(අංජුල මහික වීරරත්න)
පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප්‍රකාශ කළැයි ද ඒ සියළු කරණා සළකා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ අද (15) පැවැසීය.
එජාප ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීම අසීරුවිය හැකි බව කී අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය බව ද සඳහන් කළේය.
"ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අවධානයට ලක්වී ඇති අතර 2015 ජනාධිපතිවරණයේ දී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇත්තේ "මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේ දී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් දඹර අමිල හිමියන් ප්‍රකාශ කර ඇත.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් නැතුව මේ පක්ෂය ගෙනියන්න පුළුවන්ද? මම එජාප කාරයෙක් හෝ වෙනත් පාක්ෂිකයෙක් නෙවෙයි මම රටේ දේශපාලන තත්වය ගැන විමසිලිමත්.. පක්ෂයක විනයක් තිබිය යුතුයි. කවුරුත් එකමුතු නොවී කොටසක් වෙනම අපේක්ෂකයෙක් එම පක්ෂයෙන් ඉල්ලනවා කියලා නටන්න පුලුවන්ද? සජිත් පස්සෙන් යන කට්ටිය පක්ෂය තමන්ගේ අතට අරගෙන. මෙයාලට කියන්නේ රෙබෙල්ස්ල කියලනේ. රනිල් නායකයා නොවෙන්න මෙයාලා මෙලහට වැඩේ දීලා...
තෝරගන්නම අමාරු නම් රුපියලේ කාසියක් ගෙනැල්ලා ටොස් එකක් දැම්මා නම් හරි...
2015 මේ සිවිල් සංවිධානවලට නායකත්වය දුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්. එ්ත් බලයට පත් වී නොබෝ දිනකින්ම සිරිසේන හා රනිල් යුගලය උන්වහන්සේ බලාපොරොත්තු වූ සියලු ප්‍රාර්ථනා බිඳ දැම්මා. ඉතින් තවත් රනිල් පස්සේ ගිහින් මේ අයට ලබාගන්න පුළුවන් දෙයක් තියෙනවද? දැන් කළයුතු එකම දෙය විකල්ප වැඩපිළිවලක් ඇති ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග එක්වී මේ රට අලුත් මාවතකට හැරවීමට කටයුතු කිරීමයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇති අදහස ඒකමතිකවම ස්ථිර කරමි. මොකද මේ සටන ලෙහෙසි නැහැ. එ්කයි සත්‍ය කතාව.
කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරන්නේ රනිල්, ජනාධිපති අපේක්ෂකයා පත් කරන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. එතකොට අපේක්ෂකයා කව්ද කියලා දන්නවනේ...?
හොඳ සාකච්ඡාවක් වෙන්න ඇති, මොකද ආපු අය බොහෝ උගත් තනතරු සොයමින් පැති මාරු නොකරන පිරිසක් නිසා. පක්ෂයේ මහජනයා අතර ජනප්‍රිය පුද්ගලයා සජිත්. ඔහු ඕනෑම කෙනෙක් පරදා ජනාධිපති ඡන්දෙන් දිනන්න පුළුවන්. එහෙත් සජිත්ට පුරුදු මුදල් වියදම පමණයි. එමනිසා දින්නයින් පස්සේ රට දියුණු කර ඉදිරියට ගෙනයන්නට නම් ඔහුට තනි තීරණ ගන්න බැරිවන විදියට නීති සකස් වියයුතුයි. උගත්, වැදගත් උදවිය එකතු වූ කමිටු සංගම් වල උපදෙස් ක්‍රමසම්පාදනවලට අනුව ජනාධිපති ඉදිරි වැඩ කටයුතු කළ යුතු පරිදි රටේ නීති සැකසිය යුතුයි. එය ඡන්දෙට කලින් සිදුවිය යුතුයි. අනික ගිය ආණ්ඩුවේ කෙරුවාව බැලුවාම, ඒ පැත්තෙන් එන එක්කෙනා නපුරෙක්, එයා දිනුවොත් ජනතාවට බියෙන් සහ පීඩනයෙන් තමයි ඉන්න වෙන්නේ...
මධ්‍යස්ත පුද්ගලයෙක්. කරු..! හැමෝම එක් වේවි...!!!
"ලිච්ඡවී පාලනය" කියන්නේ ඕකනේ. අයියා මලෝ එකතුවෙලා වලව්වේ කෑම කාමරේදී තීන්දු තීරණ ගන්නවා වගෙයි නෙවේ,.. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වැඩ කරන්නේ. පිටතින් එක එක්කෙනා මොන මොන අදහස් පලකෙරුවත් ඒවා සියල්ලම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර එහිදී කවුද සුදුසු කියා තෝරා බේරා ගැනීම තමයි සුදුසුම ක්‍රමය. එතකොට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරලා තියෙන්නේ රනිල්ගේ හිතවත්තු කියලා. ඒ කතා කියන්න තිබුනේ මණ්ඩලය පත්කරපු දවස්වලයි. කෙසේනමුත් ප්‍රේමදාස මහත්තයා "බෙල්ල කැපුවත් ජනාධිපතිවරණයට එනවා එනවාමයි" කියමින් මේ කරන්නේ පක්ෂය දෙකට තුනට කඩා විරුද්ධවාදීන්ට ජයග්‍රහණය පූජා කිරීම කියලයි සමහරු කියන්නේ... එතුමා සමඟ සිටිය කණ්ඩායමත් එන්න එන්නම අඩුවෙන බවත් කියනවා. දැනට සජිත් සමඟ ඉන්නේ කබීර්, මංගල, මලික් සහ මද්දුම බණ්ඩාර යන හතර දෙනා විතරයි කියලයි කියන්නේ. ඒ අතර කබීර් අයින්කර පක්ෂයේ සභාපතිකම කිරිඇල්ලට දෙන්න යන කතාවකුත් ඇහෙනවා. මේවා කොතනින් කෙලවර වෙන ප්‍රශ්නද කියා අපි නම් දන්නේ නැහැ. මේවා පස්සේ ඉන්නේ මේවාට වියදම් කරන, මාධ්‍ය ප්‍රචාර නොඅඩුව ලබාදෙන, රනිල්ට විරුද්ධ පක්ෂයෙන් පිට අය බවනම් පැහැදිලියි.
රට විකුණපු නපුරු සමනලයෙක්ද? සා.පෙළ අසමත් අයෙක්ද?
බළලුන් ලවා කොස් ඇට බානවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ..
අපේ සහොදර ජනතාවගේ දැඩි ජාතිවාදි ක්‍රියා නිසයි සිංහල ජනතාවට සිතෙන්නේ අපි නේද? බහුතරය කියලා. ඔය උගත්තු මුලින්ම උපදෙස් දියයුත්තේ ඒ දේශපාලනයට. නැත්නම් සිංහල ජනතාවට ජාතිවාදය සිතෙන්නේවත් නැහැ.
කෘත්‍යාධිකාරි මණඩලය පත් කරන්නෙත් රනිල්මයි. මාර ප්‍රජාතන්ත්‍රවාදය. මහින්ද කළා වගේ අලුත් පක්ෂයක් හදලා වැඩේ පටන් ගනිමු. රනිල්ට වෙන්නේ මෛත්‍රිට වෙච්ච වැඩේමයි. විපක්ෂ නායකකමවත් නැතිවේවි...!!!
ඔන්න මල්ලිලා බලාගන්න තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලංකාවේ වැඩකරන විදිය. නායකතුමා අපට කියනවා පොඩි සාමාජික මුදලක් ගෙවලා ඒ ගොල්ලන්ගේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා. ඉන්පස්සේ නායකතුමාම කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කරනවා. ඉන්පස්සේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කියනවා ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න කියලා, ඔය එකකටවත් සාමාජික අපිට ඡන්දෙ දෙන්න අයිතියක් නැහැ. ඉන්පස්සේ ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම ජනතා නියෝජිතයන් වෙන්න සුදුසු හිතමිත්‍රාදීන් නම් කරනවා. ඒ සමහරු පක්ෂයේ පැත්ත පළාතේවත් නොහිතපු අහසින් පාත්වූ කට්ටිය. අන්තිමේ අපි, සාමාජිකයින්ට කියනවා මෙන්න මෙයාට ඡන්දෙ දෙන්න කියලා. පක්ෂයේ සාමාජික අපට පක්ෂ නායකයා තෝරන්නවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයට තෝරන්නවත්, අපේක්ෂකයන් තෝරන්නවත්, පක්ෂ ප්‍රතිපත්ති තෝරාගන්න හෝ සංශෝධනය කරන්නවත් ඉඩක් නැහැ. අන්තිමේ ඡන්දෙ දවසට කියනවා ජනතාවට මේ ජනතා නියෝජිතයින්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු එවන්න කියලා. මෙදාපාරත් පක්ෂ සාමාජිකයින් කැමතිකෙනා වෙනුවට අර මණ්ඩලේ කැමති කෙනා තෝරන්නයි යන්නේ. මේ කොලේ වහලා ගෙනියන ඒකාධිපති ක්‍රමය අපේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක රටේ අවාසනාවක්. මේ පාරත් තව අවුරුදු 5ක් රට කන්න යන්නේ...
මේ දක්වාම බොරු බලුපොරයක් පෙන්නලා අපිව රවට්ටන්න හදනවා. රටේ ආර්ථිකය ගොඩගන්න කරන සැලැස්මවත්, පක්ෂයේ ප්‍රතිපත්තිවත්, මොනවද කියලා නැහැ. අන්තිම මිනිත්තුවේ මොනවා හරි බොරු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පෙන්නලා අපේ ඡන්දෙ ඉල්ලයි. ඉන්පස්සේ තවත් කාලයක් අපිට වෙන්නේ කට පියාගෙන ඉන්න මේ ගොල්ලෝ රට වනසන හැටි බලාගෙන... මේ මොන වෙස්මුණු දාගෙන ආවත් එන්න යන්නේ පසුගිය අවුරුදු විසි තිස් ගානක්ම රට වනසපු හොරුමයි.
අපි අන් අයට අපහාස කරන්න... පළමුව ඒ කියන්නේ අනුන්ගේ ඇහේ තියන රොඩ්ඩ අරන් දාන්න කලින් තමාගේ ඇහේ තියන් පරාලය ගලවා දාන්න කියලයි.
මොන කෙනා ආවත් පරදිනවා..
අලියා අන්ත පරාජයකට පත් වෙන බව සිකුරුයි
මේ දෙගොල්ලෝම ජනතාව අන්දවනවා. අල්ලේ නටවනවා. මේ පාර ජනතාව හරියට ගේම දුන්නේ නැත්නම් දත නියාවන් ඉන්න තමයි වෙන්නේ. නාගා ගේමු.. රට කාපු සේරමලා ගෙදර යවමු.
රනිල් මහත්තයෝ පොඩ්ඩක් වටපිට බලන්න. පොත පත කියන උගත් නායකයනේ ලෝකේ කිසිම වැදගත් රටක දේශපාලන නායකයෙක් ඔහොම එල්ලිලා හිටියද කියලා අවුරුදු 30 ගණනක් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හිරබත් කාපු මැන්ඩෙලා බලයේ හිටියේ එකපාරයි ප්‍රංශයේ හිට්ලර්ගෙන් බේරගත්ත ඩිගොල් දාලා ගියා.. යුද්ධය දිනපු චර්චිල්ව මිනිස්සු පැරැද්දුවම දාලා ගියා එංගලන්තේ යකඩ ගැහැණි මාගරට් තැචර් බලයේ ඉද්දීම පක්ෂේ තීරණයට අවනත වෙලා ගෙදර ගියා මොනවත් වුනේ නැහැ. තමන්ගේම පක්ෂයේ හිටපු පතාක නායකයෝ වූ ඩඩ්ලි, ජේ.ආර්. ආදර්ශයට අරගන්න ඔය පක්ෂේ සිංහල බෞද්ධ විරෝධී, ටයි කෝට් අදින සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අඳුනන්නේ නැති, තත්වයට පත් කළාට ඔබට සමාවක් නැහැ.
මේ අවුරුදු 72 ක දේශපාලන ඉතිහාසය පුරාවටම එදා සිට අද දක්වා මාරුවෙන් මාරුවට අපේ සල්ලි මංකොල්ලකාපු අසාර්ථක යල් පැන ගිය දේශපාලකයන්ට තරුණයින්ගේ හැගීම් තේරුම් ගන්න බැරි බව ඔප්පු කර තිබෙනවා. අළුත්වෙමින් පවතින ලෝකය ගැන හොද අවබෝධයක් ඇති නායකයෙක් නූතන තරුණ පරපුරේ සැබෑ හැගීම් තේරුම් ගත්ත උගත් බුද්ධිමත් විනයගරුක සමාජ අත්දැකීම් ඇතී යහපත් ඉතා සාමකාමි නායකයෙක් ප්‍රජාත්‍රන්ත්‍රකව ගෞරවයෙන් රට නිවැරදි දිශාවට පෙළ ගැසිය හැකි රටට අවංකව ආදරේ කරන දේශපාලනික දැක්මක් ඇතී අනෙකාගේ මතයට ගරු කරන කොන්ද පණ තියෙන පොළවේ පය ගහලා ජිවත් වෙන පරිණත නායකයෙක් පත් කරන්න අත්වැල් බැඳ ගමු. මෙය තමයි විය යුත්තෙ බලවේගයකට වෙනස් විය යුතුමයි. ඡන්දදායකයා තේරුම් ගත යුතුයි . පක්ෂ පාට නැතිව පෞද්ගලික මතවාදයන් නිවැරදි කර මානුෂීය සැබෑ මහත්මා ගතිගුණ දේශපාලන සමාජයක් ගොඩනගන්න රටේ සෑම පුරවැසියෙක්ම ජාතියක් ලෙස අප පෙළගස්සමු. මෙම අවකාශය නිසි ලෙස භාවිත කළොත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි විපර්යාසයක් වනු ඇත.
මොන මොන කතා කීවත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක මේ රට විනාශ කළා, එක්සත් ජාතික පක්ෂය සිංහල ජාතිය විනාශ කළා... මේ අයට කැමති එවුන් තවම ඉන්නවනේ.
මෙහිදී පළමුව ඉහළ අධ්‍යාපනයක් තිබෙන (අවම වශයෙන් පංති සාමාර්ථයක් සහිත උපාධියක් ඇති ) කෙනෙක් තෝරාගතයුතු අතර එවැනි අයකුට රටේ අනාගතය ගැන නිවැරදි දැක්මක්හා නිර්මාණශීලී හැකියාවක්ද තිබිය යුතුය. එවැනි කෙනෙකුට මිස වෙනත් කෙනෙකුට අපේක්ෂකත්වය දීමෙන් මෙරටට කිසිදිනක ගොඩ ඒමක් නැත. ගගේ ගසාගෙන යන කෙනා දිවි රැකගැනීමට තණකොල ගසේත් එල්ලෙනවා.නමුත් ගසාගෙනම යනවා. එ් නිසා තණකොල පඳුරක් සුදුසු නැහැ ශක්තිමත් ගහක් තෝරන්න.
වැඩකරන පන්තියට මොනවද මේ කට්ටිය කරලා තියෙන්නේ? අද මුළු රටේම තරුණයන් මෑන්පවර් කියලා ශ්‍රම සූරාකන ක්‍රමයට මේ දෙගොල්ලම අරගෙන ගිහින් තියෙන්නේ, අපිට අද අවශ්‍ය වැඩකරන පන්තිය නියෝජනයක්... නැත්නම් කම්කරු ප්‍රඥප්තිය සම්මත කරන නායකයෙක්... හැමදාම මේගොල්ලෝ කම්කරු පන්තියේ චන්දය අරන් හම්පුතලව පෝසත් කරන එක තම කරන්නේ. ජීවන වියදමට හරියන වැටුපක් පුද්ගලික සහ රාජ්‍ය අංශයට තියෙනවද?
පහුගිය දවස්වල 226 ම ගෙදර යවමු කියපු කට්ටියද කමෙන්ට් කරන්නේ ?
මේ මනුස්සයා ඉන්නකන් පක්ෂයටවත් රටටවත්, අපිටවත්, අපේ දරුවන්ටවත් කිසිම අනාගතයක් වත් වගතුවක්වත් නැහැ.
වාසුදේව සජිත්ට පාවෙන බුද්ධිමත් ඡන්ද ලැබෙන්නේ නැත. ඒ නිසා සජිත් දාලා බලන්න සජිත් පරාදවෙනවා. ගෝඨාභයට සජිත්ට වඩා පාවෙන ඡන්ද තියනවා. රනිල්ටත්, කරුටත්, ෆොන්සේකාටත්, පාඨලීටත්... සජිත්ට වඩා බුද්ධිමත් පාවෙන ඡන්ද ලැබෙනවා...
P. Ilangaratne දාලා බලන්න කරූ දිනනවා. සජිත් දැම්මොත් පරදිනවාමයි. තරුණයෝ කෙරෙහි විශ්වාස කරන්නේ පළපුරුදු නැති අය පමණයි. වැඩිහිටි පරිණත පළපුරුදු අය කෙරෙහි උගත් පළපුරුදු වැදගත් මිනිසුන් විශ්වාස කරනවා. තරුණයෝ හොඳ බර වැඩ කරන්න හා වේගවත් වැඩ කරන්න. බුද්ධිමත් තීන්දු තීරණ ගන්න වැඩිහිටියන් තමයි සුදුසුම. තරුණයන් ජේවීපියටයි. ඒකයි කවදාවත් ජේවීපියට දිනන්න බැරි. පේනවනේ විශ්ව විද්‍යාලයට ගිහින් තියන විදිහට ඉගෙනගන ඉවරවෙලා තනතුරු දරලා තමන් ඉගනගන්න කාලේ දුටු අපහසුතා මතු පරපුර වෙනුවෙන් පුර්ණ කරනවා වෙනුවට පොලිසියෙන් කදුළු ගෑස් කකා ඉල්ලීම් ඉල්ලනවා. පාර දිගේ වැඩකරන මිනිස්සුන්ට වැඩ නිමවා ගෙදර යන්නවත් බැහැ. ඒ තමයි ජව සම්පන්න වේගවත් පළපුරුදු නැති තරුණ තීන්දු තීරණ වල හැටි. රාජ්‍ය නායකයන් වයෝවෘද්ධ විය යුතුයි. රජකාලේ රජ්ජුරුවන්ගේ පුරෝහිතයන් ලෙස හිටියේ එවැනි සෘෂිවරු. වර්තමාන විශ්ව ගම්මානයේ රටක සජිත්ලා වගේ රාජ්‍ය නායකයින්ට තැනක් ඇත්තෙම නැහැ. රනිල් වගේ අය තමයි පිළිගන්නේ. බලන්නකෝ එක ටලිෆෝන් කෝල් එකෙන් ලෝකේ ඕනෑම නායකයෙක් හැසිරවිය හැකි ලංකාවේ ඉන්න එකම පුද්ගලයා රනිල්. සජිත්ට පුලුවන්ද? වැඩිහිටියන්ට ගරු නොකරන කාලයක් මතුවීගෙනයි එන්නේ...
මේක බුදුන් වහන්සේ දේශනා කල නිවන නොවෙයි බල කාමය නොහොත් බල ලෝභයයි. මෙය මුලාවකි.