IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘විජයකලා මන්ත්‍රීධුරයෙනුත් ඉවත් විය යුතුයි‘

 (නාලක සංජීව දහනායක)


එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය නැවත ස්ථාපිත කළ යුතු බවට ප‍්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය අමාත්‍යධූරයෙන් පමණක් නොව තම මන්ත‍්‍රීධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.


විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය මේවනතුරුත් තම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන නොමැති බැවින් ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (5) පැවසීය.  
          මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.


විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම තාවකාලික පියවරක්. මීටකලිනුත් යම් යම් ප‍්‍රශ්න මත තිලක් මාරපන, රවී කරුණානායක මහත්වරුන් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වුණා. විජයදාස රාජපක්‍ෂ මහතා ඇමතිකමින් ඉවත් කළා. නමුත් කෙටිකාලයකින්ම තිලක් මාරපන හා විජයදාස රාජපක්‍ෂ මහත්වරුන්ට අමාත්‍යධූර ලැබුණා.ඒ නිසා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇමතිකමින් ඉල්ලා අස්වීම ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. මේ බරපතල ප‍්‍රකාශය ඇය මේවනතුරුත් ඉල්ලා අස්කරගෙන නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ඇය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (5)  පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 



අදහස් (2)

‘විජයකලා මන්ත්‍රීධුරයෙනුත් ඉවත් විය යුතුයි‘

Bamunuarachchi Friday, 06 July 2018 05:10 PM

තම අදහස නිර්භයව ප්‍රකාශ කල නිසාද? ඒ ගැන සතුටුවන්න.

:       0       0

Bamunuarachchi Friday, 06 July 2018 05:18 PM

විජයකලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනාම ඔවුන් දරන අදහස්වලිනුත් ඉවත් වෙනවාද. කලයුත්තේ ඔවුන්ගේ ඒ අදහසට හේතුවූ කරුණු සොයාබලා ඒවා ඉවත්කිරීමයි නේද? විජයකලා ගෙන් එලියට ආවේ එම ජාතියේ අදහසයි. ඒ බව තේරුම්ගෙන කටයුතු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site