IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අංගම්පොර සටන් තහනම ඉවත් කරන්න යයි

(අජිත්ලාල් ශාන්තඋදය)

යටත්විජිත සමයේ ඉංග්‍රිසින් විසින් දේශීය සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාවට දැමූ තහංචි ඉවත්කරමින් සබරගමු පළාතේ පාසල් දරුවන්, තරුණ පරපුර ඇතුළු පිරිසට ඉගෙන ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍ය ජාතික හිටපු ආණ්ඩුකාරවරයකු වූ ජෝන් ඩොයිලි විසින් තහනම් කළ දේශීය සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාව පරම්පරාවෙන් පරාවට හොර රහසේ උගන්වා මෙතෙක් රැකගෙන ආ බවත් ඉදිරියට මේ අංගම්පොර සටන් කලාව රැකගැනීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය බව සබරගමු පළාතේ අංගම්පෝර සටන් පුහුණුකරුවෙකු වූ ලක්‍ෂමන් ප්‍රියරත්න මහතා පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගෙන් ඉල්ලීමක් කලේය. කලක පටන් පැවති එවැනි ඉල්ලිම් රැසක්  සැළකිල්ලට ගෙන පළාත් ආණ්ඩුකාරවරයා මෙම අවස්ථාව ලබාදීමට තීරණය කරනු ලැබීය.

භාවනාව, හෙළ වෙදකම, ජ්‍යොතිෂ්‍ය මෙන්ම රණබෙර වැයීමද අංගම්පොර සටන් පුහුණුව ලබන ශිල්පීන් හැදෑරිය යුතු බව පොන්වාදුන් ලක්‍ෂමන් ප්‍රියරත්න මහතා අංග හෙවත් ශාරීරික සටන් ඉලංගං හෙවත් පොලුමුගුරු කෙටේරි වැනි ආයුධ 36ක් භාවිතකරන සටන් වලින් අංගම්පොර සටන් කලාව සමන්විත බවද සඳහන් කළේය.

අතීතයේ දී මේ සියලු අංග පුහුණුව ලැබූ අංගම්පොර සටන් ශිල්පීන්ට සන්නස් පත්‍රයක් ප්‍රදානය කළ බවද ඔහු අවධාරණය කළේය. සිංහල රජ සමයේ අංගම්පොර සටන් කලාව ජීවිතාරක්‍ෂාවට මෙන්ම රණබිමේ සටන් වලදී ද භාවිත කර තිබේ.

සීතාවක රජ සමයේ දළදා වහන්සේගේ ආරක්‍ෂාවට අංගම්පොර සටන් ශිල්පීන් යෝධ කුරහන් ගලක් තුල දළදා වහන්සේ සඟවා තිබූ දෙල්ගමුව රජමහා විහාරස්ථානයේ සිට වත්මන් සබරගමු මහ සමන් දේවාලය පිහිටි එදා සමන් වෙහෙර වෙත ගන් කළ දළදා පෙරහරේ ගමන් කළ බවද වංශකතාවල දැක්වේ.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ අංගම්පොර සටන් කළාව ප්‍රගුණ කළ පරම්පාරා කිහිපයක් එම ශිල්පය අදටත් රැකගෙන එයි. දැදිගම ප්‍රමේශයේ පැවති අංගම්පොර සටන් කලා ප්‍රදර්ශනයක් ද නැරඹීමෙන් පසු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ අංගම්පොර සටන් කලාව පාසල් සහ තරුණ ප්‍රඡාව අතර ප්‍රචලිත කිරිමට අවස්ථාව සලසා දෙන බවයි.



අදහස් (1)

අංගම්පොර සටන් තහනම ඉවත් කරන්න යයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 07:49 AM

දඬුබස්නාමානය යන ටෙලි නාට්‍යයෙහි මේ සටන් ජවනිකා අපහට හොඳ රසාස්වාදයක් ලබා දුන්නා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1136 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site