මේමලය ප්‍රදේශයේ දර්ශනීය තේ වතු සමූහය

උදෑසන හිරු උදාව

 

 

 

වැස්ස අඩු වෙයි කියලා හිතන්න බෑ. අපි තෙමීගෙන හරි ඉස්සරහට යමු. කළුවර වැටුෙණාත් පාර හොයා ගන්න වෙන්නේ නෑ’’ යැයි ප්‍රියන්ත කෑගසයි. කතාව සක්සුදක් සේ පැහැදිලිය. යම් හෙයකින් ගමන ප්‍රමාද වුවහොත් ගසක් මතට නැගී රැය පහන්කිරීමට සිදුවනු ඇත.   


මම අත බැඳි හෝරා යන්ත්‍රය දෙස බැලුවෙමි. සවස 4.45 ලෙස එහි දැක්වෙයි. අපි මිතුරන් පිරිසක් සමගින් නමුණුකුළ කන්ද තරණය කරමින් සිටින්නෙමු. ගමනේ අරමුණ කඳු මුදුනේ දිනෙන් දින සිදුවන පරිසර ව්‍යසනය සොයා බැලීමය. අප නඩයේ හය දෙනෙකි, දැඩි වර්ෂා තත්ත්වය සහ ඝන මීදුම අප මොහොතින් මොහොත පමා කරවයි. නමුනුකුල කඳු බෑවුමට ආසන්න මේමලය ප්‍රදේශයේ තේ වතු සමූහය මැදින් අප මෙම දැඩි වර්ෂාපතනය නොතකා ඉදිරියට ඇදෙන්නෙමු.   


නමුනුකුල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර කඳු පන්තියකි. මෙය කුලු නවයකින් සෑදී ඇති නිසා නමුනුකුල ​ෙලස භාවිත වුවද පැහැදිලිව දක්නට ඇත්​ෙත් කඳු 7කි. තවද නමුනුකුල කඳු​ෙප​ෙළ් උසම කන්ද පහළ සිට බලන විට නැම්මක් ආකාර​ෙයන් ​ෙප​ෙනන නිසා නැමුන කුල ​ෙලස ද පසුකාලීනව එය නමුණුකුල ​ෙලසද ව්‍යවහාර ​ෙවන්නට ඇතැයි සිතිය හැක.   


නමුණුකුල උසින් මීටර් 2035.35ක් වන අතර එය ශ්‍රී ලංකා​ෙව් 11 ​ෙවනි උසම කන්දයි. ​ෙමහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000-3500 අතර පවතී. ජල රක්ෂිතයක් ලෙසද නම් කළ හැක.   


 ඉන්දික දෙවියන් විසින් නමුනුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් පුරාවෘතවල සඳහන් ​ෙව්. කඳු පන්තිය වටා හුදකලා ගම් කිහිපයක්ම පිහිටා ඇත. ආසන්නව ඇති මේමලේ ගම්මානය ඉන් ප්‍රධාන තැනක් ගනී. දමිළ ප්‍රජාව මෙහි ජීවත් වෙති. මේමලේ ගම්වාසීන් කඳු පන්තිය පූජනීයත්ව​ෙයන් සලකන බැව් පිවිසුම් මාර්ග​ෙයහි ​ෙදපස නිර්මාණය ​ෙකාට ඇති කෝවිල් සහ දේවාල දුටු කවරෙකුට වුවද වැට​ෙහනු ඇත.   


නමුනුකුල තරණය කිරීම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල - පස්සර මාර්ග​ෙයහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුනුකුල ​ෙලසින් පිවිසුම් මාර්ග කිහිපයක් ඇත. නමුත් බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගය කඳු නගින්නන් බහුලව යොදාගනියි. ස්වභාව ​ෙසෟන්දර්ය අතින් ​ෙපා​ෙහාසත්‍ම වනගත මං ​ෙපත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මේම​ෙල් හරහා නමුනුකුල ​ෙතක් දි​ෙවන මාර්ගයයි.   


​ෙකාළඹ සිට කිලෝමීටර් 238 ක් පමණ දුරින් පිහිටි බදුල්ල නගරය ​ෙවත පිවිසීම සඳහා ආසන්න වශ​ෙයන් පැය 6 ක පමණ කාලයක් ගත ​ෙව්. ​ෙකාළඹ - බදුල්ල හෝ ​ෙකාළඹ - පස්සර ගමන් මාර්ගය අධි සුඛෝපභෝගී බස් රථ ​ෙස්වාවකින් පවා සමන්විත ​ෙව්. එතැන් සිට බදුල්ල ප්‍රධාන බස් නැවතුම්​ෙපා​ෙළහි ප්‍රථම අංගණ​ෙයන් ස්ප්‍රිංවැලි හරහා මේම​ෙල් ගම්මානය ​ෙතක් ධාවනය වන බස් රථයකට ​ෙගාඩවී ගමනෙහි ඉතිරිය සම්පූර්ණ කිරීමට සිදු​ෙව්. බදුල්ල නගර​ෙයහි සිට ආසන්න වශ​ෙයන් කිලෝමීටර් 15 ක් පමණ දුරකින් පිහිටි මේමලේ ගම්මානය ​ෙවත පිවිසීමට ගත වන්​ෙන් පැය 1/2 ක පමණ ​ෙකටි කාලයකි.   

 

 

නමුනුකුල කන්දේ සෙවණැල්ල මීදුම අතරින්  

 

 


අප ගමනෙන් අඩක් පමණ ගෙවා අවසන්ය. අවසන් මිනිස් ජනාවාසය පසුකර කි.මී. 10 ක් පමණ කඳු බෑවුමේ ගමන් කොට ඇත. නඩය වනයට ඇතුලුවීමට ආසන්න සීමාවේ සිටින්නෙමු. වනාන්තරයට ඇතුළු වන මායිමට වන්නට ඇති පැරණි වෘක්ෂයේ කොළ අත්තක් කඩා එල්ලීමේ චාරිත්‍රයක් වෙයි. මෙය වනාන්තරයට ඇතුළු වන්නන් කළ යුතු චාරිත්‍ර අංගයකි.   


මෙය සාම්ප්‍රදායික ක්‍රමයක් වන්නේ ගැමියන්ගේ දැඩි විශ්වාසක් නිසාය. කඳු මුදුනේ මංමුලා වැල් නමින් වැල් විශේෂයක් ඇති බවත් එම වැල් නොදැනුවත්ව පෑගීම වනාන්තරයේ අතරමං වන්නක් බවත් අතරමං වූ අයෙකු දින ගණනාවක් නිරාහාරව වනාන්තරය තුළ සිහි විකල්ව පාර සොයා ගැනීමට නොහැකිව ඇවිදින බවත් ඔවුන් දැඩිව විශ්වාස කරති.   
අපිද කොළ අත්තක් එල්ලා වනයට ඇතුළු වූවෙමු. කඳු පාමුලට වන්නට ඉතා උසකින් යුතු ගස් වර්ග රාශියකි. කඳු මුදුනට ළංවත්ම එම ගස් අතු පතර ඇඹරී ක්‍රම ක්‍රමයෙන් උසින් අඩුවෙයි. මෙයට හේතුව වන්නේ කඳු මුඳුනට බලපාන දැඩි සුළං තත්ත්වයයි. කඳු තරණයේදී දිය පහර කිහිපයක්ම හමුවන බැවින් ජලය ගෙන යාමට අවශ්‍ය නැත ගමනට අවශ්‍ය බඩු කන්දරාව සමගින් කන්ද නැගීම ඉතා අසීරුය. කතාව ගමනට දෝලාවක් යයි කියනු ලැබේ. අප කෙමෙන් කෙමෙන් කඳු මුදුනට පැමිණ ඇති බවට සාධක සැපයූයේ මහ රත්මල් සමූහයයි.   


අප කඳු මුදුනට යන විටත් තවත් පිරිසක් කඳවුරු ගසාගෙන සිටිනු දක්නට ලැබිණ. වේලාව ප.ව. 7.00ට පමණ වුවත් කඳුමුදුනේ මඳ ආලෝක තත්ත්වයක් තිබීම අපගේ වාසනාවට හේතු විය. රැයක් ගත කිරීමට කඳු මුඳුන කදිම තැනකි. පොහෝ දිනට කලින් දිනයේ මෙම ගමන යොද‌ාගත් නිසා හඳ එළිය වැටී හාත්පසින් මනරම් චිත්‍ර මවමින් වළාකුළු බිතු සිතුවම් බැලු බැලු අත දිස්වෙයි.   


අපි පිරිස ගෙන ගිය කූඩාරම් ගසා රාත්‍රි ආහාරය පිළියෙල කරගතිමු. අලුයම වන විට කඳුමුදුනේ දැඩි සීතලට ඔරොත්තු දීමට දැඩි සටනක් කළ යුතුව තිබිණ. අපගේ වාසනාවට මෙන් කවරෙකු හෝ කලින් එකතු කළ දර කොටන් තොගය මෙම වන විටත් දැවෙමින් තිබූ නිසා සීතල මඳක් තුරන් විය. 

 
වල් ඌරන්ගේ හා කුළු මීමුන්ගේ පාරාදීසියක් වන කඳු මුදුන ඔවුන්ගේ ප්‍රහාරවලින් බේරීමටද ගිනිමැලය මහත් පිටුවහලක් විය. සාවුන් හා ඉත්තෑවන් කිහිප දෙනෙකුම ඇස ගැසින. දැඩි සීතල නිසා කිහිප වතාවක්ම දෙපා මස්පිඩු පෙරළීම වේදනාකාරී වුවත් සියල්ල ඉවසා දරාගත යුතුව ඇත.   


 තවත් දවසක පෙරනිමිති පහල වෙයි. අප රාත්‍රී කාලයේ කඳු මුදුනට පැමිණි නිසා පරිසර අසිරිය විඳින්නට නොහැකි විය.   


නැගෙනහිර අහස රන්වන් පාට කරමින් හිරු උද‌ාවක පෙරනිමිති පහළ වෙයි. හිරු උද‌ාවත් සමග මහවැලි ගඟ ඈතින් රිදී රේඛාවක් මෙන් දිස්වන්නට විය. නමුනුකුල කඳුමුදුන සානුවකි. කඳු මුදුන තැනිතලාවකි. මහ රත්මලින් එහි ඇති සුන්දරත්වය තවත් වැඩි කරයි.   


එහි සිට හම්බන්තොට, කතරගම, මොණරාගල, අම්පාර, මහියංගණය, පිදුරුතලාගල, පැහැදිලිව දිස්වෙයි. පසෙකින් හිරු උද‌ාවත් සමග කන්දේ හෙවනැල්ල අනෙක් පසින් පැහැදිලිව දක්නට හැකිය. හම්බන්තොට මුහුද ඇතැම්විට පැහැදිලිව පෙනෙයි. කලකට පෙර කඳුමුදුනේ විහාරයක් තිබූ බවට සාක්ෂි හමුවිය මේවා අතර ගොඩනැගිලි කොටස් හා කැලය තුළ ගරාවැටුනු ද‌ාගැබ් ඇතුලුව ඉන්දික දෙවියන්ගේ දේවාලයක්ද ​ෙව්. දේව ප්‍රතිමාවේ කොටසක් වර්තමානයේ ඉතිරිව ඇත. අලුතින් තබන ලද බුද්ධ ප්‍රතිමා කිහිපයක්ද වෙයි.   

 

.

ඉපැරණි දිය නොසිඳෙන ළිද 

 

 


මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ කඳුමුදුනේ ඇති දිය වළවල් කිහිපයයි. ඉන් දෙකක් පැහැදිලිවම දන්නට ඇත. එක් දිය වළක් ළිඳකි. මෙම ළිඳෙහි දිය කිසිද‌ා නොසිඳෙන බව ප්‍රකට කරුණකි.   


ඌව පළාත විටක දැඩි නියඟයෙන් පීඩාවට පත්​ෙව්. මෙම තත්ත්වය තුළ ඇතැම් කාලයන්හි මුතියංගණ විහාරය කේන්ද්‍රකොට ගනිමිින් ළිඳමුල්ල පත්තිනි දේවාලයෙන් දේව පෙරහරක් කඳුමුදුනට පිටත් වේ. කඳුමුදුනේ ඇති ඉපැරැණි ළිද ඉස දමා දෙවින්ට පුද පූජා පැවැත්වීමෙන් පසු හේවිසි වාදනයක් පවත්වා පිරිස් නැවත බදුල්ලට ඒමට මත්තෙන් මහ වැසි ඇද වැටී නියඟය නිමාවන බව පැරන්නෝ පවසති. 

 
මැණික් ගඟට අමතරව බදුලු ඔය කුඹුක්කන් ඔය කිරිදිඔය ගල ඔය ආදී ප්‍රධාන දිය දහර කිහිපයක්ම මෙම කඳු ද්‍රෝනියෙන් ආරම්භ ​ෙව්.   


නමුනුකුල කන්ද තරණය කිරීම සඳහා දිනෙන් දින විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. ඔවුන් කඳවුරු බැඳ රැය පහන් කරති. එහෙත් පැමිණෙන කිසිවෙකු පරිසරයට ආදරයක් නොදක්වන බව කඳුමුදුනේ කපා බිම හෙළා ඇති ගස් ප්‍රමාණයෙන් පෙනී යයි. කඳු මුදුන එකම පොලිතීන් තෝතැන්නකි. තැන තැන විශාල වශයෙන් පොලිතින්ය. ඒවා ආහාරයට ගන්නා සතුන්ගේ ඉරණම කණගාටුදායකය. අපි හැකි ආකාරයෙන් එ්වා ඉවත් කළෙමු.   


කඳු මුදුන නිධන් සොරුන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි සිතෙන්නේ තැන තැන පිහිටි වළවල් සමූහය දැකීමෙනි. 

 
නමුනුකුල රැයක් ගතකීරීමට කදිම ස්ථානයකි. කඳුකරයේ ඇති අසිරිය වචනයෙන් විස්තර කළ නොහැක. මෙය ජල පෝෂක ප්‍රදේශයක් හා ජෛව කලාපයක් වන නිසාත් ආරක්ෂා කළ යුතුව ඇත. ඔබත් දිනක මෙම ප්‍රදේශයේ ගවේෂණය කරන බව නොඅනුමානය. එහිදී පරිසරය රැකගනිමින් ඔබගේ පා සටහන් පමණක් තබා එන ලෙස මට ඔබට ආයාචනා කරමී.   

 

 


නයන තෙන්නකෝන්