(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු අද (19) පෙරවරුවේ දී ඓතිහාසික පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූහ.
එහිදී ඔවුහු සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ බැහැදැක ආශීර්වාද ලබාගත්හ.
මේ අතර ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැදපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්හ.
ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් තෙරුවන් වැදපුදා ගැනිමෙන් අනතුරුව වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් බැහැදැක ආශිර්වාදයද ලබා ගත්තේය.






(ඡායාරූප - නිමල් ජයරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඳිල්ලක්නේ මේක.., ජනාධිපති තරගෙට එනවා කියලා ජනතාව බලකරන්නේ නැහැනේ. දෙන්නගේම වයස අනුව ටික කාලයකට මහණ වී... හිත සුවපත් කරගන්න. කලින් බලයේ ඉන්නකොට කරපු හොර දූෂිත වැඩවලට. නඩුපිට නඩු බලන්න. කවදාවත් බුදු හිමියන් නරකයින්ට, බොරුකාරයින්ට, ආශිර්වාද කරන්නේ නැහැ. බලය ගන්න කම් ලංකාවේ පන්සල් වටේ යනවා. බලය ලැබුණු ගමන් තිරුපති තමන් හොඳ නම්, දෙවියොත් නමට වඳී.., සුදු අඳින බොහෝ දෙනාගේ යටිහිත නරකාදියක්..
කවුද දන්නේ නැහැ පාර පෙන්නුවේ. මිට කලින් මේ මහත්තයට පන්සල් වන්දනාවේ යන්න ඔය තරම් උනන්දුවක් තිබුන බවක් දැක්කේ නැති නිසයි අහන්න හිතුනේ. අයියනම් ඉතින් පටන් ගත්තෙම පන්සලෙන්නේ. ඒඋනාට වඳින එකට වැඩිය "වොයිස් කට්" දෙන එකටයි මුල් තැනක් ලැබුනේ. එ්කනේ යන යන හැම පන්සලකටම මාධ්‍ය කණ්ඩායමකුත් අරගෙන ගියේ. කවුද දන්නේ නැහැ මේ වතාවේ අන්දන්න හදන්නේ. " අපිනං තෙමෙයි වැස්සට " කීවලු.
මේ අයියා මලෝට කට්ටිය පිරිවරා ගන්නේ නැතිව පන්සල්වත් යන්න බැරිද? කවුද මේ ගොල්ලන්ට හිරිහැර කරන්න එන්නේ? ජනතාව විලාපදෙයි ඕනෑනම්.. අපි කාබාසිනියා කෙරුවා කියලා.. දෙමව්පියන්ට ඔයතරම් ආදරේ නම්, ඇමරිකාවේත් සොහොනක් හැදුවා නම් හරි.. නිවාස ඉදිරිපිටින්, කොහෙද ඉතින් නීති තදයිනේ.., ඇමරිකාව පුරවැසිකම තියෙන ඕනෑම කෙනෙකුට ඒ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. ඉගෙනීම තියෙන්න ඕනෑ. හොරකම, වංචාව, මිනීමරුම් මේ මුකුත් කරන්න බැහැ.. ජනතාව හිර ගෙදරට අරින්නේ.., ඒකට ලංකාවේ දුෂිතයින්ට ගිය රට, ජනතාවට, අධිකරණට ඇරියම, පිළිගත හැකි සාක්ෂි මදි කියලා, එළියට දමනවා. මේ දෙගොල්ලන් ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ..
මේ අයගේ ආගමික භක්තිය දෙස බැලුවාම දේශපාලනයට වඩා, පන්සලකම නතර වෙලා මහන වුවා නම් කොතරම් හොදද? මෙතරම් ආගමට දහමට පන්සල් වලට ගොස් වන්දනා මාන කරන අය දේශපාලනයට ආවේ මොනාටද මන්ද? පන්සලේම හිටියා නම් අපිටත් සතුටින් දානේ වේලක් ගිහින් දීලා, පිරිත් නුලක් අතේ බැඳගෙන එන්න තිබුනා.
මම දාන්න හිටපු කොමෙන්ට් ටික මේ අය දාල ඔබලා හරියටම හරි.
මෙයා මෙහෙම වඳිනවා දකිනකොට අර හිරගෙදර සිටි මංජු ශ්‍රී ඇතුළු රැඳවියන් 27 දෙනාට දඬුවම් දීලා කියලා කොහොම හිතන්නද?
වැලිකඩ වඳින්නේ කවදාද ?
මහා සාටක ඉන්නේ එක පින්තූරයක පමණයි නේද? අනෙක් පින්තූරවල පෙනෙන්නවත් නැහැ. ඔබ හිතනවද මහාරජා කැමති වෙනවද එයාව පින්තූරවල ඉස්මතු නොවී වෙන කෙනෙක් මෙහෙම ඉස්මතුකරලා පෙන්වන එකට? මහ සාටකට ජනපතිකමට ආශාවක් නැත ඒ ඔහුට දැරීමට නීතියෙන් ඉඩක් නැති නිසාය.. නමුත් ඔහුගේ ගෝල් එක හා ගිජුකම අගමැතිකම... ඒ තුළින් ගිලිහී ගිය ආධිපත්‍ය ඇඟට ආරුඨ කරගෙන මහරජා වගේ වැජඹෙන්නයි බලාපොරොත්තුව...
මේ ජෝඩුව දකින හැම වාරයක් ගානෙම මට මතක්වෙන්න සුභ සහ යස කතාවයි.