(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 1,500 ක පමණ වගාකර ඇති කොමඩු විකුණාගත නොහැකිව සිටින ගොවීන් සදහා විධිමත් අලෙවි සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පියවර ගත්තේය.
විල්ගමුව - මාරක ප්‍රදේශයේ කොමඩු වගා කරුවන් මුණ ගැසි ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කොමඩු ගොවීන් සදහා නිසි මිලක් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවින්ට කියා සිටියේය.
වසරකට එක් වරක් වගා කෙරෙන විල්ගමුවේ කොමඩු වගාවන් වල අස්වැන්න නෙළිමේ කාලය මේ වන විට සිදුකල යුතුව ඇති බවත්, එහෙත් ඒ සදහා නිසි මිලක් නොමැති බවත් මෙම අවස්ථාවේ දී ගොවීන් කියා සිටියේය.
කිලෝ ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් වූ කොමඩු අස්වැන්න එක වර දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට ලැබුනොත් ගොවීන්ට නිසි මිලක් ලබාදීම ගැටළුවක් වන බවත්,නිසි ක්‍රම වේදයක් යටතේ දිනපතා කොමඩු දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට රැගෙන එන ලෙසත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවීන්ට උපදෙස් ලබාදුන්නේය.
මාතලේ දිස්ත්‍රික්කයේ කොමඩු වගාකරැවන් සදහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම සදහා අවශ්‍ය කටයුුතු දඹුල්ල වෙළද සංගමය සමග සාකච්ඡා කර තිරණයක් ගන්නා බවත් කීවේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වෙළඳ ආර්ථිකයට එල්ලවී ඇති අවදානම් තත්ත්වය ගොවීන්ට දැරිමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ඉඩ නොතබන බව ද ගොවීන් හමුවේ කියා සිටියේය.




2025 දෙසැම්බර් මස 18
9
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ කොමඩු ගොවියන්ට විධිමත් අලෙවි සැලසුමක්
Sanath Kandy Thursday, 26 March 2020 06:51 AM
මේ විදිහට් මිනිස්සු එකතු කරන එක වැරදියි. මේ ඔක්කොම මනාපෙට කෑදරකම නිසා.