(ඩී.ජී.සුගතපාල , සුමතිපාල දීයගහගේ)
හෙරොයින් පානය කිරිම සඳහා තම 87හැවිරිදි සීයාගේ විශ්‍රාම වැටුප කොල්ලකන ලද මුණුපුරෙකු කොල්ලකන ලද මුදලින් කොටසක් ද සමඟ අද (12) අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබාඇති 19 හැවිරිදි තරුණයෙකි.
සැකකරුගේ සීයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා සිටී. ඔහු විශ්‍රාම වැටුප ලබා ගන්නේ එම ප්‍රදේශයේ උප තැපැල් කාර්යාලයකිනි. සැකකරු බොහෝ අවස්ථාවල සීයා ත්‍රි රෝද රථයක නංවාගෙන උප තැපැල් කාර්යාලයට පැමිණ විශ්‍රාම වැටුප ලබා ගත් පසු එම මුදල් රැගෙන යෑමට පුරුදුව සිට තිබේ.
විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා දියණියක විසින් පියා උප තැපැල් කාර්යාලයට කැඳවාගෙන පැමිණ ඇති අතර සැකකාර මුණුපුරා පැමිණ එකවරම සීයාගේ විශ්‍රාම වැටුප කොල්ල කා පලාගොස් තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියේ නියම වරදකරු හෙරොයින් රටට ගෙනවුත් අපේ තරුණ පරම්පරාව විනාශ කරන කුඩු මුදලාලිලායි.