(නවරත්න සමරතුංග)

බලපත‍්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සහ ගෝන මස් කිලෝ 12 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පැවසීය.

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව පොලිසිය මගහැර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තුවක්කු දෙක සහ මස් තොගය හමුවූ බව පොලිසිය කීය.

ඊයේ (06) රාත්‍රීයේ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති සැකකරුවෙකු ලාතුගල ප‍්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදී  මෙම සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

නඩු භාණ්ඩ සමඟ ඔවුන් අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.