හොර පාරෙන් ගෙනා දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු
රුපියල් තිස් හය ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .