(තිළිණි ද සිල්වා)
පාස්කු ඉරිදා දිනයේ (21 වැනිදා) ශ්‍රී ලංකාවේ ස්ථාන 9 කදී සිදුවූ පිපිරීම් හේතුවෙන් 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බැරැක් ඔබාමා යන මහත්වරු ශෝකය පළ කර සිටිති.
‘‘ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ජනතාවට හෘදයාංගම ශෝකය පළ කරයි. උදව් කිරීමට අපි සූදානම්ව සිටිමු ‘‘ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පණිවුඩයෙන් කියැවේ.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පෙන්වා දෙන්නේ සංචාරකයින් හා කතෝලික බැතිමතුන් ඉලක්ක කර ගත් මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි වන්නක් බවයි. එබැවිත් ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන් සහ ජනතාව සමග එක්ව එකට සිටින බවද හිටපු ජනපතිවරයා සිය පණිවිඩයෙන් කියා සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ ශෝකය පල කිරීමෙන් වැඩක් තියෙනවද? මැරුණු මිනිස්සුන්ට පණ එනවද? බරපතල තුවාල ලැබුවන්ගේ තුවාල ඉක්මනින් හොඳ වෙනවද ? මෙයට වඩා හොඳයි, අනෙක් රටවල අභ්‍යන්තර ප්‍රශ්න ඒ රටවලට විසඳ ගන්න දීලා තමන්ගේ රටේ ප්‍රශ්න බලා ගත්තම.