(නිමල කොඩිතුවක්කු)
තමන් ත්‍රස්ත සංවිධානයක් සමඟ හවුල් බවට පවසමින් මැතිවරණ සමයේ තමන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළඹදී අද (06) පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
කොළඹ 8, ලේක් ඩ්‍රයිව් පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කබිර් හෂීම් මහතා මෙසේද කීය.
“පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේදී දුන් සාක්ෂි අනුව මාධ්‍යයේ මට චෝදනාවක් කරලා තිබුණා. මාස කිහිපයකම සිට කබීර් හෂීම් කියන නම ඉලක්ක කරගෙන එක එක දේවල් අරගෙන මට මඩ ගහනවා.
මුලින්ම ශ්‍රී ලන්කන් ගුවන් ආයතනය අල්ල ගෙන මඩගැහුවා. ඒ වගේම බැදුම්කරය සම්බන්ධයෙන් මට චෝදනා කළා. මට ජනාධිපති කොමිසමෙන් එන්න කිව්වා. මම සාක්ෂි දීලා ආවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට චෝදනා කරලා තිබෙනවා.
යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේදී ආයෝජනය කිරීම සඳහා මුස්ලිම් ඇමැතිවරු දෙන්නෙක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉන් එක්කෙනෙක් රිෂාඩ් බදියුදීන්. අනෙක් ඇමැති මම කියලා සඳහන් වෙනවා. මම කිසිම ආයෝජනයතක් කරලා නෑ කියලා මම පැහැදිලිව කියනවා. මම එහෙම සමාගමක් ගැන දන්නේත් නෑ. ඒ කිසිම දේකට සම්බන්ධ වෙලා නෑ.
මම ආයෝජනය කරලා තිබෙනවා ද කියලා අඩු තරමේ අහලා තිබුණානම් මට එවිට උත්තරයක් දෙන්න තිබුණා. මම තරයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ මම සම්බන්ධ නෑ. එහෙම කරලා තිබෙනවා කියලා කියනවානම් මම තනතුරු වලින් ඉල්ලා අස් වෙන්න සූදානම්.
සජිත් ප්‍රේමදාස මහතා මගේ ආසනයේ රැස්වීමක් පවත්වන්න තිබියදී තමයි මේ විදිහට පුවත් පතකින් මට ගහන්නේ. මම සජිත් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. ඒ නිසාම මට හැම පැත්තෙන්ම ගහනවා ඇති. ඒත් අපි අපේ වැඩපිළිවෙළ නවත්වන්නේ නෑ කියා කිව යුතුයි.‘‘ යැයි ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලගේ සියලු දෙනාම ඔබලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ත්‍රස්ත ක්‍රියාවලියකට සම්බන්ධයි.. .
"මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි." සිංහලයනි, මේ කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. එසේ නම් සිංහලයින්ද සුළු ජාතීන්ගේ බලපෑම්වලට අසුනොවී ජීවත්වීමට නම් ආසන 150වත් බලවත් සිංහල පක්ෂයක් දිනාගත යුතුයි. 75%ක් ජනගහනයක් සිටින සිංහලයින් තම රටේ 2% පන්තියේ පුරවැසියන් වෙනවා. වයිමාටවත් නවත්වන්න බැරිය.
"කැකිල්ලේ රජ්ජුරුවෝ නැවත ඉපදිලා වගෙයි" උපමාවක් යෙදීමටත් දැනීමක් තිබිය යුතුයි. ඔය උපමාව මෙගේ අදහසට ගැලපෙන්නේ කොහොමද? ඔබේ උපමාව හරියට කොරෝනා වයිරසයක් බළලෙකුගේ ස්වාශනාලයට ඇතුල් කරන්න හදනවා වගේ... ගැලපෙන්නේ නැත.