IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු මර්දනයට නව වැඩපිළිවෙළක්

(දසුන් රාජපක්ෂ)

ඩෙංගු වසංගතය මර්දනය කිරීම සදහා අදියර තුනකින් යුත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (13) පැවසීය.

එහි පළමු අදියර ලෙස ඩෙංගු රෝගය බහුලවම ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර රෝගීන් සහ පාරිසරික තත්ත්වයන් එහිදී අධ්‍යයනය කෙරෙන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

දෙවැනි අදියර යටතේ දිවියිනේ සියලු රෝහල්වල 'දැඩි උපස්ථාන ඒකක' නමින් නව ඒකකයක් ස්ථාපිත කොට ඩෙංගු රෝගීන්ට පමණක් ප්‍රතිකාර කෙරෙන සේවයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.

'දැඩි උපස්ථාන ඒකකවල' සේවය කිරීම සදහා ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදුන් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනුයුක්ත කෙරෙන අතර අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර එම ඒකකයට ලබාදීමට යෝජිත බව අනිල් ජාසිංහ මහතා පැවසීය.
 
පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ යුද හමුදාව යොදාගෙන ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නැවත වරක් ආරම්භ කර වැඩිදියුණු කළ ක්‍රමවේදයන් යටතේ එක් මසකට දෙවතාවක් බැගින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් තෙවැනි අදියර යටතේ ක්‍රියාවට නංවන බව ඒ මහතා කීය.
 
කුමන වැඩසටහනක් ක්‍රියාවට නැංවුවද ඩෙංගු රෝගය සියයට සීයක් මර්දනය කළ නොහැකි බැවින් දැනුම්වත්ව සිට ඩෙංගු කීටයන් බෝවීම වළක්වා ගැනීම පුරවැසියන්ගේ වගකීම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



අදහස් (0)

ඩෙංගු මර්දනයට නව වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site