IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘‘16 වැනිදා ජනාධිපති වීමෙන් පසු රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරනවා‘‘

(කේෂර ගුණතිලක)

මොනරාගල කුඹුක්කන් ඔය ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කර වෙල්ලස්සේ ගොවිබිම් සරුබිම් බවට පත්කර ප්‍රදේශයේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (13) මොනරාගලදී පැවති ජනාධිපතිවරණ මැතිවරණ රැළියක් අමතමින් පැවසීය.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සංවිධානය කර තිබූ මෙම රැස්වීමට විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

     ‘‘නොවැම්බර් දහසය වැනිදා මම මේ රටේ ජනාධිපති බවට පත්වීමෙන් පසු රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරනවා. සියලුම වගාවන්ට නොමිලේ පොහොර ලබාදී වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් පනහක් ලබාදෙන අතර ගම්මිරිස් වලටද සහතික මිලක් ලබාදෙනවා.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. සුළු අපනයන බෝග වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවා කුරුඳු,ගම්මිරිස් කරාබු වැනි වගාවන් සුරක්ෂිත කරනවා.

මගේ රජය යටතේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කොට ඔවුන්ගේ දුගී දුප්පත් භාවය නැත්තටම නැතිකිරීමට පියවර ගන්නවා.

සජිත්ගේ දේශපාලනයේ ඉටුකළ නොහැකි පොරොන්දු නැත.ඇතැම් අය පවසනවා සජිත්ගේ තියෙන්නේ පොරොන්දු දේශපාලනයක් කියලා. මම පොරොන්දු දෙන්නේ ඉටුකර හැකිනම් පමණයි.ඇතැම් අය විමසනවා සජිත්ට ඔය කියන දේවල් දෙන්න සල්ලි කොහෙන්ද කියලා.නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හදන්න සල්ලි වියදම් කරන්න පුළුවන් වුණා නම් පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් දෙන්න,සපත්තු කුට්ටමක් දෙන්න,දිවා ආහාරය දෙන්න මුදල් හොයාගන්න බැරි ඇයි.අනවශ්‍ය වියදම් නතර කිරීමෙන් පුළුවන් ජනතාවට සහන දෙන්න.

සියලුම අමාත්‍යාංශවල රජයේ කාර්යාලවල නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම මම නතර කරනවා.දේශපාලනඥයන්ට දෙන වාහන පෝමිට් නතර කරනවා. දෙපාර්තමේන්තුවලට අලුත් වාහන ගෙන්වීමත් නතර කරනවා.ඒ සඳහා යන මුදල් වලින් තමයි පොදු ජනතාවට අවශ්‍ය සහන ලබාදෙන්නේ.

දහසය වෙනිදායින් පසුව පාලකයින් දුක් විඳින පොදු ජනතාව සැප විඳින යුගයක් උදා කරනවා.මට වෙඩි වදින,වෙඩි නොවදින වාහන අවශ්‍ය නෑ.මම පරිහරණය කරන්නේ මට අයත් පෞද්ගලික වාහනයක් පමණයි.මට මන්දිර අවශ්‍ය නැහැ.රජයේ වියදම් හැකිතාක් දුරට අඩු කොට මුදල් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් තමයි රටක් ගොඩනැගිය හැක්කේ.

දුප්පත්කම තුරන්කොට සමෘද්ධිය වැඩිකොට ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීම මගේ එකම අරමුණයි. ජන සවිය යටතේ රුපියල් විසිපන්දහස සංකල්පය මම යළිත් ආරම්භ කරනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්තශාලාවක් ආරම්භ කොට ගමේ තරුණ තරුණියන්ට ගමේ ඉඳන්ම රැකියාවලට යාමේ අවස්ථාව ලබාදෙනවා. වැල්ලවායේ කුකුරම්පොළ ප්‍රදේශයේ තිබෙන යපස් නිධිය තුළින් නව කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා.

ඒ තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙනවා.

ජනතාවගේ අතමිට සරුකොට දුප්පත්කම තුරන්කොට සමෘද්ධිමත් රටක් ගොඩනැගීම මගේ එකම අරමුණයි.

මම සමාජසේවා කටයුතු පටන් ගත්තේ පෙර පාසල් තුලින්.අපේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ පළමු වසරේ සිටයි.නමුත් වියයුත්තේ පෙරපාසල් මට්ටමින් නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමයි.

මම ජනාධිපති වීමෙන් පසු දිවයින පුරා පිහිටි දහනවදහසකට ආසන්න පෙර පාසල් වල සේවය කරන පෙරපාසල් ගුරුවරියන්ට හා සහායකවරියන්ට රජයේ වැටුප් ලබාදෙනවා.

අවශ්‍ය ගොඩනැගිලි හා උපකරණ,ළමා උද්‍යාන ලබාදෙනවා.පෙර පාසල් දරුවන්ට දිවා ආහාරයද ලබාදීමට පියවර ගන්නවා. පාසලෙන්ම දරුවාට දරුවාගේ අනාගතය තීරණය වන පසුබිමක් ඇති කළ යුතුයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඌව වෙල්ලස්සට ලබාදුන් විශ්වවිද්‍යාල පීඨය මම නැවත ලබාදෙනවා.එහි දැනට පිහිටා ඇති යුධහමුදා අභ්‍යාස විද්‍යාලයට අගතියක්වීමට ඉඩ තබන්නේ නැහැ.ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්කොට එහි අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. එම රැස්වීම් අමතා රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශුසම්පත් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි,මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී විජිත් විජයමුණි සොයිසා,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන් ද කතා කළහ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් රැසක් සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කර සිටියහ.

 



අදහස් (0)

‘‘16 වැනිදා ජනාධිපති වීමෙන් පසු රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site