IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනපතිට උපදෙස් දෙනවා‘‘

(පාලිත ආරියවංශ)

මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න ඇමැති මණ්ඩලය  බලාපොරොත්තු වනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා   ඇටම්පිටියේදී අද (17) සඳහන් කළේය.

හාලිඇල ඇටම්පිටියේ ඉදිකළ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය,

      ‘‘අවුරුදු පහක් අපි ආණ්ඩුව යටතේ  සිටියා. අපි හිටියේ විපක්ෂයේ. ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ල ගිහින් තියෙන්නේ ලෝකයාටත් රටටත් මහා විශාල ණය බරක් ඉතුරුකරලා.

අපි ණය ගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ තිබුණා.වාරයා හැදුවා, ගුවන් තොටුපල හැදුවා, අධිවේගී මර්ග හැදුවා  අපිට කියන්න හැකියාව තිබුණා නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම මෙන්න මේ වැඩේ කළා කියලා කියන්න ඔවුන්ට පුලුවන් කමක් නැහැ. මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ.

ඒ තත්වයේ වෙනස් වීමක් ඇතිවෙලා අපි නැවත ආණ්ඩුවක් පිහිටවූවා.අපිට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා. මම අගමැති උණා. නමුත් අපිට පාර්ලිමේන්තුවේ ඉන්නේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක්. තිබෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක්. පසුගිය රජය කාලේ අපට ඉතුරුකළ මහා ණය මුදල බේරන්න  අපි හෙට පනතක් ගේනවා. විපක්ෂයට අවශ්‍ය නම්  ඒක  පරද්දන්න පුලුවන්.මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවනවා. මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගෙන රට ඉදිරියට ගෙනයන්න වැඩ කරන ආණ්ඩුවක් අපි පිහිටුවනවා.

අලුත් ආණ්ඩුව වැඩ  නොකර කයිවාරු ගහන ආණ්ඩුවක් හෝ  පළිගන්නා ආණ්ඩුවක් නොවේ. මාගේ සිට මාගේ පවුල්වල අයගෙන් මැති ඇමතිවරුන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් පළිගැනීම දිගටම කරගෙන ගියා .ගම්වල අය ගෙනුත් පළිගත්තා.

අපි දන්නවා මහ බැංකු මංකොල්ලයක් කළා.  එය ඉතිහාසයේ සිදුවූ විශාල අපරාධයක්.ඒ පිළිබඳ ඊයේ හාමුදුරුවරු මගෙන් ඇහුවා.මේකට මොකද වෙන්නේ කියල .ඒක නීතිපතිවරයාට යවල තියෙනවා අවශ්‍ය නීතිමය පියවරගන්න .ඒ ගැනත් සොයාබලා කටයුතු කරනවා යැයිද අගමැතිවරයා පැවසීය.

 



අදහස් (1)

‘‘මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනපතිට උපදෙස් දෙනවා‘‘

Pradeep Monday, 17 February 2020 04:15 PM

අගමැතිතුමනි, කරුණාකර ජනාධිපති තුමාට උපදෙස් නොදී එතුමාගේ උපදෙස් අනුව වැඩකරන්න කියලා කට්ටියට කියන්න. අසීරුවෙන් උදාකරගත් මේ අවස්ථාව නැතිකරන්න හදන්න එපා. එහෙම උනොත් මෙවැනි අවස්තාවක් නැවත උදා නොවෙන්න පුළුවන්.

:       0       195

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 279 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site