(මහින්ද නිශ්ශංක)
කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් නැවත වැඩි විය යුතු බව ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි හා ආයතනික සම්බන්ධතා විධායක අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා පවසයි.
විශේෂයෙන් ලෝක වෙළෙඳපොළේ මෙම මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 647 දක්වා ඉහළ ගොස් තිබීම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාමට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 350 කින් ඉහළ දැමීමට සිදුවී ඇතැයි පෙන්වා දෙන විධායක අධ්‍යක්ෂ චමින්ද මහතා සමාගමේ වියදම් වැඩිවීම ගෑස් වැඩිවීමට ඇතුළත් නැතැයි කීය.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වැඩිවීම හා ඩොලරයේ අගය ඉහළ යාම පදනම් කරගෙන ගෑස් සමාගම් දෙකම සෑම මාසයකට වරක් ගෑස් මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කරන බව ද පැවැසූ ඒ මහතා ඔක්තෝබර් මාසයට හිමි ගෑස් මිල වැඩිවීම සම්බන්ධව ඉදිරියේදී අධිකාරියෙන් ඉල්ලීම් කරන බව ද පැවැසීය.
ගෑස් මිල සූත්‍රය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා ලිට්රෝ ගෑස් සමාගමට මේ වන විට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 4.7 ක් පමණ බව ද කී විධායක අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා ගෑස් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීම සම්බන්ධව මේ දිනවල සාකච්ඡා පවතින බව ද කීය.
මේ අතර ඉකුත් මස 26 දා කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කෙරිණි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෘහස්ථ ගෑස් මිල යළි ඉහළට !