IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු

(*** මාවනැල්ල විශේෂ පී. ශාන්ත බණ්ඩාර)

බීමත්ව රිය පැදවීමේ වරදකට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (16) වරදකරු කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු උදේ 11.30 ට පමණ රුපියල් 25,000 ක දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත රිය පැදවීමේ වරදට එදිනම ප.ව. 2.00 ට පමණ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.

දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් තවත් පුද්ගලයකු හා කාන්තාවක් සමග අවන්හලකට ගොස් ඇති එම ව්‍යාපාරිකයා එහිදී මත්පැන් පානය කර වාහනය පදවාගෙන යාමේ දී උතුවන්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

අපරික්ෂාකාරීව රිය පදවන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම වාහනය නතර කිරීමට උත්සාහ ගත්ත ද බීමත් රියැදුරා අවස්ථා දෙකකදීම පොලිස් නිලධාරීන්ගේ ඇඟට වාහනය කපා පළා යෑමට උත්සාහ ගත් බව ද පොලිසිය කියයි.

ඉන්පසුව උතුවන්කන්ද ප්‍රදේශයේ දී වාහන හරස්කර මාර්ගය අවහිර කර ඔහු සහ ඔහු සමග ගිය අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.

අධිකරණය මුල් වතාවේ දී බීමත්ව රිය පැදවූ එම ව්‍යාපාරිකයාට දඩ මුදල නියම කර රියැදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවා තිබිණි.

එම ව්‍යාපාරිකයා අධිකරණ භූමියෙන් පිටතට ගොස් ඇත්තේ පෙරවරු 11.30 ට පමණ වන අතර නැවත පොලිසියට හසුවන විට දහවල් 2.00 පමණ වී තිබුණු බව ද පොලිසිය කියයි.

පසුව ඔහු ශ්වසන පරීක්ෂාවකට ලක්කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාවනැල්ල රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

මෙම රියදුරු සමග ගිය අනෙක් තැනැත්තා ද බීමත්ව සිටි නිසා ඔහු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාව නිදහස් කර ඇත.

අණ නොතකා අපරික්ෂාකාරීව ධාවනය කිරීම, බීමත්ව රිය පැදවීම, මිනිස් ජීවිතවලට හා දේපළවලට හානි සිදු කිරීමට තැත් කිරීම යන කරුණු යටතේ රියැදුරු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. රත්නායක සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ආර්. ලක්මාල් යන මහත්වරු බීමත් රියැදුරා අත්අඩංගුවට ගත්හ.

 



අදහස් (4)

සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු

Bamunuarachchi Friday, 18 September 2020 12:36 PM

සමර එයාට සිහි බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ දෙකක් දැම්මම. නැතිනම් අත් වෙව්ලන්න පටන් ගන්නවා. මමත් දෙකක් දැම්මාම හොඳට පරික්ෂාකාරී වෙනවා.

:       400       412

BamunuarachchiSaturday, 19 September 2020 01:41 AM

දෙකක් තියා එකක්වත් නොදැම්ම මිනිස්සු ඩිස්ලයික් දාලා.

:       51       2

Peter Saturday, 19 September 2020 02:33 AM

මතට ඇබ්බැහි වීම බෙහෙත් ගත යුතු ලෙඩක්. එ්කෙන් ගැලවීමට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. වහාම දොස්තර කෙනෙක් ළඟට එක්කන් යන්න.

:       0       0

ජගා Sunday, 20 September 2020 01:30 AM

එතකොට රියදුරු බලපත්‍රයක් නැතිවට නඩු නැද්ද? බලපත්‍රය අහෝසි කරලනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 660 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 843 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 364 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site