IMG-LOGO

‘‘කවුරුත් බය වෙන්න එපා. වෙලාවට ඡන්දය තියෙනවා‘‘- අගමැති

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

‘‘කවුරුත් බය වෙන්න එපා.අපි වෙලාවට ඡන්දය තියෙනවා‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

අගමැතිවරයාගේ මේ බව පැවැසුවේ ස්වාධීන කොමිෂන් සභාවල සභහපතිවරුන්ගේ හා සාමාජිකයන්ගේ දීමනා වැඩි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

අගැමැතිවරයා මෙසේද කීය.

 ‘‘අපි එදා ඡන්දය වෙලාවට දුන්නා.පරාද වුණත් ඡන්දය තිබ්බා.අප පළාත් ඡන්දයත් වෙලාවට දෙනවා.කවුරුත් බව වෙන්න එපා.මුලින්ම ඡන්ද නීතිය ගේන්න තියනවා.‘‘

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා - ඉස්සෙල්ලා ඡන්දය තියලා ඉන්න.වෙන කතා වැඩක් නැහැ.

අගමැති - ඒකට තමයි අපි මේ කටයුතු කරන්නේ.ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. අපි කළ මේ වැඩ කොමිසම ගැන ලෝකයට ප්‍රශංසා කරනවා.



අදහස් (13)

‘‘කවුරුත් බය වෙන්න එපා. වෙලාවට ඡන්දය තියෙනවා‘‘- අගමැති

Bamunuarachchi Friday, 10 August 2018 12:57 AM

මහින්ද මහතා සමඟ කතාවට පැටලෙන්න එපා.......ෂේප් වෙලා මාරුවෙන්න.

:       42       130

Raveendra Friday, 10 August 2018 03:06 AM

පුරවැසියන් නම් බයවෙලා නැහැ, නමුත් මහජන මුදල්වලින් පිනටම කකා බිබී ඉන්න " පිං හැතිකරය " නම් හොදටම බයවෙලා. බයවෙලා තියෙන තරම කොතරම් ද කියතොත් සමහ අයට වඩදිය බාදිය යන්නෙත් නැහැලු, තවත් සමහර අය බලාගත් අත බලා ඉන්නවලු.

:       0       143

Perakum Friday, 10 August 2018 04:18 AM

‘‘කවුරුත් බය වෙන්න එපා. අපි වෙලාවට ඡන්දය දෙනවා"

:       3       174

Adam Friday, 10 August 2018 09:06 AM

මෙයා ඉතින් කවදත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් තමයි කට විතරයි වැඩ නැහැ... විකාරෙන් කියවනවා.

:       274       500

Perakum Friday, 10 August 2018 09:45 AM

ඉතින් රවීන්ද්‍ර ඔය කියන හැතිකරය පත්කරගත්තෙත් අපිම නේද?

:       0       40

කසුන් Friday, 10 August 2018 11:11 AM

ඔහොම තමයි අර මහේන්ද්‍රන් කියන පල් හෝරාව කොහෙන්දෝ ගෙනැල්ලා.... ඇමැතිවරු විරෝධය දක්වද්දීත්.. බැංකුවට දමද්දීත් කිව්වේ... එතැනින් හොඳ කුට්ටියක් ලැබුණා.

:       211       313

Janahitha Friday, 10 August 2018 03:43 PM

මොකේ වෙලාවටද ඡන්දේ තියන්නේ?

:       0       59

Janahitha Friday, 10 August 2018 03:48 PM

ඒ වෙලාවට ජනතාව තිතට වැඩේ දෙයි.

:       41       91

lalith Friday, 10 August 2018 03:54 PM

ඒ කියන්නේ ඩුප්ලිකේට් කොළ අච්චුගහලා ඉවරයි කියන එකද?

:       2       89

Vijitha Saturday, 11 August 2018 03:55 AM

මම හිතුවේ වෙලාව පහුවෙලා හුඟක් කල් කියලා...

:       0       59

dinesh Monday, 13 August 2018 07:53 AM

දැන් මේ පළාත් සභා චන්ද පවත්වන්න කියා වැඩියෙන්ම කෑගහන්නේ 1988දි පළාත් සභා පිහිටුවන විට එයට විරුද්ද වුන ,තමුන් බලයට ආ විගස පළාත් සභා අහෝසිකරනවා කියා 88දි පැවැත්වූ පළමුවෙනි පළාත් සභාවට තරග නොකළ අයම නේද? දැන් මොකද මේ ඇත්තෝ පළාත් සභාවලට මේ තරම් ආශා නොකර බැහැ නේද ? තීරු බදු රහිත වාහන, ලක්ෂ හයේ පුටු.

:       1       1

සතයපාල Monday, 13 August 2018 04:30 PM

බය නැති අගමැතිට අපි කියන්නේ අපි නැහැ ඡන්දය ගැන බය වෙන්නේ. නිසි කළට ජන්දය තොප නොතියන්නේ ඡන්දය තියනා හැටි අප දන්නේ

:       0       2

සෙනෙවි Sunday, 26 August 2018 05:27 AM

ඇයි අපි බයවෙන්නේ? ඔහේලනේ ඡන්දෙට බය වෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site