
(ක.ග.කරුණාරත්න)
අධික වර්ෂාව හේතුවෙන් මින්නේරිය ජලාශය මේවනවිට වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මුළු ජල ධාරිතාව අක්කර අඩි 104,000ක් වන මින්නේරිය වැවේ මේ වනවිට ජල මට්ටම අක්කර අඩි 160,000 ඉක්මවා තිබෙන හෙයින් එහි වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘතකළ බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා අද(15) පැවැසීය.
මේ අතර කවුඩුල්ල ජලාශයේද වාන් දොරටු දෙවන වතාවටත් අද නැවත විවෘත කළ බව ඒ මහතා කීය.
නොකඩවා පතින මහ වැසි හේතුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලකම ජල මට්ටම් මේ වනවිට සීග්‍රයෙන් ඉහල යමින් තිබෙන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd