IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතර ත්‍රිරෝද රථ රියදුරෝ උද්ඝෝෂණයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ අසල ත්‍රිරෝද රථ ගාල ඉවත් නොකරන්නැයි බල කරමින් එහි රියදුරුවරු පිරිසක් අද (10) පොලීසියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.

විශේෂයෙන් ඔවුන් ප්‍රකාශ කළේ මාතර පොලිස් කොට්ඨාස රථ වාහන ඒකකය එම ස්ථානයේ ත්‍රිරෝද රථ නතර කිරීමට සීමා පනවා ඇති බවයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ හා හිමිකරුවන්ගේ සංගමයේ මාතර දිස්ත්‍රික් සභාපති එම්.එච්.සුමනපාල මහතා මෙසේ කීය.

“මෙම ත්‍රිරෝද රථ ගාල වසර 30 වඩා පැරණියි. අපිට ත්‍රිරෝද රථ නතර කරන්න මාතර මහ නගර සභාව පවා අවසර ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ටිකට් පවා මුදල් ගෙවා අරන් තිබෙනවා. නමුත් මාතර කොට්ඨාස රථවාහන ඒකකය ඇවිත් එක්වරම අපේ රථ ඉවත් කරන්න කීවා. එක වරකට ත්‍රිරෝද රථ තුනක් පමණක් තබාගෙන අනෙක් ඒවා ඊට පසුව නවත්වන්න කියනවා. ඒක ප්‍රායෝගික ක්‍රියාවක් නොවෙයි.

මහා මාර්ගයේ තදබදය අවම කරන්න ගත්ත තීරණයක්ලු. අපි පාර අයිනේ අඩි තුනයි අරන් තිබෙන්නේ. නමුත් පාර අවහිර කරන්නේ පෞද්ගලික බස් රථ රියදුරන්. එහෙත් දවසේ වේල හොයා ගෙන කන අපිව දැන් එලවන්න හදනවා. මේ රස්සාව නැති වුණොත් අපේ මිනිස්සුන්ට වෙන්නේ සොරකම් කරන්න. කුඩු ගංජා විකුණන්නයි. කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ අපට මේ රැකියාව කර ගන්න ඉඩ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි මාතර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති ඩී.එම්.දිසානායක මහතා හා විරෝධතාවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් සමඟ උණුසුම් තත්වයක් ඇති විය.



අදහස් (0)

මාතර ත්‍රිරෝද රථ රියදුරෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site