(රෝහණ සමරවීර)
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලක්‍ෂමන් කිරිඇල්ලේ අමාත්‍යවරයා විසින් නැවැත පෞද්ගලීකරණය කිරීමේ උත්සහයක නිරතවෙමින් සිටින බවත් එම උත්සහය අත් හරින ලෙස රජයට බල කරමින් එහි සේවකයන් පිරිසක් අද (27) එම කම්හල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
2011 වසරේ එවකට රජය විසින් ඌන උපයෝජිතා පනත යටතේ රජයට පවරාගත් ආයතන එම පනත අහෝසි කර නැවැත එම ව්‍යාපාරිකයන්ට ලබා දීමේ අරමුණ ඇතිව පනතක් ගෙනවිත් එය සම්මත කර ගැනීමට රජය මේ වනවිට උත්සහයක නිරත වන බවට විරෝධතාකරුවෝ එහිදී රජයට චෝදනා කර සිටියහ.
ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ජුනි මස 4 වන දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත මෙම පනත හේතුවෙන් සෙවනගල සීනි ආයතනය නැවත දයා ගමගේට හිමි වීමේ අනතුරක් තිබෙන බවට ඔවුහු චෝදනා කර සිටියහ.
එම නිසා එය ඉවත්කර ගැනීමට කටයුතු නොකළහොත් සියළුම සේවකයන් වැඩ වර්ජනයකට සුදානම් බවත් ප‍්‍රදේශයේ සියළු උක් ගොවින්ගේ අස්වැන්න සෙවනගල සීනි ආයතනයට ලබා නොදෙන බවට එම විරෝධතාකරුවෝ එහිදී බලධාරින්ට අනතුරු අඟවූහ.
විරෝධතාකරුවෝ පිරිසක් විවිධ සටන් පාඨ පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර තවත් පිරිසක් පිවිසුම් මාර්ගයට ටයර් දමා පුළුස්සමින් විරෝධතාවය පලකර සිටියහ.
පැය දෙකක පමණ මෙලෙස විරෝධතාවයේ යෙදුනු පිරිස විසිර ගිය අතර තවත් පිරිසක් ඒ අසළ ඉදිකර තිබුණු අට්ටාලයක් මතට නැග සත්‍රයක්ග්‍රහයක නිරත වෙති.
ශ‍්‍රි ලංකා සේවක සංගමය , ජාතික සේවක සංගමය, ප‍්‍රගතශීලි සේවක සංගමය හා අන්තර් සමාගම් සේවක සංගමය යන වෘත්තීය සංගම් මෙම විරෝධතාවයට එක් වී සිටි අතර එම අවස්ථාවේ එම කම්හලේ සියළු කටයුතු ඇන හිට තිබූ බව එම සංගම් ප‍්‍රකාශකයෝ පැවැසූහ.


2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක්
ravi Monday, 27 May 2019 09:27 AM
පරිසර ඇමතිතුමාට තාම ටයර් පිළිස්සීම නතර කරගැනීමට අපහසු වෙලා තියනවා ... මේ ක්‍රියාව ඉතාමත් දරුණු " පරිසර දුෂණයක් " ..