IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කොළ කෑල්ලකට අත්සන් කරන්න පුත්තලමේ ඉදන් මං එන්නේ නැහැ‘

(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද(21) පැවැසීය.
 
එවැනි ඉල්ලීමක් සඳහා අත්සන් කරන සංඛ්‍යාව වැදගත් නැති බව කී රංගෙ බණ්ඩාර මහතා එක් මන්ත්‍රීවරයෙක් අත්සන් කර හෝ නොකර ඉල්ලීමක් ඉදිරිපත් කළත්, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය පියවර ගනු ඇති බවද සඳන් කළේය.
 
ඒ අනුව සුදුසු පරිදි මන්ත්‍රී කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර මහතා කීය.
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ආශු මාරසිංහ මහතා පැවැසුවේ අදාළ ලිපියට තමා අත්සන් කළ අතර, එලෙස අත්සන් කළේ පක්ෂයේ අවශ්‍යතාවය මත බවයි. ඇතැම් මාධ්‍ය මේ ලිපිය වෙනත් අවශ්‍යතාවයක් සඳහා උලුප්පා දක්වන්නට උත්සාහ කරමින් සිටින බව කී මන්ත්‍රීවරය එවැනි දෑ කළහොත් තම අත්සන ඕනෑම මොහොතක ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.
 
තමාගේ නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන හෙයින් සෑමවිටම පක්ෂ විනයට යටත්ව කටයුතු කරන බවත්, අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තීරණ ගැනීමට පක්ෂ නායකත්වය ස්වාධීන අයිතිය දී තිබෙන බවත් ආශු මාරසිංහ මහතා කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ අදහස් පළ කළහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (13)

‘කොළ කෑල්ලකට අත්සන් කරන්න පුත්තලමේ ඉදන් මං එන්නේ නැහැ‘

Bamunuarachchi Wednesday, 21 August 2019 09:42 AM

ඔව් මොන අත්සන් කිරිල්ලක්ද? ඔන්න ඔහේ අල්ලලා දාලා ගෙදරට වෙලා පෙරෝගෙන නිදිය ගන්නවා.

:       36       303

niclo Wednesday, 21 August 2019 10:09 AM

ගල් බාගයක් ගහලම නිදාගත්තොත් හොඳයි නේද?

:       0       28

chandima Wednesday, 21 August 2019 11:55 AM

පුත්තලම් බූරුවන් කවද්ද කොළඹ ගියේ...?

:       181       209

thilakasiri Wednesday, 21 August 2019 11:55 AM

පක්ෂ නායකයට හා පක්ෂයේ විනය ගරුකිරීම සෑම පාක්ෂිකයෙකුගේම පරම යුතුකම මෙන්ම සදාචාරසම්පන්න මෙන්ම බුද්ධිසම්පන්න බවයි. එසේ නොකර හිතුමතේ ක්‍රියාකර තම බලය පෙන්නන්න යන්නේ මහා මෝඩයෙකි. එවැන්නෙකුට සහය පලකරන්නේද එවැනිම මෝඩ රැලකි. රංගේබණ්ඩාර මහතාණෙනි, ඒ අනුව බලන කල ඔබ විශිෂ්ඨයි.

:       112       226

BamunuarachchiWednesday, 21 August 2019 01:05 PM

රංගේ බණ්ඩාර මහතාණෙනි, ඒ අනුව බලන කල ඔබ විශිෂ්ඨයිලු. අම්මට සිරි ....!!! කොහොමද රංගේ බණ්ඩාර වැස්ස දවසක මඩපාරක ඉස්සරහට හම්බ වුණානම් හතර ගාතේ දාලා වඳියි නේද? ඔය මානසිකත්වයෙන් කවදා ඉවත්වෙයිද? රංගේබණ්ඩාර කියන මෑන්ම දාගත්ත කමෙන්ට් එකක්වත්ද?

:       207       73

Chanak los angelesWednesday, 21 August 2019 09:38 PM

වහලුන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ අන්දමන්ද වෙලා යූඑන්පීයෙන් එන ජනපති අපේක්ෂකයා නිසා... ඕනෑ නම් පොඩි හින්ට් එකක් දෙන්නම්.. ඔහු තමයි අර හොර අගමැති පස්ස දොරෙන් ඇවිල්ලා රට අස්ථාවර කරනකොට බය නැතිව කෙලින් හිටගෙන තීරණ ගත් පුද්ගලයා...

:       0       0

Anti-BamunaThursday, 22 August 2019 04:06 AM

ඔය මහින්දට ගොට්ට අල්ලනවා වගේ තමයි.

:       0       1

BamunuarachchiThursday, 22 August 2019 07:02 AM

මහින්දට නැතුව මම කොහේවත් ඉන්න හාල්පාරුවෙකුට මොකද ගොට්ට අල්ලන්නේ? ඔහේ වගේ? මහින්ද දෙමළුන්ගෙන් රටබේරා දුන්නු ජාතික නායකයෙක්. ඔහේගේ ලෝක්කා මහබැංකුව මංකොල්ල කාලා රට අරාජික කළ කෙනෙක්. වෙනස ඒකයි. මා ගැන කතා කරන්න එපා. මම කියන කරුණු ගැන කතා කරන්නේ? එච්චර බුද්ධියක් නැහැ නේද?

:       2       0

Anti-BamunaThursday, 22 August 2019 10:05 AM

හරි මචං එළ...

:       0       1

BamunuarachchiFriday, 23 August 2019 02:31 AM

"අන්දමන්ද වෙලා යූඑන්පීයෙන් එන ජනපති අපේක්ෂකයා නිසා... " ඇයි යූඑන්පීයෙන් ජනපති අපේක්ෂකයෝ කීදෙනෙක් එනවද? රංගේ බණ්ඩාර ත් එනවද? යූඑන්පීය එතරමට බංකොලොත්ද? පත්තරේක තිබුනා හිස්බුල්ලත් ජනපති අපේක්ෂකයා හැටියට ඉල්ලනවා කියලා. ඉන්න හිතෙන රටක්.

:       1       0

sirimal Wednesday, 21 August 2019 12:52 PM

ආයෙත් වතාවක් "රංගෙද?" කියලා අහන්න පටන් අරගෙන කියලයි අපට නම් ආරංචි...

:       1       103

sharm warn Wednesday, 21 August 2019 01:09 PM

අනේ අම්මේ.. පුදුම භක්තියක්නේ.. කවුරු වෙනුවෙන්ද? රට සහ ජනතාව වෙනුවෙන් කියලද කියන්නේ? ඔව්වා කියන්න ගිහින් කොන්ඩේ බැදපු චීනෙකුට.. අපිට හිනා වෙන්න තැනක් නැතුව හොයනවා..

:       57       4

vidya Wednesday, 21 August 2019 08:01 PM

පුත්තලමේ ඉස්කෝලවල ඉන්නේ ඉතාම අසරණ දරුවෝ. මේ දරුවෝ ගුරුවරු ටැබ් පරිගණක අන්තර්ජාල පහසුකම් ඉල්ලන්නේ නැනේ . මේ දරුවන්ට ඕනේ පිරිසිදු පානීය ජලය සහ වැසිකිළි පහසුකම් . මුදල් නැතිනම් පින් පෙට්ටි ටිකක් අරගෙන ගිහින් හරි මේ ටික කරලා දෙන්න . බලන්නකෝ ඔය කොළඹ ඉන්න දේශපාලනේ කරන අය. සුපිරි වාහන වලින් බැහැලා ඔහේ කියවනවා . නැතිනම් අර පොඩි දරුවන්ට දෙන චිත්ත වේදනාව දුක නිසා අපි ඔක්කොම හතර මහා නරකාදියට වැටිලා දුක් විදීනේ . තනිවම මේ ගැන හිතන්නකෝ . අපිත් පුළුවන් විදිහට අප්‍රසිද්ධව යම් යම් දේ කරනවා . නමුත් ඒවා පැලැස්තර පමණයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 100 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 807 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2210 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1556 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2122 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site