IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නාම යෝජනා පොරයෙන් මහ පක්ෂ දෙකම අර්බුදයේ

(අජන්ත කුමාර අගලකඩ) 

මහ මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී ප්‍රධාන දේශපාලන බලවේග දෙකම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. 


එක් එක් දිස්ත්‍රික්කවලින් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට අමතරව තවත් බොහෝ දෙනකු අපේක්ෂකත්වය බලාපොරොත්තු වීමත් සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර ද අපේක්ෂකයන් ගණන බෙදී යා යුතු වීමත් මෙම අර්බුදයට හේතුවී ඇති බව පැවසේ. 

 මෙයින් වඩාත් අපහසුතාවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බව ද දැනගන්නට ඇත. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය. ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වෙයි. 


මෙම තත්ත්වය නිසා ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලැබෙනු ඇතැයි දැනට ජනමාධ්‍යයේ නම් සඳහන්ව ඇති කිහිපදෙනකුටම නාමයෝජනා නොලැබෙනු ඇතැයිද දැනගන්නට ඇත.


එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් සමගි ජන බලවේගය යටතේ මැතිවරණයට තරග කරයි. 


 මේ තත්ත්වය තුළ ප්‍රධාන සන්ධාන දෙකම, හවුල්කාර පක්ෂවලට ද අපේක්ෂකයන් යම් ප්‍රමාණයක් වෙන්කළ යුතු බැවින් නාම යෝජනා ලැයිස්තු සකස් කිරීම දැඩි අසීරු වී ඇත. 

 



අදහස් (0)

නාම යෝජනා පොරයෙන් මහ පක්ෂ දෙකම අර්බුදයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site