IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජල බිල වැඩි වන ලකුණු‘

(විනීතා එම් ගමගේ)
 
ළඟදීම  ජල බිල්පත්  වැඩි කරන බවත් එය වැඩියෙන් ජලය පාවිච්චි කරන්නන් වෙනුවෙන් පමණක් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.
 

සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර හයේ දීම ජල බිල වැඩි කර නැතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
 
ජලය ඒකක 15 ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 15 ට සහන මිලක් ද ඊට වැඩිවන ප‍්‍රමාණයට ඉහළ මිලක් ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයි ද නානායක්කාර මහතා කියා සිටියේය.
 
එහෙත් ජල ඒකක 15 ක් දක්වා දැනට පවතින සහන මිල දිගටම පවතිනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

දැනට පවතින ප‍්‍රශ්නය ලෙස තමන් දකින්නේ සුළු පිරිසක් අසීමිත ප‍්‍රමාණයක්  ජලය පාවිච්චි කරද්දි විශාල පිරිසකට සුළු ප‍්‍රමාණයක් ජලය භාවිතා කිරීමට සිදුවීම  යැයි ද ඔහු පැවැසීය. 
 
 උතුර, උතුරු මැද, නැගෙනහිර ඇතුළු වකුගඩු රෝගය ව්‍යාප්ත වී පවතින පලාත්වල ජල සම්පාදන ව්‍යාපෘති වලින් ජලය ලබානොදෙන නිවාසවලට කුඩා ජල පෙරනය (ෆිල්ටර්)  බැගින් ලබා දීමට රජය පියවර ගන්නා බව ද ජල සම්පාදන ව්‍යාපෘති නොමැති ප‍්‍රදේශ සියල්ලට නළ ජලය ලබාදීමේ වැඩපිලිවෙල දීර්ඝ කාලීන එකක් බැවින් කඩිනම් වැඩපිළිවෙලක් ලෙස මෙම ෆිල්ටර් බෙදා දීම සිදුකරන බව ද හෙතෙම  කියාසිටියේය.

මේ සදහා ෆිල්ටර් අවශ්‍ය වන පවුල් සංඛ්‍යාව ගණන් ගැනීම සිදුකරන ලෙස අදාල අංශවෙත දැනටමත් උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මේ අතර වෙළද පොලේ පවතින පානීය ජල බෝතල් කුමන ප‍්‍රමිතියක පවත්වා ගත යුතු ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි  තමන් යෝජනා කළ බව ද ඇමතිවරයා තව දුරටත් කීය.

මෙම මාධ්‍ය හමුවට මහජන ජනතා කොන්ග‍්‍රස් පක්ෂයේ නායක  ප‍්‍රභා ගනේෂන් මහතා ද සහභාගී වූ අතර ඔහු කියා සිටියේ වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන්නියේ ජනතාව වෙනුවෙන් කරගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති සදහා තමන් කැපවී සහය දෙන බවය.

මේ වනවිටත් වන්නියේ ජනතාව රුපියල් තුනක් බැගින් ගෙවා පානීය ජලය ලබාගන්නා බවත් පවුල් දෙලක්ෂයකට ආසන්න පිරිසක් උතුරේ පමණක් පානීය ජල ප‍්‍රශ්නයට විස`දුම් නැතිව සිටින බවත් පැවසූ ගනේෂන් මහතා ඔවුන් වෙනුවෙන් ජලය ලබාදී අවසන් වනතුරුම රාජ්‍ය අමාත්‍යවරයාට සහය දෙන බව ද කියා සිටියේය.     
 
 
 



අදහස් (16)

‘ජල බිල වැඩි වන ලකුණු‘

lalithm Thursday, 05 December 2019 11:18 AM

අඩු කළ බදු . කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.

:       21       430

Wids Thursday, 05 December 2019 11:23 AM

දැනට පවතින ප‍්‍රශ්නය ලෙස තමන් දකින්නේ සුළු පිරිසක් අසීමිත ප‍්‍රමාණයක් ජලය පාවිච්චි කරද්දි විශාල පිරිසකට සුළු ප‍්‍රමාණයක් ජලය භාවිතා කිරීමට සිදුවීම යැයි ද ඔහු පැවැසීය." තමුන්ලා පාර්ලිමේන්තුවට වෙලා කරන්නෙත් ඕකම තමයි.

:       0       397

රවින් Thursday, 05 December 2019 11:23 AM

ඉස්සෙල්ලාම කියන්න බලන්න මේ යෝජනා කරන කාර්යයන් කරන්න කොච්චර කල් යයිද කියලා? දෙවනුව කියන්නකෝ ඔය තනතුර කොච්චර කාලෙකටද කියලා? තුන්වෙනුව කියන්න යෝජනා හදිස්සියේ ක්‍රියාත්මක කිරීමේදී කමිෂන් එක කොච්චර විතරද කියලා. හැබැයි කුණුහරුපෙන් නොවේ.

:       1       316

kamal Thursday, 05 December 2019 11:37 AM

අාපෝ මෙයාගේ කට තිබ්බට ඔලුවක් නැත.

:       0       305

mhinda Thursday, 05 December 2019 11:57 AM

ඔය මඩ හෝදන්න ආණ්ඩුවෙන් මේ ගොල්ලන්ට කොච්චර ජලය දෙනවා ඇත්ද අපේ ගානේ...

:       0       152

Nihal Thursday, 05 December 2019 12:17 PM

ඔන්න ජල භීතිකාව, ඉදිරියට තව භීතිකා එන්න තියෙනවා !

:       0       442

Mahee Thursday, 05 December 2019 12:49 PM

1. සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර හයේ දීම ජල බිල වැඩිකර නැතැයිද... 2. ජලය ඒකක 15ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 15ට සහන මිලක් ද ඊට වැඩිවන ප‍්‍රමාණයට ඉහළ මිලක්ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයිද... මහත්වරුනි පොඩ්ඩක් හිතලා බලන්න. මේ හාදය මේ කියන්නේ යු.අන්.පී. එකෙනුත් මෙතෙක් දීලා තිබුණා අඩුගාස්තු ප්‍රමාණය මේ ආණ්ඩුවෙන් වැඩිකරන්න යන බව නේද? වයස හින්දා කට වැරදුණාද නැත්නම් මේ ඇත්තමද? මේක ඇත්තම නම් යූ.එන්.පී. ආණ්ඩුව මීට වඩා හොඳයිනේ...

:       11       465

Paribhogikaya Thursday, 05 December 2019 12:54 PM

ඇමතිතුමා, ඔබතුමා නොදන්නවට අපි දැනුත් බිල ගෙවන්නේ ඒකක 15 ට වැඩි නම් මුළු ඒකක ගණනටම වැඩි මිලකට තමයි. අනේ අනිච්චන්.

:       12       162

Paribhogikaya Thursday, 05 December 2019 12:57 PM

'පසු ගිය අවුරුදු 6 ටම මිල වැඩි කොට නැත'. ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව තමන්ගේ මුළු කාලයේම වැඩි නොකළ නිසා ඔන්න අපි ආපු ගමන් වැඩි කලා කියලද ?

:       3       265

ajith Thursday, 05 December 2019 01:06 PM

ඉකුත් වසර හයේදීම ජල බිල වැඩි කරලා නැති නිසාද මේ මිල වැඩි කරන්නේ? යහපාලන රජය නේද පසුගිය අවුරුදු හතර හමාරක්ම රට පාලනය කලේ. එහෙමනම් ඔයාලට වඩා එම ආණ්ඩුව ජනතාවට සහනයක්නේ දීලා තියෙන්නේ. පුදනකොටම කාපි යකා කියලා මෙහෙම ජල බිල වැඩි කරන්න ලැජ්ජා නැද්ද හැබැට?

:       6       370

amilaFriday, 06 December 2019 07:05 AM

මේ අයට කොහෙද ලැජ්ජාව කියලා දෙයක් ?

:       0       1

saliya Thursday, 05 December 2019 01:49 PM

ඒකක ගණන වැඩි වන්නේ නිවැසියන් ගණන වැඩි වූ විටය. වැඩිහිටියන් කිහිප දෙනෙක් බලාගන්නා පවුල් වල වැඩි ජල පරිභෝජනයකි. එමෙන්ම දරුවන් කිහිප දෙනෙක්ද සිටී නම් තවත් වැඩිවේ. කුඩා පවුල්වලට පමණක් අඩු මිලකට දීම බලවත් අසාධාරණයකි. මෙය ඒකාකාර ලෙස සංශෝධනය විය යුතුයි. නැත්නම් නිවැසියන් ගණන සලකා බැලිය යුතුයි.

:       4       175

සංජීව Thursday, 05 December 2019 02:26 PM

ඔන්න පොරොන්දු වෙච්ච සහන මල්ලෙන් පළමුවෙනි සහනය දෙන්න යන්නේ... තව පැමිණීමට නියමිතයි. ජනතාවට ඉතින් කුම්බලාවන් කෑවානම් විඳවපන් බළලෝ වගේ ඉන්න තමයි වෙන්නේ.... ආ නෑවේ නැතිවුණාට කමක් නෑ ජීවත් වෙන්න රටක් තියෙනවනේ නේද?

:       13       221

විමුක්ති Friday, 06 December 2019 04:08 AM

ඇමතිතුමෝ පුළුවන් නම් හොයලා බලලා ඕක අර 69ට විතරක් වැඩි කරන්න. ඒගොල්ලොනේ ඔබතුමාලට ඕනම දෙයක් කරන්න ඡන්දෙ දුන්නේ.

:       0       1

athura Friday, 06 December 2019 04:22 AM

ආණ්ඩුව මොනවා හරි කලා කිව්වම උඩ පැනගෙන අදහස් දාන විමල් රජින්ද ශාන් බමුණු කෝ හැංගිලාද.

:       0       3

gunda Friday, 06 December 2019 04:58 PM

වාසුදේව මයා, 'පුදනකොටම කාපි යකා' කීවා වගේ ඇමතිකම ලැබුණු ගමන්ම වතුර බිලට කෙළවන්නේ නැතිව ජල සම්පාදන මණ්ඩලයේ සිදු කරන වංචාවල් නතර කරන්නට වැඩ කරන්න. පහුගිය කාලයේ හකීම් කරපු හොර වැඩ නිසා සිදුවුණු පාඩුව මහජනතාව පිට පටවන්න හදන්නේ, ඔබ සමාජවාදියෙක් නේද? අවුරුදු හයකින් වතුර බිල වැඩිකළේ නෑ කියලා බෙරිහන් දෙන්නේ ඇයි...? බිල් වැඩිකිරීම අනිවාර්යයද? ඔය වැඩි කිරීමටත් නීති හදාගත්තේ ඉන්දික මහත්තයා වතුර ඇමති කාලේ නේද? මහින්ද මහත්තයාගේ අාණ්ඩුවේදී නේද? දැන් ආණ්ඩුව ගෝඨාභය ජනාධිපතිතුමාගේ. එතුමාට එතුමාගේ දර්ශනය අනුව රට කරන්න දීලා ඔය ගොල්ලන් ටිකක් හෙමින් යන්න. මේ රට රටක් හැටියට ගොඩනැංවීමට එතුමාට ඉඩ දෙන්න. මතක තබා ගන්න අවුරුදු 50 කින් බඩුමිල වැඩි නොකර පවත්වාගෙන ගිය රටවල් ලෝක ඉතිහාසයේ තිබෙන බව... තව බොහෝ දේවල් පසුව කියන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 392 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 392 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 469 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2341 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site