IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිදීමාලියද්දේ පුද්ගලයකු මියයාම ගැන අයෙකු අත්අඩංගුවට

(නිශාන්ත කුමාර )
 
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ආඳාඋල්පත   ගලහිටියාව වැව ආසන්නයේ දී සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයාගේ මරණය  සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පුද්ගලයකු   සැකපිට  අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.
 
කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් මිය ගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය  සදහා මහියංගන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත රජයේ රස පරීකෂකවරයා වෙත යොමුකළ බවද පොලීසිය පැවසීය.
 
 සිද්ධියෙන් මියගොස් සිටියේ    ඌරණිය ආදාඋල්පත පහළ බටුයාය   පදිංචි    එම්  බී සේනාරත්න නැමැති පුද්ගලයෙකි.
 
.මොහු ඉකුත් 21 දින උදෑසන ඇදිරි නීතිය පනවා තිබියදී නිවසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණි බවට මියගිය අයගේ බිරිඳ විසින් පැමිනිල්ලක් කර තිබූ අතර ඉකුත් 22 දින අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර   ගලහිටියාව වැව අසල තිබී පොලීසියට හමුවිය.
 
 මියගිය පුද්ගලයා   ගලහිටියාව වැව ආසන්නයේ දී පිරිසක් සමග මත්පැන් පානය කළ බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිනි
 
එසේම  තම ගෙවත්තට වන අලි ඇතුලුවීම  වැළැක්වීම සඳහා අදින ලද විදුලි රැහැන් කීපයක්ද පොලිස් නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇත.
 
ඉදිරිපත්වූ   තොරතුරු සැලකිල්ලට ගත් මහියංගන මහේස්ත්‍රාත්වරයා මෙය  සැකකටයුතු මරණයක් බැවින්  විදුලි රැහැන් අදින ලද   පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙසත් මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර උසාවිය වෙත වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසත්   පොලිසියට නියෝග කළේය.
 
රිදීමාලියද්ද වැඩබලන පොලිස්   ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. පී වීරකෝන්  මහතාගේ උපදෙස් පරිදි  රිදිමාලියද්ද පොලිසිය   වැඩිදුර පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

රිදීමාලියද්දේ පුද්ගලයකු මියයාම ගැන අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site