(සුජිත් හේවාජුලිගේ)
කටුගම්පළ හා ගල්ගමුව ආසන සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22) පත්වීම් ලැබූහ.
කටුගම්පළ ආසනයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් වීරවර්ධන මහතාද ගල්ගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ගිරිබාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.ඩී ගුණරත්න මහතාද මෙසේ පත් කරනු ලැබ සිටිති.
ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
මනුෂ්‍යයින්ගේ පෙනුමෙන් ඔවුන්ගේ තරාතිරම කුමක් ද කියා කිව නොහැකියි. නමුත් මොවුන් දෙදෙනාම මන්ත්‍රී ධුර සඳහා ගෙලපෙයිද කියා තෝරාදීමට දෙවියන්ටම බාර කරමු.
ඡන්දෙට කලින්ම පැරදිලා වගෙයි.
මොනවා කළත් ඇඩ්රස් නැහැ..
ඉල්ලගෙන කන්න වගේ හදන්නේ !
බෝඩ් ලැලී සංවිධායකලා තමයි ඉතින්. ගමවල් වල බලන්න පොහොට්ටු මන්ත්‍රලා බෝහොමයක් ක්‍රියාශිලිව වැඩ කරන හැටි. වැඩ නොකර නම් මොන පට්ටම් දුන්නත් ඊලග මැතිවරණයකදි තුන්වෙනි තැනත් රැකගන්න බැරි වෙවි.
කව්රු කාව කොතැනට දැම්මත් ඡන්දෙ දෙන්නේ ජනතාව. ඒක මතක තියාගෙන වැඩ කරන්න.
වැඩක් නැහැ.. වැඩක් නැහැ..!!! ඔය මිනිස්සු හොඳයි ගොරවනකොට එළියට දාන්න..!