IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහිකරයි

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ  රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී   අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී  විශේෂ වාට්ටුවකදී  දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.
 
 අනතුරුව  කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය .



අදහස් (43)

බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහිකරයි

de silva Saturday, 04 April 2020 05:13 AM

තමන්ගේ තම දරුවාගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ ජිවිත අනතුරේ දමමින් නටන නාඩගම් වල තේරුම කුමක්ද ?

:       10       473

RaveendraSaturday, 04 April 2020 06:54 AM

දීර්ග කාලින මරාගෙන මැරෙන ක්‍රම වේදයක් අනුගමනය කරනවද කියල අපට පමණද හිතෙන්නේ ..?

:       16       485

සාරසී Saturday, 04 April 2020 07:27 AM

මහ අපරාධ කාරයෝනේ..., අපරාදෙ අර ඉස්පිරිතාලෙ සේවය කරන සියලු දෙනා එයාලාගේ සේවය.... ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දානවා.

:       0       233

සඳුන් Saturday, 04 April 2020 05:21 AM

සහරාන්ගෙ බොම්බෙන් මැරුණ ගාන බෝම්බෙන් පස්සෙ ගනන් කලා. මේ මිනිස් බෝම්බ වලින් මැරෙන ගාන ගනන් කරකර ඉන්න වෙන්නෙ ඉස්සරහට. ඒ ජනවර්ගයේම වෛද්‍යවරුනි උගත් පූජකවරුනි කරුණාකර ඔබගේ ජනවර්ගයා දැනුවත් කරන්න. නිරෝධායන සැකසහිත පිරිස් සඳහා වෙනම වාට්ටු රෝහල්වල සකස්කොට තිබේ.

:       29       451

අබරන්Saturday, 04 April 2020 10:16 AM

මේ ජන වර්ගයේ උගත් දොස්තරලා හිටියත් උගත් පූජකයෝ ඉදීවි යැයි සිතීම හාස්‍යයක්.. ඒ වගේම උගත් දොස්තරලා හිටියත් බුද්ධිමත් මානුෂීය වශයෙන් හිතන දොස්තරලා අල්පයකුත් සිටින්නට පුළුවනි.

:       1       440

Anton Austria Saturday, 04 April 2020 05:38 AM

මේ වගේ අයට දඩුවම් දෙන්න නැත්නම් මේක හරියන්නේ නැහැ. ආත්මාර්තකාමි සමාජයක් ඇයි තවත් ලිහිල් කරන්නේ.

:       28       320

Senevirathne 8 Saturday, 04 April 2020 05:40 AM

අයියෝ මෙහෙම මෝඩ ගෑහැණු, කොහෙන් කෙලවර වේවිද? කොරෝන සටන පැත්තකට යාවිද?

:       5       207

Helen Saturday, 04 April 2020 05:43 AM

මේ අය රට පුරාම රතු කලාප හදයි වගේ.

:       0       146

රවින් Saturday, 04 April 2020 05:47 AM

මානව හිතවාදී මිනිසුනි " අවංක වෙන්න ". එය ඔබටද අනිකාටද යහපතක්ම වේවි.

:       0       148

darunu sith thawulata path lankikayek Saturday, 04 April 2020 05:50 AM

මේවට මොනවද තව මොනවද කියන්න තියෙන්නේ ? මේ ජන කොටස ලාංකිකයන් නොවෙයි ද. ඇයි මෙතරම් වගකීම් විරහිතව කටයුතු කරන්නේ. අනික් සියලු දෙනා මේ ආකාරයට වැඩ කලානම් දරුවා බිහිකිරීමට හෝ දොස්තර කෙනෙකු මොවුනට ඉතිරි නොවනු ඇත. මොවුන් ගේ සියලු දේපල රාජසන්තක කොට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. නැත්නම් මෙය නැවැත්විය නොහැකිය. ජනපති තුමනි, ඔබගේ අවදානයට.

:       0       384

Lanka de silva. Saturday, 04 April 2020 05:51 AM

මේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ. මේ රටම අනතුරක තියෙන වෙලාවක කිසිම වගකිමක් නොමැතිව කටයුතු කිරීමෙන් සිදුවන විනාශය කොපමනද. මේය බොම්බ බැදගෙන මරාගෙන මැරෙනවාට වඩා භයානක දෙයක්. මොවුන් ගේ අරමුනු මොනවාදැයි බුද්ධි අංශ වහා සොයාබැලිය යුතුයි. ජාතිවාදි දේශපාලුවෝ බොරදියේ මාලුබාන වෙලාවක් මෙය....

:       20       280

SL Saturday, 04 April 2020 05:53 AM

මේ අයට බෙහෙත් නොකර ඉන්න තියෙන්නේ මේ තරමට මෙහෙම වැඩ කරන්නේ තිරිසන්නු. දොස්ටතරලා ටික ඔක්කොම එකවර වලලයි වගේ.

:       1       240

Appuhami Saturday, 04 April 2020 06:04 AM

දැන් ඉතින් ආදාහනය කරනවා කියපු ගමන් ඔක්කොම බයේ හැංගිලා ඇති.

:       7       86

lalithm Saturday, 04 April 2020 06:07 AM

කණගාටුයි කියන්න අම්ම කෙනෙක් මෙහෙම කටයුතු කරන්න ඇත්තේ ස්වාමි පුරුෂයාගේ සහ තවත් අයගේ අනුදැනුම ඇතුවනේ. ඔවුන්ව අල්ලලා හිරේ දමන්න සංවිධානාත්මකව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමට විරුද්ධව. අසරණ රෝගීන් සහ කාර්ය මණ්ඩලය. මොන අපරාධයක්ද? මොනතරම් කිව්වත් මේ මිනිස්සු තම අනන්‍යතාවය පෙන්වනවා.

:       10       354

RaveendraSaturday, 04 April 2020 06:56 AM

ඔබගේ අදහස් නිවැරදිය... මෙවන් අයට දියයුත්තේ කෑලෑ නිතිය අනුගමනය කරන දඩුවම්ය.

:       13       194

චමින්ද Saturday, 04 April 2020 06:23 AM

ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් දෙන කාඩ්පත ගත්තේ නැද්ද. මේ කාලයේ එම කාඩ්පත නැත්නම් ජාතික හැදුනුම්පත හෝ නැත්නම් ග්‍රාම නිලධාරිගේ සහතිකයවත් ගෙනෙන ලෙස දැනුවත් කරන්න. මෙලෙස තමා පමණක් නොව සමස්ත සමාජයම අණතුරේ හෙලන මෙවැනි අයට උපරිම දඩුවමක් දෙන්න

:       0       223

RaveendraSaturday, 04 April 2020 07:05 AM

ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. මෙම අදහස් අදාළ නිලධාරීන්ට කියවීමට හැකිවේ යන්න අපගේ බලාපොරොත්තුවයි. මෙම අදහස්වලට විරුද්ධව කෙනෙකුට මෙසේද " අසනිපවුණු කෙනෙකු හෝ හදිසි අමාරුවකදී ඒ ඒ ලිපිලේකන, ග්‍රාමසේවක සහතික ලබාගෙන රෝහලට යනවිට ලෙඩා අනතුරේ වැටෙයි යනාධි වශයෙන් " සදහන් කල හැක නමුත් රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එය කල යුතුමය. මොකද දැන් වැඩිදෙනෙකු බබාලා ලෙස හැසිරෙන හැඩක් දැකිය හැකි නේද? මෙය දෙයියන් ලගට යන්න කෙටි ධාවන තරගයක දිර්ගකාලින සැලස්මක්වත්ද?

:       2       206

Nimal Saturday, 04 April 2020 06:39 AM

ඔහොම ගියොත් අපේ රටෙ එක වාට්ටුවක් වත් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට තේරෙයි කාට කාටත් තමන් කරපු දෙයක තරම... හැබැයි එතකොට ප‍්‍රමාද වැඩියි.

:       3       230

සංජීව Saturday, 04 April 2020 06:45 AM

මේ කාන්තාව කොහොමද මේ දැඩි අවදානම් රතු කලාපයෙන් පිටවුනේ? අපි රූපවාහිනියෙන් නම් දැක්කේ මේ කලාපයට ඇතුල්වෙන හැම පාරක්ම මුරකපොලු දාලා ආරක්ෂා කරලා තියෙනවානේ. මෙහෙම ඕන ඕන කෙනාට ඕනම වෙලාවක මේකෙන් පිටවෙන්න පුළුවන් නම් මොකක්ද මේකේ තේරුම? කලුතර දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය දාලා තියෙද්දී කොහොමද බේරුවල ඉඳලා නාගොඩට ආවේ? මේවට කවුද වගකියන්නේ? මේ මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ.

:       450       449

de silva Saturday, 04 April 2020 06:53 AM

මේ කරන කිසිම තේරුමක් නොමැති ගල් යුගයේ හැසිරීම නිසා ලෙඩ වෙලා මැරෙන්නේ මුලින්ම තමන්ගේම ජන කොට්ටාශයේ මිනිස්සු කියල සිතන්නේ නැත්තේ මොකද? කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ එක්දහස් නමසිය අසුගණන් අනුගණන් වල මේ ගොල්ල මෙහෙම නැහැ , මොවුන් ක්‍රමක්‍රමයෙන් ගල් යුගයට යන්න පටන්ගත්තේ 2000 පසුව, බුර්ක දමාගෙන අරාබි පන්නෙට හැඩගැසෙන්න පටන් ගත්තු නිසා..., මේකට වගකියන්න ඕනේ අන්තවාදි මුස්ලිම් දේශපාලකයෝ , ඔවුන් දේශපාලන වාසි ගන්න මෙම ජනකොටස සෙසු ජනයාගෙන් හුදකලා කරන්න කටයුතු කලා... , දැන් කලයුතු එකම දෙය , මේ විකාර බුර්ක වැනි ඇදුම් තහනම් කරලා , බුද්ධි අංශ ඉදිරියට මොවුන් පිළිබඳව විමසිල්ලෙන් ඉන්න ඕනේ , නැතිනම් වෙන්නේ සහරන් බෝම්බ , කොරෝන වැනි විනාශකාරී දේවල් නිසා මෙම ජනකොටසත් විනාශවෙලා රටත් විනාශ වෙන එක

:       16       387

Dilina Saturday, 04 April 2020 07:00 AM

එයාල නම් දිව්‍යලෝකෙ වත් යයි.... අපි.?

:       13       120

Soma dubayi Saturday, 04 April 2020 07:02 AM

ජාතිවාදී ප‍්‍රකාශ කිරීම රාජපක්ෂ බයියන්ගේ ගතියක්...

:       863       845

Anton AustriaSaturday, 04 April 2020 07:40 AM

සෝමා ඩුබායි, ඔයාගේ තාත්තා කවුද කියලා අම්මගෙන් අහන්න.

:       1185       455

සහරාන් Saturday, 04 April 2020 07:49 AM

ඇත්ත කියන්න , මනුස්සයා ජාතිවාදීයෙක් ද? ඔච්චරටම තරහ...

:       110       35

sisili bisili Saturday, 04 April 2020 07:12 AM

මේ ගැන කතා කරන කොට කියන්නේ ජාතිවාදය අවුස්සනව කියල. මේ කට්ටිය කාන්තාවන්ට වැඩිපුර ඉගෙන ගන්න දෙන්නෙත් නෑ . වැරැද්දක් උනාම ඉදිරියට ඇවිත් ඒක වැරදියි කියන්නෙත් නෑ . හැබැයි වචනයක් වැරදුනොත් රොතු පිටින් එනව ජාතිවාදය කියල.

:       42       292

Rasik Saturday, 04 April 2020 07:16 AM

දවසට එක වතාවක් මැරෙන රෝගීන් හදුනාගත්, එම පළාත් නිවෙදනය කළාම හොදට ඇති. වගකියන නිලධාරීන් දෙන්නෙක් හොදයි නේද? තියෙන හැම චැනල් එකටම යන්නේ නැතිව...

:       39       0

යාපා Saturday, 04 April 2020 07:39 AM

දේශප්‍රේමී මුස්ලිම් සහෝදරවරුනේ, ඔබලා ඉදිරියට එන්න. නැත්තන් අපිට ඔබලා සියල්ලන්ම වෙන්කරන්න සිදුවේවි...

:       1       162

ජයතිස්ස Saturday, 04 April 2020 07:40 AM

වැරදි තොරතුරු ලබා දී අනිත් අය මරණයට පත් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන මගින් මොවුන්ට කටයුතු කරන තුරු මෙම තත්ත්වය පාලනය කළ නොහැක.

:       8       105

Walter White Saturday, 04 April 2020 07:43 AM

ඒ මනුස්සයා එහෙම කල එකේ මට නම් පුදුමයක් නැහැ, මොකෝ මෙහෙ ඉන්නේ දුතෙර්තේ ෆෑන්ස්ලා, බැරි වෙලාවත් උන්ට අහු වුනොත් ගහනවා.

:       100       69

Anton AustriaSaturday, 04 April 2020 08:42 AM

සිංහලයෙක් නොවන සිංහලයෙක්...

:       1       20

Walter WhiteSunday, 05 April 2020 05:16 AM

හිතවත් ඇන්ටන් ඔස්ට්‍රියා මහතා වෙත, මම ශ්‍රී ලාංකිකයෙක්, අපේ මිනිස්සු මොනවා වුනත් කුලය අදිනවා, ජාතිය අදිනවා පාසල අදිනවා පක්ෂය අදිනවා, එහෙම කරලා අනිත් මිනිස්සුන්ට පුළුවන් තරම් පහර ගහනවා, මෙතන තියෙන අනිත් කොමන්ට් ඔක්කොම කියවන්න, හැම එකක් ම වගේ මුස්ලිම් උදවියට පහර ගහන්න ලියපුවා, මධ්‍යස්ත දැඩි ආගම් පිස්සෙක් නොවන මනුස්සයෙක් වුනත් මේ වගේ පහර ගැසීම් වලින් තව තවත් දුරස් වෙනවා මිසක් අපට ලංවෙන්නේ නැහැ. අර මනුස්සයා ගැන හිතන්න දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්, එහෙම වෙලාවක නිවැරදිව හිතන්න පුළුවන් කමක් බොහෝ දෙනාට නැහැ. මිනිස්සු පීඩනයට ලක්වුනාම හරි මෝඩ අමන දේවල් කරනවා, තර්කානුකූලව හිතන්නේ හරිම සුළු පිරිසක්. ඉතින් අනුන් ගැනත් ජාති අදින්නේ නැතිව මනුස්සකමින් අදහසක් කියන්න, මෙතන කවුරු හරි කිව්වද කමක් නෑ දුවේ අමාරු වෙලාවක් නේ, අපේ ඒවා අමතක කරමු, ඉක්මනට සුව වෙන්න කියල මනුස්ස කමට එක වචනයක් කිව්වද?

:       217       203

sudda Saturday, 04 April 2020 07:51 AM

රාජිතගේ බේරුවල....

:       161       173

Chan Saturday, 04 April 2020 08:18 AM

දැන් ඉතින් ආදාහනය කරනවා කියපු ගමන් ඔක්කොම මෙහෙම කලාට මොනදේ වෙලා මැරුණත් හොරෙන් වලලන්න බෑ... රටේ නීතියක් තියනවානෙ. පැහැදිලි හේතු නැතිව මැරෙන හැම කෙනෙක්ම කොරෝනා වලට ටෙස්ට් කලා නම් හරි. ප්‍රථිපල එනකම් මිනිය වලලන්න නොදී ගෙදර තියාගන්න කියන්න. එතකොට මොලේ පෑදෙයි.

:       13       41

beau Saturday, 04 April 2020 08:41 AM

මුස්ලිම් අය විශ්වාස කරන්න බැරිය මේ විදිහට....

:       0       57

Gayan Saturday, 04 April 2020 09:07 AM

රටේ බහුතර සිංහල මතය සත්‍යයක් බව දැන් තවත් පැහැදිලිව පේනව නේද? මුස්ලිම් අන්තවාදය මුළු ලොවටම තර්ජනයක්. ඉක්මන් දැඩි පියවරක් නොගත හොත් මුළු රටම විශාල අනතුරක...

:       101       265

nimali Saturday, 04 April 2020 09:19 AM

මැය සෝමා ඩුබායිගේ දුවද? උතුම් මවු පදවියටත් කැළලක් මැයගේ හැසිරීම. මැයට උපරිම දඩුවම් දියයුතුයි. මින්මතු මෙවැනි අලජ්ජ වැඩ නොකරන්නම... සෝමා ඩුබායි ඔහේ ගැහැනියක්ද ? ප්‍රශ්නය ට උත්තරේ හොයන්නේ නැතිව වෙන වටයක් කරකවන්නේ..

:       164       120

de silva Saturday, 04 April 2020 09:25 AM

දශක ගණනවක් ලංකාවේ අනිකුත් ආගම අදහන්න සමග සහයෝගයෙන් කටයුතු කල පිරිසක් ජතිවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ මගපෙන්වම මත රටේ සවුක්ය නීති අමුඅමුවේ උල්ලංගනය කරමි භයානක රෝග තම ගම්මානය තුල පතුරමින් අසල්වැසියාගේ ජිවිත අවධානම් තත්වයට පත්කරන්කොට ඔවුන්ට යහමගට පැමිණෙන ලෙස උපදෙස් දී අදහස් දැක්වීම ජාතිවාදය නොවේ.

:       0       51

Chandrasiri Saturday, 04 April 2020 09:43 AM

මෙය සැළසුම් සහගතව කරන ආගමික අන්තවාදී දේශපාලනයකි. කොරෝනා මෙවර ඔවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බයයි.

:       91       101

LALITH Saturday, 04 April 2020 10:29 AM

ඇයගේ නිවස රතුකලපයේ තිබුනත් කොරෝන ආරම්බයේ සිටම ඇය සිට ඇත්තේ මවගේ නිවසේ , ඇය දී තිබුනෙත් මවගේ ගෙදර ලිපිනය. අනික ඇයට කොරෝන සම්බන්ද කිසිම ඉගියක් තිබී නැහැ.

:       0       36

isurandi Saturday, 04 April 2020 10:33 AM

ගැබිණි මාතාවකට ලැබෙන වරප්‍රසාද මේ පුද්ගලයාටත් ලැබෙනවනේ. එහෙව් එකේ මොකටද මේ බොරු කරන්නේ . මටනම් පෙන්නේ වෙන යටි අදහසක් මේ පුද්ගලයන්ගේ ඇතුලාන්තයේ වැඩ කරන්නේ

:       0       2

wije Saturday, 04 April 2020 04:17 PM

මෙතන තියන විදියට අද (04) තමයි රෝහලට ඇතුළුවෙලා තියෙන්නේ. නමුත් අපි මාධ්‍ය වලින් දැක්කේ දැනට දින කීපයකට කලින් මේ ගම සම්පුර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ කියලා. ඇත්තටම එහෙම ගම වහලා දැම්මා නම් කොහොමද මේ ගැනු කෙනා ගමෙන් එලියට ආවේ කියන එක හොදින් හොයලා බලන්න ඕනෑ. අදිරිනිති කඩපු කට්ටිය 12000 කට වැඩිය අත්අඩංගුවට ගත්තා කියලා මාධ්‍යවල නම් කියනවා. මෙයාලට එම නීති අදාල නැත්ද? 1990 ගිලන් රථයකට කතාකරලා ආවානම් මෙයාට බොරු ලිපින දෙන්න බැහැනේ. ගිලන්රථය මෙයාගේ ගෙදරට ගිහින්නේ මෙයාව එක්කගෙන එන්න ඇත්තේ. කාගේ හරි උදවුවෙන් හරි වෙනත් කුමක් හෝ හොර ක්‍රමයකින් හොර පාරකින් මෙයා ගමෙන් එලියට ආවා නම් තත්වය ඉතාමත්ම බරපතලයි.... මොකද ඒ විදියටම තව කි දෙනෙක් මේ ගමෙන් එලියට ආවද කියලා කවුද දන්නේ...? අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි , හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි වගකිවයුතු සියලුම නිලධාරී මහත්ම මහත්මිනී, මේ පිලිබදව විධිමත් පරීක්ෂණයක් ඉතා ඉක්මනින්ම කරන්න. එහෙම නොවුනොත් මේ රට කිසිම විදියකින් කාටවත්ම ගොඩගන්න බැරි තරමටම විනාශ වෙලා යාවි....

:       0       8

de silva Sunday, 05 April 2020 03:17 AM

මේ කාර්ඩ් එකේ ප්‍රශ්නය රෝහල් සේවිකාව හදුනා ගත්තේ නැතිනම් , මේ කාන්තාවට කොරෝනා කියලා දැනගත්ත ගමන්ම අනිවර්යයෙන් දර්ගා ටවුමම මේ කාන්තාවගේ නිවාස පිහිටලා තිබෙන ගම වගේ වහලා දමලා නිරෝධනය කිරීමට සිදු වෙනවා , එතකොට මුළු දර්ගා ටවුම්මේම වැසියන් නිකරුනේ අපහසුතාවයට පත්වෙනවා .

:       0       1

wije Sunday, 05 April 2020 05:53 AM

ලලිත් කියන විදියට කොරෝනා ආරම්භයේ සිටම මෙයා මවගේ නිවසේ සිටියානම් මෙයා දීලා තියෙන්නේ මවගේ නිවසේ ලිපිනය නම් මෙයා ඉදලා තියෙන්නේ දර්ගාා නගරයේ. එහෙමනම් මුළු දර්ගාා නගරයම පරික්ෂා කරලා බලන්න ඕනා නේද ? විශේෂයෙන්ම මෙයාගේ මවගේ නිවසේ අයවත් එහි ඉන්න අසල්වැසි අයවත් නිරෝදායනය කරන්න වෙනවා නේද? සමහරවිට දර්ගා නගරයත් වහන්න වේවි නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site