IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අත්‍යවශ්‍ය වාහන හැර වතුකරයට පැමිණෙන වාහන ආපසු හරවා යවයි

(රංජිත් රාජපක්ෂ)                      

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග බස්නාහිර පළාතට පනවා තිබු ඇදිරි නිතිය (09) දින සිට ඉවත් කිරිමෙන් පසු (ඒ 7) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයෙන් වතුකරයට පැමිණෙන අත්‍යවශය නොවන සියළුම සහ එම වාහනවල ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමට පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව (09) දින මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

හැටන් පොලිස් කොට්ඨාශ ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් පරිදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මාර්ග බාධක යොදා එම මාර්ගයේ  ඇතුල්වන සියළුම වාහන සහ මගින් පරික්ෂා කිරිම සිදු කරනු ලබයි.

එම මාර්ගය ඔස්සේ මේ මස (14) දිනට යෙදෙන දිපාවලි උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිතරව සිටින වතුකරයේ පිරිස් පැමිණෙන බවත් , එම පිරිසගේ විස්තර වාර්තාවක් එම මාර්ග බාධක වලින් ලබාගෙන එසේ පැමිණෙන පිරිස් ඔහුන්ගේ නිවාස වලම දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කියා සිටියේය.

මෙම මාර්ග බාධකයට අමතරව බලංගොඩ බගවන්තලාව මාර්ගයේ බගවන්තලාව පෙට්රොසො වත්ත ප්‍රදේශයෙන් පොලිස් මාර්ග බාධයක් යොදා ඇති බව ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසිය.

එලඹෙන දිපාවලි උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නගර වලට පිවිසම සහ සංචරණය නතර කිරිම සදහා වතුකරයේ සියලු නගර මේ මස (11) දින සිට (16) දින දක්වා වසා දැමිමට දැනට තිරණයක් ගෙන ඇති බවත්, එම කාලය තුළ අත්‍යවශ්‍යය වාහන හැර අනෙකුත් සියළුම රථ වාහන ගමනා ගමනයද නතර කිරිමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

අත්‍යවශ්‍ය වාහන හැර වතුකරයට පැමිණෙන වාහන ආපසු හරවා යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site