( තිළිණි ද සිල්වා)
ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද එහි වැඩිදුරටත් සදහන් වේ.
එසේම ල එම කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායී සංවාදයක් තුළින් සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.