IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක්

නාලක සංජීව දහනායක
 
මැතිවරණ වලට බිය නැත්නම් අලූත් හෝ පැරණි මනාප ක‍්‍රමය හෝ ආණ්ඩුව කැමති  ඕනෑම ආකාරයකට මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. 


ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නමින් බලයට ආ රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළු දිය පහවන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


අද රට පාලනය කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම ආණ්ඩුව බවට කතා දෙකක් නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු තුනක් යනකොට රට හැමපැත්තකින්ම විනාශ වුණා. ආර්ථිකය, සංවර්ධනය, ආරක්ෂාව වගේ හැම අංශයකින්ම රට පහළට වැටුණේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අසාර්ථකකම නිසයි. 


මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව අයිතිය ගැන ලොකු ලොකු කතා කියමිනුයි. එදා ඒ කිව්ව යහපාලනය අද ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන්න අරගෙන. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොයිතරම්ද කියනවා නම් ඡන්ද කිව්ව ගමන් ආණ්ඩුවේ කකුල් ගැහෙන්න ගන්නවා. සුළුදිය පහවෙනවා. 


පළාත් පාලන ආයතන ඡන්දය අවුරුදු දෙකක් කල්දැම්මා. අන්තිමට ඡන්දය තිබ්බේ රටෙන් ආපු බලපෑම තවදුරටත් ඉවසන්න බැරි තැනයි. දැන් පළාත් පාලන ඡන්දය කල්දාන්න පටන් අරගෙන තියෙනවා. පළාත් සභා තුනක කාලය ඉවර වෙලා මේ සැප්තැම්බර් මාසයට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. හැබැයි තාම ඡන්දය තියන්න උනන්දුවක් නැහැ.
 



අදහස් (2)

ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක්

kalani Wednesday, 11 July 2018 03:23 AM

අපේ රට ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව යහ පාලනය නොවෙයි. දොන් ජුවන් ධර්මපාල, ලීලාවතී රැජින, ආදී කොපමණ සංඛාවක් සිටියද?

:       0       0

Chanak Los angeles Wednesday, 11 July 2018 04:54 AM

දේශපාලකයෝ රටේ සම්පත් හොරකම් කරගෙන දියුණු වෙලයි ඉන්නේ. දැන් ජනතාව දියුණු විය යුතුයි.ඒක නිසා රටේ ජනතාව ආර්ථික වශයෙන් නැගිට ගන්න තුරු ඡන්ද තියන්න අවශ්‍ය නැහැ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site