(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජ මහා විහාරස්ථානයට අයත් බෝගන්දන විහාර භූමියේ නිධන් හෑරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයකු අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
සැකකරු හපුතලේ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් ආරක්ෂක සහායකවරයෙකු බවද පොලිසිය කියයි.
මීට සතියකට පමණ පෙර නිධන් සෙවීම සඳහා රාත්‍රී කාලයේ බෝගන්දන විහාරස්ථ භූමිය හාරා තිබිණි.
විහාරස්ථානයේ නිධන් හාරන බවට තොරතුරු ලැබී පොලීසිය එම ස්ථානය වටලන විට සැකකරුවන් පලා ගොස් සිටි බව පොලිසිය කියයි. පුළුල් විමර්ශනයකින් පසුව එක් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බවත්, ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
බෝගන්දෙන විහාරස්ථානය 16,17,18 යන සියවස්වල මෙම ප්‍රදේශයේ බෞද්ධ ආගමික මූලස්ථානය වී තිබූ බව විහාරස්ථානය බාර සොරගුණේ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී සොරගුණේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.
හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝගන්දන විහාර භූමියේ නිධන් හෑරූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට