(කවිතා සුබසිංහ)
කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රජයේ හා සෞඛ්‍ය අංශවල වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් බන්ධනාගාර නේවාසිකයන්ගේ ආරක්ෂාව හා රැකවරණට දිවා රාත්‍රී සේවයේ යෙදී සිටින මහර බන්ධනාගාරයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සේවය කරනු ලබන නිලධාරින්ට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය හා නැවුම් එළවළු පාර්සල් ලබාදීම අද (26) මහර බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙම ආහාර පාර්සල් සදහා හාල් , පරිප්පු, ලුණු, සෝයා,සැමන්,අල ,නුඩ්ලස්,කඩල,සමෂෝෂ, තේ කොළ , පස්පංගුව, තුනපහ වර්ග , පැනඩෝල්, බිස්කට් සහ එළවළු වර්ග10 කට අධික ප්‍රමාණයක් අඩංගු වනු ඇත.
මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු සියළුම නිළධාරින් සදහා කඩිනමින් මෙම ආහාර පාර්සල් ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා අයකරනු ලබන සුළු මුදල රටේ පවතින හදිසි තත්වය පහව ගිය පසුව නිළධාරින්ට පහසු පරිදි ගෙවීමටද බන්ධනාගාර අධිකාරිතුමන් විසින් අවසර ලබාදී ඇත.
ආරක්ෂක අංශ සමගින් සෞඛ්‍ය අංශය ගෙනු යනු ලබන වැඩපිළිවෙලට නොමද සහාය ලබාදෙමින් කටයුතු කරන බන්ධනාගාර නිළධාරින් සිය පුද්ගලික වගකිම් හා යුතුකම් පවා පසෙකලා රාජකාරියට කැපවෙමින් නිවාඩු නොලබා සිදු කරනු ලබන රාජකාරිය අගය කරමින් සහ ඇතිවී ඇති තත්වය හමුවේ නිළධාරින්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහාය විමට මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.

2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහර බන්ධනාගාර නිලධාරීන්ට වියළි ආහාර මල්ලක්