(අජන්ත කුමාර අගලකඩ)
තවත් කැබිනට් නොවන ඇමැති රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ළඟදීම දිවුරුම් දීමට නියමිතය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළත්ව 30 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය මීට සති හතරකට පමණ ඉහත දී දිවුරුම් දුන් අතර දැනට දිවුරුම් දී ඇති කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 30කි.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක ආණ්ඩුවක සිටිය හැකි කැබිනට් ඇමැතිවරුන් ගණන 30ක් වන අතර කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 40ක් වේ.
ඉන් කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 30 දෙනකු මේ වන විට පත්ව සිටින අතර තවත් පත්කිරීමට ඉතිරිව ඇති කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 10කි. මේ අතර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම ද කැබිනට් නොවන ඇමැතිවරයකු ලෙස පත්කිරීම සඳහා ඉකුත් දා කැබිනට් නොවන ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවා ඇතත් ජනාධිපතිවරයා රංගේ බණ්ඩාර මහතා පත්කර නොමැති බව වාර්තා විය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තවත් ඇමැති 10ක්