පාසල් වෑන් රථ හා බස්රථවලට අදාළ තවත් වැඩිවීම් ගණනාවක් හේතුවෙන් පාසල් වෑන් රථ හා බස් රථ ගාස්තු ඉහළ නැංවීමට සිදු වී ඇතැයි කී ලේකම් කිත්සිරි මහතා පාසල් ළමුන්ගේ දෙමව්පියන් අපහසුතාවට පත් නොකර පාසල් වෑන් රථ හා බස්රථ ගාස්තු වැඩි කරන බව ද කීය.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථවල අමතර කොටස්, එන්ජින් ඔයිල්, ටයර් සහ ටියුබ්, බැටරි මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙන ලේකම්වරයා ඒවායේ මිල අඩුකර පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ හා බස්රථවලට සහන සලසන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීම් ගණනාවක් කළද මෙතෙක් එම සහන ලැබී නැතැයි ද පැවැසීය.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන තවත් සංගමයක් වන සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඩීසල් වැඩිවීම නිසා පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ හා බස් රථ ගාස්තු අනිවාර්යයෙන්ම වැඩි කිරීමට සිදු වී ඇතත් එම වැඩි කිරීම දෙමාපියන් සමග සාකච්ඡා කර සිදුකරන බවය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාසල් ප්‍රවාහන වෑන් ගාස්තු ජූනි 1 වැනිදා සිට ඉහළට