IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇහැළියගොඩ සෝමතිලකයන්ට සබරගමුව සරසවියෙන් සම්මාන

(ප්‍රින්ස් රත්නායක)

 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සංවත්සර දින සමරු උත්සවයේ දී ශ්‍රී ලංකාවේ කලා කෙත අස්වද්දන්නට කැපවුණු සබරගමු පුරවරයේ කලාකරුවකු ඇගයීමට ලක්කරන සම්මානය මෙවර ප්‍රවීණ කලාවේදී  සිනමා හා ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂ ඇහැලියගොඩ සෝමතිලකයන්ට හිමිවිය.

තිරය පිටුපස නිහඬ සේවයක්  ඉටුකරමින් කලා කෘතියකට අනුපමේය දායකත්වයක් ලබාදෙන ඇහැලියගොඩ සෝමතිලක කලාකරුවාට ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත  මහතා විසින් මෙම සම්මානය පිරිනැමිණි.

සෝමතිලකයෝ 1976 වසරේ ධර්ම ශ්‍රී කල්දේරා මහතාගේ ආරධනයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිස දීපාංජලි  චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයෙන් සිය කලා ගමනේ මූලික පියවර තැබූහ.

මුවන්පැලැස්ස, සතර පෙරනිමිති, මිහිඳුම් සළු, නැවත හමුවෙමු, සිස්ටර් මේරි, සමනළ සිහින, නිහඬ කිංකිණි, මායා ඇතුළු විශිෂ්ට ගණයේ චිත්‍රපට රැසක කාල වකවානුව හා ඓතිහාසිකත්වයෙහි  පදනම ආරක්ෂා කරමින්  කලා අධ්‍යක්ෂණයෙන් දායක විය.

1984 වසරේ රූපවාහිනියේ සමාරම්භක කලා අධ්‍යක්ෂවරයකු ලෙස  විවිධ සාකච්ඡා, විචිත්‍රාංග, සංගීත වැඩසටහනහි පසුතල නිමවමින් හා නන්දන වින්දන මැදිරිය, ඉංගම්මාරුවේ නාගරික ගම්කොරටුව, මනෝකායේ විද්‍යාගාරය, චරිත තුනක්හි ගොවිපළ ඔහුගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩවූ නිර්මාණ විය.

1985 සිට 2012 දක්වා  පුංචි තිරයේ ටෙලි සිත්තම් ලෙස සුභ ප්‍රාර්ථනා යශෝරාවය, සින්දුයි බින්දුයි, බුමුතුරුණු, මවකගේ ගීතය , චරිත තුනක්, මහමෙර පාමුල , ඉංගම්මාරුව, මනෝකාය, උතුරුකුරු සටන ගජමන් නෝනා, සෙනුරි, සඳදිය අරණ, කළුවර ගෙදර, යන අගනා ටෙලි නාට්‍යවල කලා අධ්‍යක්ෂවරයා ද ඔහුම විය.

බර්ට්‍රම් නිහාල්, ලුෂන් බුලත්සිංහල, තිලක් ගුණවර්ධන, බන්දුල විතානගේ , දයාරත්න රටගෙදර, විමලරත්න අධිකාරී, සුසිරන් ද සිල්වා, ජනක සුරන්ජිත් යන කලාකරුවන්ගේ නිර්මාණයන්හි කලා අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ සඳහා දායක වෙමින් සිය ප්‍රතිභාව පෙන්වූ කලාකරුවෙකි.

රාජ්‍ය ,සිග්නීස් , සුමති, රයිගම් යන් පුංචි තිරයේ සියලු සම්මානයන්ට හිමිකම් කියමින් 2008,2009 වසර දෙකෙහි අඛණ්ඩව සම්මාන 10 ක් ලබමින් වාර්තාවක් තැබූ එකම  කලා අධ්‍යක්ෂවරයා වෙමින් ඔහු සම්මානයට පාත්‍රවිය. 

  



අදහස් (0)

ඇහැළියගොඩ සෝමතිලකයන්ට සබරගමුව සරසවියෙන් සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site