(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ.
විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (20) රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වී ඇත.
පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අද (21) දිනයේදී හා හෙට දිනයේදී (22) මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර 23 වැනි සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටී.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.